(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි හා මැතිවරණ උල්ලංඝණය කිරීම වලට අදාළව පැමිණිලි 24 ක් වෙනුවෙන් ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් දෙදෙනකු, හා හිටපු ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 14 හා මැතිවරණ පැමිණිලි 10 ක් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, හා පඩුවස්නුවර ප‍්‍රාදේශිය සභාවේ මන්ති‍්‍රවරයෙක් හා පැල්මඩුල්ල හිටපු ප‍්‍රාදේශීය සභාපතිවරයෙක් මෙම ප‍්‍රාදේශීය මන්ත්‍රීවරුන් තිදෙනා අතර සිටින බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලෙවල් එකෙන් තමයි නීති කැඩීම පටන් ගන්නේ. පළපුරුද්ද වැඩිවෙන තරමට ඉහලට යන්න ඉඩ ප්‍රස්තා ලැබෙනවා. එහෙම ඉඩ ප්‍රස්තා ලබාගෙන දැන් පොඩි පොඩි නීති කඩලා ඉහලටම යනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම කඩන්න තරම් ලොකු ගැම්මක් එනවා. එතකොටයි පිළිගැනීම වැඩිවෙන්නෙත්.
මෙහෙම වුණාම ගන්න පුළුවන් කුට්ටිය විශාල කරගන්න පුළුවන් බව දන්නවා. ඒකයි මෙච්චර කැපවීම