
(ලක්ෂ්මී ජයකොඩි)
කඩාබිඳ දැමුණු යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය යළි ඉදි කිරීම සඳහා වන මුල් ගල් තැබීම එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) උදෑසන සිදු කෙරුණි.
ඒ සමඟ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීමට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආරම්භ කර තිබුණු මාරාන්තික උපවාසයද එම සිසුහු අවසන් කළහ.
යාපනය විශ්ව විද්‍යාල උපකුලපතිවරයා හා උපවාසයේ නිරත වු සිසුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව සිසුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට උපකුලපතිවරයා එකඟ වී තිබේ.
එම සාකච්ඡාවෙන් පසුව මාරාන්තික උපවාසයේ නිරතව සිටි සිසුන්ට උපකුලපතිවරයා විසින් කැඳ ලබාදි උපවාසය අවසන් කරනු ලැබීය.
ඉන් පසුව එම සිසුන් හා එක්ව උපකුලපතිවරයා කඩාබිඳ දැමුණු ස්මාරකය පැවති ස්ථානයේම අලූත් ස්මාරකයක් ඉදි කිරීමට මුල්ගල් තැබුවේය.
යුද්ධයෙන් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සේවකයින් නිළධාරීන් සිහිපත් කිරීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය පසුගිය (08) වනදා රාති‍්‍රයේ එම විශ්ව විද්‍යාලයේ පරිපාලනයේ උපදෙස් මත කඩාබිඳ දැමීය.
එයට දැඩි විරෝධයක් දැක්වු එම විශ්ව විද්‍යාල සිසුන් එදින රාති‍්‍රයේ සිට අද උදෑසන දක්වා මරාන්තික උපවාසයක නිරත වුහ.



( ඡායාරූප -රොමේෂ් මධුෂංක)
COMMENTS
මුලින්ම කඩපු එකත්, පසුව යලි හදන එකත් දෙකම මෝඩ වැඩ...
ඔය වැඩේ රනිල් කරානම් රනිල්ව පට්ට ගහලා. නන්දසේන කරාම මීක් නෑ.
මෝඩයින්ගේ සහ විහිළු කාරයින්ගේ රට....
දෙගොල්ලන්ම වෙනස් නේ... අපි රැවටුණා.
ඔය ස්මාරකය කැඩීම පිටුපසත් ඉන්නේ නන්දසේනම තමයි. නමුත් දැන් හැමපැත්තෙන්ම හිරවෙලා. ඒ මදිවට ජාත්‍යන්තරයෙන් තර්ජන... මාර්තු මාසේ ජිනීවා මානව හිමිකම් ආයතනයෙන් අපිට ඔලුව උස්සන්න බැරිතරම් පීඩනයක්... අන්තිමට පහතටම වැටුණා.
එතකොට නන්දසේන තුමාත් ඉන්නවද?
ඔය මොන පිළිමෙත් අන්තිමේට ලගින්නේ කපුටන්... හැමදේම උණුසුම තියෙන්නේ පොඩි කාලයයි.
සෑම ඉසව්වකම වර්ගවාදය පැතිරිලා ඔවුනොවුන් ඇන කොටාගන්න ආසන්නයි. කොමියුනිස්ට් වාදීන්ට මැදිහත් වන්නට සිදුවේවි. විනාශය නවත්වන්න නම්.... එසේ නැතිනම් එකිනෙකාට ගරු කරන්න උගන්වන නවතම දර්ශනයක අවශ්‍යතාවය තදින් දැනේ...
අනේ ලක්ෂ්මි.... නොදන්න මගුල් කතා නොකර ඉන්නවද? මේක හදලා තියෙන්නේ 2018 යමපාලන කාලයේ, යුද්ධයෙන් මියගිය විශ්ව විද්‍යාල සිසුන්, නිලධාරින් සිහිපත් කිරීමට නෙමෙයි මියගිය ත්‍රස්තවාදීන් සිහිකිරීමට... තමන් සිදුවීම් වාර්තා කළාට පාඨකයන්ගේ මොල හෝදන්න යන්න එපා. සිද්ධියක් උඩින් පල්ලෙන් අතගාන්න එපා.
මටනම් පේන්නේ කඩේ යන අය බොහෝය කියලයි.
බමුණුආරච්චි බයියෙක් බව අපි හැමෝම දන්නවා. අම්මපා තාමත් කඩේ යනවනේ..
හැමදෙනාම දන්නේ සිද්ධිය ගැන තැන්තැන් වලින් අහුලාගත් කොටස් විතරක් බවයි පෙනෙන්නේ. 2018 දී ශිෂ්‍ය සංගමය මෙය හදන්න සූදානම් වෙද්දි රජයේ බලපෑම මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒක නතර කරන්න උත්සාහ කළා. ශිෂ්‍යයන් වැඩේ නතර කළ බව පෙන්නුවා. ඔවුන් සිහිවටනය රහසේ වෙන තැනක ඉදිකරලා එක රැයක් තුළ සරසවි භූමියට ගෙනැවිත් සවි කළා. මෙය මියගිය ත්‍රස්තවාදීන් සිහිකිරීමට නොව මුල්ලිවයික්කාල් හිදී මියගිය බව කියන සිවිල් වැසියන් වෙනුවෙන් ඉදි කරන ලද්දක්. යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ට තනතුර අහිමි වීමට මූලික හේතුව වූයේද මෙම ස්මාරකයයි.
අනේ නන්දසේන සර් බලයේ හිටියා නම්, මෙහෙම වෙන්න නැහැ.
බමුණු අයියේ, මේ ගොල්ලන් කියන ඒවා ගණන් ගන්න එපා. කවුරු මොනවා කිව්වත් ලෝකය ගෝලාකාර නොවේ. පැතලියි කියලා මේ ගොල්ලන්ට තේරුම් කරන්න දෙන්න බැහැ.