(නාලක සංජීව දහනායක)
රජයේ විධායක නිලධාරීන්ට ලබන ජනවාරි පළමුවැනිදා සිට රුපියල් 15,000ක විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට ඊයේ (8) පැවැසීය.
මීට අදාළ චක්‍රලේඛය ලබන සතියේදී නිකුත් කරන බව ද ලේකම්වරයා කීය.
රුපියල් 15,000 දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් විධායක නිලධාරීන් පසුගිය රජය සමයේදී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වූ අතර ඒ සම්බන්ධයෙන් සලකා බැලූ එම රජය විධායක නිලධාරීන්ට මෙම දීමනාව ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන තිබිණ.
ඒ අනුව රජයේ විධායක නිලධාරීන් සඳහා රුපියල් පහළොස් දහසක දීමනාව ලබාදීමට තීරණය කළ බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම දේවල් රජයේ අයට විතරයි. එතකොට රටේ ජීවත් විය යුත්තේ රජයේ සේවකයෝ විතරයි?
එතකොට කන්නේ බොන්නේ විධායක නිලධාරීන් විතරද එහෙම නැත්නම් අනිත් රජයේ නිලධාරීන් සේවය කරන්නේ නැද්ද විධායක නිලධාරීන් විතරද සේවය කරන්නේ ගොනුවක සියල්ල හදලා කරලා අවසන් කරලා දාන්නේ කළමනාකරණ සේවා නිලධාරීන් ඔවුන් විශාල වැඩ කොටසක් කරලා තමයි අවසානයේ විධායක නිලධාරීන් ලගට එන්නේ අත්සන් කරන්න ඔවුන් අත්සන් ගහන්න 15000ක් දිමනාවක් දිම සාධාරණ නැහැ. කොකා ගහනවාට වැඩිය වැඩකොටසක් කරන කළමනාකරණ සේවා නිලධාරීන්ට කිසිම දිමනාවක් නැහැ අඩුම මෝටර් සයිකල් එකක්වත් නැහැ. එහෙම එකේ අත්සනට ඔහොම දිමනාදිම අසාධාරණයි වැඩියෙන් වැඩකරන අයටයි දිමනා දෙන්න ඕනේ ඔය නිසා සැප්තැම්බර් 23 ලංකාවේ ස්ට්‍රයික් කලේ එක මේ රජයටත් මතක් කරලා දෙන්නවෙයි වගේ.
සුදු අලින්ම නඩත්තු කරල හරියන්නෙ නෑ. බර අදින සේවකයින් ගැනත් සිතිය යුතුයි.
අනික් අය කන්න ඕනේ හඳෙන් ගෙනැල්ලද?
මේවගේ හිතෙන හිතෙන වෙලාවට දීමනා නොදී පිළිවෙලට රජයේ සේවකයින්ගේ වැටුප් ප්‍රශ්න ගැන බලලා පඩි වැඩිවීමක් කළා නම් නේද හොඳ? මේ කට්ටියට වැඩිකළාම අනික් මිනිසුන් ඉල්ලන්නේ නැද්ද? මම හිතුවා දැන්වත් පිළිවෙලට වැඩක් කරයි කියලා...
බොහොමයක් රජයේ විධායක නිලධාරීන් සුදු අලියන්ය. විශේෂයෙන් පරිපාලන සේවයේ නිලධාරීන් බොහෝදෙනා කිසිඳු ඵලදායී කාර්යයක් නොකරති. භාණ්ඩාගාරයේ ඉහළ තනතුරුවල ඉන්නේද ඔය පරිපාලන සේවයේ නිලධාරීන් මිනිස්සු නිසා ඔවුන් තමන්ට කැමති ලෙස වැටුප් වැඩිකර ගනිති.
එහෙනම් මහ මැතිවරණෙත් විධායක නිලධාරීන්ගේ ඡන්දෙන්ම දිනාගනිමු.
රජයේ විතරද? අර්ධ රාජ්‍යය අයට නැද්ද?
විධායක නිලධාරීන්ට විතරක් රුපියල් 15000ක් ගෙවන එක වැරදියි. ඊට වඩා හොඳයි සෑම රජයේ සේවකයෙකුටම සහ සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක් ලබාදෙන එක...
එහෙම නම් විශ්‍රාම ගිය හිටපු විධායක නිලධාරීන්ටත් එය දිය යුතුමයි.
රටටම දැන් විශේෂ දීමනා දෙන්න පුළුවන්... මොකද දැන් රුපියල ගජරාමෙට බැබලෙනවා. ඇමෙරිකානු ඩොලර් එකක් අද රුපියල් 182යි. කාලා වරෙන්කෝ...
පරිපාලන සේවය කියන්නේ මෙරට ඉතාම අසාර්ථක වූ සේවයක්... කිසිම පර්යේෂණාත්මක දැනුමක් නැති කිසිම වැඩකට නැති සේවයක්... ඔවුන් දක්ෂකම දේශපාලුවන්ගේ සියළු දේට යස් කියකියා කඩේයමින් සියළු වරප්ප්‍රසාද භුක්ති විඳීම පමණි. ඔවුන්ගේ එකම දක්ෂකම මෙරට එක් පුද්ගලයෙක් රු. ලක්ෂ 06ක පමණ විදේශයට ණය කාරයෙක් කිරීම පමණි. කාර්යාලයේදී ඔවුන් කරන එකම කාර්යය කොකා ගැසිම පමණි. වරදකදී කිසිම වගකීමක් ඔවුන්ට නොමැත. රැස්විම් කිය කියා බඩකට පිරෙන්න කකා ඔහේ සිටින කොටසකි. අවාසනාවට සාමාන්‍ය ජනතාව මේවා නොදනිති...
