( තිළිණි ද සිල්වා )
යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට, ජනාධිපති සමාව ලබාදීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් පිළිබඳව වගවීම ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවත්, එබැවින් මෙවැනි බැරෑරුම් අපරාධයකට නීතිය හමුවේ වරදකරු වූවෙකුට සමාව දීමෙන් කියවෙන්නේ, ඒ හා සමාන ඕනෑම වරදක් කළ අයෙකු නීතිය හමුවේ වරදකරු වුව ද ඔහුට සමාව ලැබෙන බවක් යැයි ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නේක් මහතා කියා සිටී.
එම සංවිධානය සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයා විසින් ජනපතිවරණ සමයේ පැවසු ආකාරයට, මෙවැනි තීරණ ඉදිරියටත් ගැනීමේ හැකියාව පිළිබඳව, දැඩි අවධානය යොමුව ඇති බවය.
කොරෝනා වයිරසය වැනි තත්ත්වයක් උපයෝගි කරගෙන මෙවැනි වරදකරුවෙකුට සමාව දීම, පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර තිබේ.
වසර 2000දී සිදුවූ සමූහ ඝාතනයකට 2015 වසරේදී යුක්තිය ඉටු වුවත් අත්තනෝමතික විධායක තීරණයක් තුළින් යුක්තිය ආපසු හැරවීම නින්දා සහගත බව ද ක්ෂමා සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
COMMENTS
ඉතාම නින්දා සහගතයි.. මේ කරපු වැඩෙන් රටත්, සියලුම සැබෑ රණවිරුවනුත් හෑල්ලුවට ලක් කලා..
එතකොට අර යහපාලන ආණ්ඩුවෙන් මරාගෙන මැරෙන කොටි 100ක් විතර නිදහස් කරපු එක කමක් නැද්ද?
අපේ චන්දෙන් පත්වුණු ජනාධිපතිගේ නිවැරදි ක‍්‍රියාවට අපගේ ප‍්‍රණාමය...!!!
ලංකාවේ අපිට ප්‍රශ්නයක් නැත්නම් එක එක සංවිදාන වලට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ගෝටා ජනාධිපති කෙරුවේ ඔහුව බේරා ගැනීමට බව මේ සංවිධාන දන්නේ නැතිව ඇති. දැන්වත් ලංකාවේ දේවල් හොයන්නේ නැතිව හිටියොත් හොදයි නේද?
නුඹලා ඇමෙරිකාව මැදපෙරදිග, ලිබියාව, ඇෆ්ගනිස්ථාන් වැනි රටවල මිනිස්සු මරනකොට කොහෙද හිටියේ මොනවද කළේ?
ලංකාවේ ජනතාව පත් කළ ජනාධිපති වග කියන්නේ ලංකාවට. එ්වා අපි බලා ගන්නම්. කරුණාකර කොරෝනාවෙන් ලෝකය බෙරගන්න ක්‍රමයක් බලන්න. ඔයාලට එපා වුන යුද හමුදාපති වැඩ කරන හැටි බලලා ඉගෙන ගන්න...
කුඩුකාරයෝ එල්ලලා මරනකොට දුක හිතෙනවා. රණවිරුවෙක් නිදහස් කළාම ඒක වැරදියි කියනවා. අපේ රටෙ දේ අපි බලන්නම්...
ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් සමූල ඝාතනය කරන විට මරනින්දේ සිටි ඇතැම් ජාතිවාදී කණ්ඩායම් සහ මෙවැනි සංවිධාන ත්‍රස්තවාදය අවසන් කිරීමට දිවි හිමියෙන් කටයුතු කරන ලද අය සඳහා වෛරී ලෙස කටයුතු කිරීම කණගාටුදායකය. එවැනි සංවිධාන වල පැවැත්ම පවතින්නේ රටවල් වල යුද්ධ පවතිනතාක් බැවින් ක්ෂමා සංවිධානය දුක් වීමට හේතුව සිතා ගත හැකිය. මෙවැනි ආයතන කොරෝනා වෛරසය මෙන්ම තවත් වසංගතයකි.
එතකොට අර යටත් වුන පොලිස් නිලධාරියෝ 600ක් මරල සමුහ මිනිවලේ දමපු මිනිස්සු ගැන කවුද හෙවුවේ ?
LTTE කාරයින්ට නිදහස දෙනකොට කට වහගෙන හිටියා...
ඇමරිකාව ගෝඩ් බ්ලෙස් කියාගෙන මිනීමරන එක හරිම සාධාරණ ඇති.
