(ජේ.කේ.එල් චාමින්ද)
රත්ගම දේවිනිගොඩ මුහුදු තිරයේ දිය නෑමට ගිය පුද්ගලයකු රළ පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලිමෙන් මියගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි.
මොහු තවත් මිතුරෙකු සමඟ දිය නෑමට ගොස් ඇති අතර දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇති බවද පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කේ.චමිල කුමාර (28) නැමති කටුදම්පේ දොඩන්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු කොළඹ නගරයේ රැකියාවක් කරන අයෙකි.
රළ පහරට හසුවී ගසාගෙන යමින් සිටියදී මිතුරා විසින් මොහු ගොඩට රැගෙන විත් ඇති අතර ඒ වන විටත් මොහු මියගොස් සිටි බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd