IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෝදි ශා. අන්තෝනි දේවස්ථානයට යයි

පැය හතරක් වැනි කෙටි කාලයක් සඳහා පමණක් ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කිසිවකු අපේක්‍ෂා නොකළ ආකාරයෙන් පාස්කු ඉරිදා බෝම්බය පුපුරාගිය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ගියේය. 

ඉන්දීය අගමැතිවරයා එහි යද්දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සමග අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාද වූහ. 

ඉන්දීය අගමැතිවරයා ශාන්ත අන්තෝනි දේවස්ථානය කරා ගියේ කොළඹ ගාලු මුවදොර පිහිටි ජනාධිපති කාර්යාලය කරා එන ගමනේදීය. ජනාධිපති කාර්යාලයේදී රතු පළස එළා, යුද හමුදා උත්තමාචාරයකින් ඉන්දීය අගමැතිවරයා පිළිගන්නා ලදි. 

කොච්චිකඬේ දේවස්ථානයට ගිය සැණින් ඉන්දීය අගමැතිවරයාගේ නිල ට්විටර් ගිණුමෙන් නිකුත් වූ පණිවුඩයක සටහන් වූයේ  ‘ශී‍්‍ර ලංකාව නැවත නැගී සිටින බව මට විශ්වාසයි‘ යනුවෙනි. 

‘ත‍්‍රස්තවාදයේ බියගුළු කි‍්‍රයාකාරකම් වලින් ශී‍්‍ර ලාංකිකයන්ගේ ආත්ම ධෛර්යය පරාජය කරන්න බෑ. ශී‍්‍ර ලංකා ජනතාව සමග සහයෝගයෙන් ඉන්දියාවත් ඉන්නවා‘ යයිද ඉන්දීය අගමැතිවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සටහන් විය. 

ඉන්දීය අගමැතිවරයා කටුනායක සිට කොළඹ එන ගමනට එක්වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීය නායකයා සමග බොහෝ කරුණු සාකච්ඡා කළේ රථයෙහිම සිටිමිනි. මාලදිවයිනේ සිට ආපසු ඉන්දියාව බලා යන ගමනේදී ශී‍්‍ර ලංකාවට පැමිණි ඉන්දීය නායකයා, ඩොලර් මිලියන 26 ක් වැය කෙරමින් ඉදි කෙරෙන හමුදා පුහුණු මධ්‍යාස්ථානයක් සහ රේඩාර් පද්ධතියක් ද ආරම්භ කළේය. මේ සඳහා අරමුදල් ඉන්දියාවෙනි.



අදහස් (7)

මෝදි ශා. අන්තෝනි දේවස්ථානයට යයි

ජෝශප් Sunday, 09 June 2019 01:53 PM

ශ්‍රීමත් නරේන්ද්‍ර ශ්‍රී මෝදී මැතිතුමාට අපගේ ආචාරය.

:       16       110

sirimal Sunday, 09 June 2019 02:00 PM

අගේ කල යුතු මහත්මා ගුණයක්.

:       1       112

Thilak Amarasiri Monday, 10 June 2019 01:30 AM

ඉස්තුති ඔබ තුමාගේ පැමිණීමට. ඔබතුමා අප රට දැනුවත් කරා විනාශයට කලින්. එහෙත් රටේ නායකත්වයේ නොහැකියාවද, නොසලිකම නිසාදෝ සතුරා ජය ගත්තා

:       0       36

Jayantha Monday, 10 June 2019 02:12 AM

ඒ මහත්මා ගුණය නිසා තමයි එතුමා දෙවෙනි වරටත් බහුතර මනාපයෙන් අගමැති ධූරයට පත්වී තිබෙන්නේ..

:       104       49

Chandana Monday, 10 June 2019 04:04 AM

අපගේ උත්තමාචාරය ශ්‍රී මෝදි මැතිතුමාට

:       0       29

පිටිගල මිලානෝ Monday, 10 June 2019 09:06 AM

ඔය මොනවා කළත් ඉන්දියාව අපිට දියුණුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අයගේ කුණුබඩු මිලදී ගන්නා වෙළඳපොළක් ලෙස පවත්වා ගැනීම ඔවුන්ගේ එකම අරමුණයි...

:       15       2

Kumar (Gulf) Friday, 14 June 2019 06:37 AM

මෝදි ශා. අන්තෝනි දේවස්ථානයට විතරක් ගිහිල්ලා බොරු ලකුණු දාගන්නේ නැතිව, ඉන්දියාවේ "ශිව සේනා" RSS කාරයෝ පොළවට සමතලා කරපු පල්ලි වලටත් යන්න ඕනෑ බලන්න. එයාගේ පක්ෂේ අය කොහොමද අනික් සුළුතර ආගම්වලට සලකා තියෙන්නේ බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31161 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13300 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 890 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site