බහුතරයක් ඔබ නොදන්නා දේ තමා විධායක නිලධාරියෙකුගේ ආරම්භක වැටුප ඉතාම අඩු බව සහ ලංකාවේ රජයේ විධායක රෑකියාවක් ලබා ගන්න ඉතා ඉහළ අධයාපන සුදුසුකම් වලට අමතරව ඊට අදාළ විභාග සමත් විය යුතු බව. සුදු අලිත් සිටින නමුත් සියල්ල සුදු අලින් නොවේ.
රජයේ විධායක නිලදරුවන් කියන අය ගෙන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සමහරු කාලේ කන වැඩකට නැති අයයි. සමහරු ජරා පප්පලා.
හරි එහෙනම් එයාලටම දෙන්න. අපිත් එහෙනම් වැඩ පෙන්නන්න නම් එදාට ඔය හැමෝම රිදෙයි.
විධායක නිලධාරීන් තමයි ඕනෑතරම් රාජ්‍ය සේවයේ ගසාකන්නේ.. එ්ක අත්සනට ලක්ෂ ගණන් සල්ලි එන්නේ සමහර නිලධාරීන් කෙලින්ම ප්‍රවාහන අංශයේ නිලධාරියා ගොනුව දැම්ම ගමන් එ්ක බලලා ඒ ආයතන වලින් සර්විස් කළාම හෝ වාහනය අළුත් වැඩියාකළාම එයාගේ කොටස එවන ලෙස ඉල්ලන නැතිනම් දුරවුණත් එයාගේ ආයතනයකට යවන එ්වා තියෙනවා.. එ්කට අයවැය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් උදාහරණයක් විදිහට පෙන්වන්න පුළුවන්.. එ්වාගෙන් අරන් ඔවුන් තාරකාවන් වගේ බැබලෙනවා.. දේවප්‍රියවගේ කරන්න පුළුවන් උපරිමයෙන් ගන්නවා සල්ලි කොහොම හරි ඔය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය සමයේ තමයි රාජ්‍ය නිලධාරීන්ට මෝටර් සයිකල් බෙදුවේ.. එ්ක කළමනාකරණ සේවා නිලධාරීන්ට දෙන්න ඕනේ නැහැ කිව්වේ ඒ අධ්‍යක්ෂ ජනරාල්වරියයි. එ්කෙන් 2015 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව ඡන්දය දුන්නා. ඒ දේ යළිත් කරවන්න තමයි ඔය පරිපාලන සේවයේ අය හදන්නේ රජය මේ වේලාවේ බුද්ධිමත් විය යුතුයි. අඩුම අනුපාතයට දීමනා ලබාදෙන්න සියළුම නිලධාරීන්ට එක් කොටසකට සීමානොවි පරිපාලන සේවයේ අය කොකා ගසා ලක්ෂ ගණන් උපයයි. වාහන පර්මිට් විකුණයි. කළමනාකරණ සේවා නිලධාරීන්ට මොනවද ලැබෙන්නේ...? උසස්වීම් ගන්න එකටත් අකුල් හෙලනවා ඔය සේවයේ අය...
වර්ජනය කළානම් අනිත් අයටත් දීමනාවක් දේවි... නැත්නම් හැමදාම ඔහොම තමයි..
ගොම සංවිධානේ එහෙමත් ඔබ ගොඩේ ඉන්නවා නේද..? මදි මදි.. වැඩ වර්ජන කරපු විදියට සැලකුවා හොඳටම මදි...
විධායක නිලධාරීන් කියන්නේ වරප්‍රසාද ලත් පිරිසක්... ඒ අය තමයි මේ රට කරවීමේ රජයේ පාර්ශවය. එයාලා තමන්ගේ වගකීම හරියට කරනවද කියන එක නම් ගැටළුවක්...
මෙය වෘත්තිකයන් රාජ්‍ය සේවය තුල රදවා ගැනීමට ගෙවන දීමනාවක් මිස හුදු පඩි වැඩි වීමක් නොවේ. මෙය වෘත්තිකයන් රාජ්‍ය සේවය හැර යාම වැලක් වීමට ගත් ක්‍රියා මාර්ගයකි. ඔනෑතරම් රාජ්‍ය සේවයට බදවා ගැනීමට සිටිති. ඔවුන් තම සේවය ගැන අසතුටුනම් සුදුසුකම් හදා ගෙන විධායක නිලධාරි කෙනෙකු වීමට උත්සාහ කරන්න.
දැන් අමාරුව සනීප ඇති නේද? තැපැල් ඡන්දෙ දීලා කරගත්තු හරිය...... දෙන්න තිබුන 2500.00 ටත් වැඩේ හරිනේ.....