අනේ මෙ ක්ෂමාව... කරුණාකරලා යන්න නිකන් වද නොදී... සිරියාවෙ, ලිබියාවෙ, ඉරාකයෙ, දහස් ගණන් මැරෙනවා. ඒවට මොකද වෙන්නේ...? බම්බුව තමයි.
කොටි බෝම්බ අමතක වී ගිය සිංහලයන් රටේ සිටීම ගැන හරිම පුදුමයි.
අපේ රටේ නීතිය හසුරුවන්නේ දේශපාලනය විසින්. මේ නඩුව අවුරුදු 13 ක් තිස්සේ ඇදගෙන ගියේ කාගේ උවමනාවටද? කමක් නැහැ කියමුකෝ... අන්තිමට විශේෂ මහාධිකරණයකින් තීන්දුව දීලා, ශ්‍රේෂ්ටාධිකරණයේ විනිසුරුවරුන් 5 දෙනෙකු විසින්ම ඒකමතිකව සම්මත කල නඩු තීන්දුවකිනුයි මේ තැනැත්තා වරදකරු වුනේ. වින්දිතයන් අතර අවුරුදු 5 ක දරුවෙකුත් ඉන්නවා. අපේ මිනිස්සුන්ට රණවිරුවන් සහ මිනීමරුවන් අතර වෙනස වටහා ගන්න උවමනාවක් නැහැ. මේ අපරාධයත් ජනාධිපති සමාවත් දෙකම ගෞරවනීය යුද හමුදාවට බරපතල කලුපැල්ලමක්. නමුත් අපේ අන්ධයින්ට එක තේරුම් ගන්න උවමනාවක් හෝ හැකියාවක් නැහැ.
කොටි ත්‍රස්තවාදීන් අහිංසක සිවිල් වැසියන් සහ ස්වාමින් වහන්සේලා අමුඅමුවේ ඝාතනය කරන විට අමන ක්ෂමා සංවිධානය දැන් එනවා මානව හිමිකම් ගැන කතාකරන්න.
ඔයාලා කණගාටු වෙන්න. අපිට නම් කියන්න බැරිතරම් සතුටුයි....
අපට ඔය බටහිර ආණ්ඩුවල වහලෙක් සේ වැඩ කරන්න බැහැ. ගිහින් තමන්ගේ වැඩක් බලාගන්න.
ජනපති හමුදාවේ හිත දිනාගන්න කල වැඩක්.
උසාවියෙන් වරද කරු කරපු කෙනෙක් කොහොමද නිදහස් කරන්නේ , වහාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට විරුද්ධව කටයුතු කරන්න ඕන
මම මේ කියන්නේ මේ සිද්ධිය මොකක්ද කියලවත් නොදැන අමුඩේ ගහගෙන කඩේ යන්න හදන ගොබ්බයන්ට. මේක වුනේ 2000 වසරේදී චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉන්න කාලේ. එතකොට ආරක්ෂක ඇමති වෙලා හිටියේ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා. ඔහුවත්, චන්ද්රිකාවත් යුද්ධ කලාට, මෙම වැඩවලට කැමති වුනේ නැත්තේම හොඳ පසුබිමක් තිබුණු මිනිස්සු නිසා වෙන්න ඇති. ඒ කලේ මේක ආරංචි වුනු ගමන් පරීක්ෂණ පටන් ගත්තේ හමුදාවෙන්මයි. මිලිටරි පොලිසිය සාක්ෂි එකතු කරලා සිවිල් පොලිසිය සමග එකතු වෙලා නඩුව ඉස්සරහට ගෙනිච්චේ. ඒකට හේතුව මේ අසරණ මිනිස්සු අට දෙනා අතරට අවුරුදු පහේ සහ 13 ළමයි පවා හිටියා. ඒ සියලු දෙනාම තමන්ගේ පරණ ගෙවතුවලට ගිහින් හිටියේ කෑමට යමක් හොයාගෙන එන්න. ඒ හැමෝටම හේතුවක් නැතුව ගහලා, උගුරු දණ්ඩ කපලා වැසිකිළි වලක දාලා, පස්සේ ඈතක වල දමා තියෙද්දී ඇසින් දුටු සාක්ෂි නිසා හොයාගත්තා. ඒවා ගැන පාපොච්චාරණය කරලා , පිලි අරගෙන වල දමා තිබු සිරුරු හොයලා දුන්නෙත් මේ කෙනාමයි.
මේක පුදුම වැඩක්නේ මරාගෙන මැරෙන කොටි නිදහස් කරපු වෙලේ මේ කවුරුත් ම්ම්... කිව්වේ නැහැ දැන් මේ කෑගහන්නේ මොකද.... ?