ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘හුස්ම හිරවන’ බවට බියක් තමන්ට ඇති වී ඇතැයි එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අමානුෂික හා කෲර මරණය සම්බන්ධයෙන් මමත් ලාරාත් මහත් සංවේගයට පත්වුණා’’ යැයි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිකුත් කළ නිවේදනයේ දැක්විණි. ලාරා බුෂ් යනු ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ බිරිඳ ය.
‘‘ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සිදු වූ අසාධාරණය අප හද කම්පා කරනවා. අපේ රටේ හුස්ම හිරවෙනවා කියලා මට බයක් දැනෙනවා’’ ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපති බුෂ් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් නොකළ නමුත් අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන් ඉලක්ක කරගනිමින් සිදුවන තර්ජන සහ හිරිහැර ‘‘දැවැන්ත අසමත්කමක්’’ යැයි පෙන්වාදුන්නේය.
විරෝධතාකරුවන් වඩාත් යහපත් අනාගතයක් වෙනුවෙන් පාගමනේ යද්දි ඔවුන් ආරක්ෂා කිරීම නීතිය ක්‍රියාත්මක කරවන්නන්ගේ වගකීමක්. විරෝධතාකරුවන්ගේ හඬ නිහඬ කරන්න උත්සාහ කරන අය ඇමෙරිකාවේ හෝ ඇමෙරිකාව වඩාත් හොඳ තැනක් වීමේ අරුත දන්නේ නැහැ. ඔවුන්ට එය තේරෙන්නේ නැහැ’’ යැයි ද ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වැඩිදුරටත් සඳහන් කළේය.
අල්ජසීරා
055

COMMENTS
බුෂ් ඉරාකයේ මිනිසුන්ගේ "හුස්ම විතරක් නොවේ, සමාජය, ආර්ථිකය, සංස්කෘතිය ඇතුළු සියලු දේ හුස්ම හිර කෙරුවා" ඒ වාගේම හුසේයින් ඔබාමා, මුළු ලිබියාවේම "සමාජය, ආර්ථිකය, සංස්කෘතිය ඇතුළු සියලු දේ හුස්ම හිර කෙරුවා"
ඇත්තද ඈ !! එතකොට ගල් පැලෙන බොරු කියලා ඉරාකේ මිනිස්සු මරණකොට බියක් දැනුනේම නැද්ද..?
ඔව්, ඉරාකය, සිරියාව, ලිබියාව විනාශ කරනකොට ඒ මිනිස්සුන්ගේ සම්පත් කොල්ල කනකොට ඔය මර බිය දැනුනේ නැද්ද?
ට්‍රම්ප් ගියෙත් බුෂ්ගේ පාරේ...
කුමාර් ලියපු එක හරියටම හරි.. ඇමරිකාවේ භයානක රාජ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. එහි හසුරවන්නේ සී.අයි.ඒ. එක මගින්... වර්තමාන මේ වසර අග එළඹෙන ජනපතිවරණයෙන් දේශීය සුදු ජාතික ඇමරිකානුවන්ගේ ආදරයට පත් ට්‍රම්ප් ව එළවීමට සී.අයි.ඒ. සංවිධානයට සහ හිලරි ඇතුළු නඩයට මේක නියම අවස්ථාවක්. ඔබ ජාත්‍යන්තර ප්‍රවුර්ති බලන්න.. වාමාංශිකයින්ගේ සහාය ලබන ඇන්ටිෆා නම් වූ සංවිධානයක් තමයි ඔය සාමකාමී පා ගමන් අතරතුර ඊට මුවාවෙලා කඩ සාප්පු කොල්ල කන්නේ.., වාහන ගිනි තියන්නේ... මෙය දේශපාලන උගුලක්...!!!
ඒ දෙන්නම ඉන්න කාලේ... ඇමෙරිකන් කට්ටිය නිදහසේ හුස්ම ගත්තා...
ලෝකේ නිදහස්ව තිබූ රටවලට ඔබ කළ හානියට ‘හුස්ම හිරවන’ නොවෙයි හිරකරවන තත්වයට ආවත් අපි කණගාටු වෙන්නේ නැත. ඔබට එසේ විය යුතුයි..
