(මනෝප‍්‍රිය ගුණසේකර)
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් යන මහත්වරු විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (14) කියා සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා තේරුම් කරදීමෙන් අනතුරුව මෙම චෝදනාවන්ට තමන් නිවැරදිකරුද, වැරදිකරුද, යනුවෙන් විනිසුරු මඩුල්ල කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් විත්තිකරුවෝ එසේ පැවසුහ.
මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
COMMENTS
එතකොට මේ වැලිකඩ සැකකරුවන් මිය ගියේ හෙම්බිරිස්සා උණ හැදිලද?
මේ නඩු නම් පිස්සු විකාර නේද? ඒ බන්ධනාගාර සිද්ධිය කවුරුත් දන්නවනේ... ඒක ඇතුලේ හිටියේ සිල් ඇත්තෝ නෙවෙයිනේ. ආයුධත් අරගෙන කරපු නාඩගම කවුද නොදන්නේ...? රටේ නරකම මිනිසුන් මේ විදිහට පාලනය නොකළොත් රටක් පාලනය කරන්න බෑ. අපේ රටේ දැන් වෙන්නේ උඩු යටිකුරු වුණු දේවල්. කවදා මේ තත්වය හරි යයිද?
සේන මොකටද එන්න හදන්නේ...? ඒ මිනිස්සුන්ව මැරුව එක හරි කියලද කියන්නේ? කොහොමත් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් මිනීමරුවා රජ වුණොත්...
අහෝ, මිනිසුන්ගේ හෘද සාක්ෂිය මෙසේ නම් එය මොනතරම් ඛේදවාචකයක්ද, අභාග්‍යසම්පන්නද?
වරද පිළිඅරගෙන ඇතුලට ගියොත් හොඳයි ,
කරුණාකර "වැලිකඩ" කියන පොත කියවන්න. එතකොට තේරෙයි එදා මොකද උනේ කියලා
දැන් මේකේ අදහස් දාල තියන ප්‍රගතශීලි ජනතාව ස්ත්‍රී දුෂකයන්ට, මිනීමරුවන්ට මරණ දඩුවම දෙන එකට කැමතිද?
මට මගේ රට අප්‍රසන්න තැනක්... කලකිරෙනවා මේ රටේ ඉහල නිලධාරීන් ගේ අත්තනෝමතික වැඩ දැක්කම. මමත් ලාංකිකයෙක්.. නමුත් ලංකාව තරන් දුෂණය වංචාව එකී මෙකි නොකී සියලු ජරාවල් වෙන රටක්.. මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති..