IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


මැදමුලන නඩුව ජුනි 19 සිට දිනපතා විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

 

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන ජුනි මස 19 වැනි දා සිට දිනපතා විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (23) තීරණය  කළේය.

ඒ අනුව පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කළේය.

මෙම නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට මුල් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාද ඉන් පසුව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් සෙසු විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ද ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් පසුව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එලෙස තීරණය  කළේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි චෝදනා ගොනු කිරීමෙන් මාස 9 ක පමණ කාලයකට පසු මෙම නඩුව විභාග කිරීමට මෙලෙස නියම විය.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඩී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ‍්‍රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා නම් කොට ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පළමුවැනි විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ රෝගී තත්වයකට ප‍්‍රතිකාර ගැනීම සඳහා ඔහුට  සිංගප්පුරුවට  යෑමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ වසන්ත පෙරේරා සහ රජයේ නීතීඥ උදාර කරුණාරත්න යන මහත්වරු සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියහ.



අදහස් (9)

මැදමුලන නඩුව ජුනි 19 සිට දිනපතා විභාගයට

chathuri Thursday, 23 May 2019 12:16 PM

හැම ගෙදරම. දෙවියන්ට පහනක් පත්තුකරලා හොරුන්ට දඩුවම් පමුණුවන්න ඉල්ලන්න. නිතිය කාටත් එකයි කියල තරුණයින්ට ආදර්ශයක් වෙන්න. ඕන. වයසක කට්ටිය රට යහ මගට ගන්න නම්

:       0       0

සෙනෙවි Thursday, 23 May 2019 02:46 PM

මේ වතාවේ මොන දහම් ගැටයක් ගහයිද?

:       0       0

Chanak los angeles Thursday, 23 May 2019 02:57 PM

මොවුන්ට දැන් හරි නීතිය ක්‍රියාත්මක වුණොත් රටේ අකටයුතුකම් හුඟක් දුරට නවතිනවා.

:       0       0

Don Thursday, 23 May 2019 03:04 PM

මේ නම් අහන නඩු නෙමෙයි. අවුරුදු ගණන් රස්තියාදු කරන නඩු.

:       0       0

rohana Thursday, 23 May 2019 04:10 PM

මෙයා ජනපති වෙන්න යන්නේ එනිසා නඩුව විසිවෙයි.

:       0       0

නිශාන්ත Friday, 24 May 2019 01:59 AM

මෙවැනි සරල නඩුවකට මුහුණ දීමට ඇතමුන් බිය වන්නේ ඇයි? තමන් වරදක් කර නැති නම් තමාගේ නිර්දෝෂී බව ඒත්තු ගැන්වීමට මෙය අවස්ථාවක් කර ගැනීම නේද සුදුසු.

:       1       17

RohanW Friday, 24 May 2019 03:14 AM

ගෝඨාගේ ජනාතිපති සිනිනය ඉවරයි වගේ.

:       1       3

bandula Friday, 24 May 2019 03:28 AM

මිලියන ගණන් වංචා, නඩු අමතක කරලා රුපියල් කෝටි 3කට නඩුව ජුනි 19 සිට දිනපතා විභාගයට ගන්න රහස මොකද්ද... ජනතාව ගොනාට අන්දන්න නේද?

:       2       5

Saman Friday, 24 May 2019 04:12 AM

කට්ටියක් ජනාධිපති කරවන්න හදන්නෙ මාර ලෙඩෙක්වනෙ.. නඩුව අහන්න එපා කියල, ඒක හරි නොගියම දැන් බෙහෙත් ගන්න සිංගප්පූරු යන්න ඕනෙලු.

:       120       119

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 898 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site