ඔබාමා,බුෂ් ,හිලරි ,කියන්නේ ලංකාවේ රනිල් චන්ද්‍රිකා මංගල ට සමාන සෙට් එකක්... මෙලෝ රහක් නැති මීඩියා වලින් පුම්බපු සෙට් එකක්... තමන්ගේ ජාතියට වඩා පිට අය ලොකු කරන් ඉන්න සෙට් එකක්..එක නිසා තමා ඇමරිකන් මිනිස්සු ට්‍රම්ප් ට ඡන්දෙ දුන්නේ..
අපිට දැනෙන්නේ ලෝකයේ බොහෝ රටවලට හුස්ම ගන්න ඉඩ ප්‍රස්ථා ලැබෙන හැඩක් පෙන්වන බවයි.
ලෝකයේ සිටි එකාධිපතියෝ දන ගැස්සුවේ ඇමරිකාව තමයි. කවුරු කෙසේ සිතුවත් එය එසේ විය යුතුයි. ඒකාධිපතියන් මර්ධන ක්‍රියාව මේ වනතෙක්ම ඇමරිකාවට ආශිර්වාදයක් වුවා. අවාසනාවට, ජාතිවාදය ඉස්මතුකරමින් බලයට පැමිණි වර්තමාන ජනාධිපති ට්‍රම්ප් මහත්මයා ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරන්න පටන් ගත්තා. ඉතින් අර පෙර තිබු ආශිර්වාදයම පෙරලා ශාපයක් වෙන එක අහන්නත් දෙයක්ද? පළමුව ඇමරිකානුවන් හා ඇමරිකාව ලෝකයේ බලවත්ම රට ලෙස කයිවාරු ගැසූ නායකයා අද ඇමරිකාවෙන් බිහිවූ අසාර්ථකම හා දුර්වලම පාලකයා වෙලා. ඔහු එදා අවුලවපු ජාතිවාදී ගින්නෙන් අද ඔහුවම පිලිස්සෙන්න පටන් අරගෙන. .
තමන්ගේ රටේ ප්‍රශ්න ටික විසඳා ගන්න බැරි වූ මේ ඇමරිකන් ජනාධිපති වරුන් වෙනත් රටවල සිදුවන සුළු ප්‍රශ්න ගැන මහා ඉහලින් කතාකරමින් එම රටවල් වල මානව හිමිකම් කඩවීම් ගැන උනන්දුවන අපූරුව..
අනේ මගේ කට කිව්වලු... එතකොට මම සුදනනේ...
අපි ඉන්න පැත්තේ විරෝධතා පෙළපාලි තිබුනට කොල්ල කෑමක් තිබුනේ නැහැ. මැදපෙරදිග ගැන සෑමදෙනාම ඇමෙරිකාවට බනිනවා. කවුරුවත් මේ සියල්ලටම මුල්වුන සදාම් හුසේන් කුවේට් ආක්‍රමණය කල එක ගැන කතා කරන්න කැමති නැහැ. සදාම් හුසේන් පලවා හරින්න ගිහිල්ල තමයි ඇමෙරිකාවට නැවත වරක් වියෙට්නාම පරාජයෙන් පසු ශක්තිය ලැබුනෙ. කුවේට් යුද්ධයට සම්පුර්ණ වියදම දැරුවෙ සෞදියයි ඒ අසල අරාබි නායකයොයි. ඉරාකේ තුල යුද්ධයට යන්න බොරු තොරතුරු ගෙතුවේ බ්‍රිතාන්‍යයේ අගමැති ටෝනි බ්ලෙයා. ලංකාවේ ඉන්න අය මොනතරම් බැන්නත් ලංකාවේ නිෂ්පාදන බොහොමයක් අලෙවිකරන්නෙ අමෙරිකාවටයි. ලංකාවේ පොලිසියෙන් අත්අඩංගුවට ගත් අය මරන්නේ ඉතාම රහසිගතව. වීඩියෝ කලොත් එක කලකෙනත් පරලොව යනවා.