IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගය දසවැනි දිනටත් ඇරඹේ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මහමැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය උපදෙස්  ඇතුළත්  මාර්ගෝපදේශන මාලාව මේ සතිය අවසන් වීම පෙර නිකුත් කරන බව නීතිපතිවරයා අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය මේ බව  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දැන්වූවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ අදාළ බලධාරීන් විසින් ⁣එම සෞඛ්‍ය උපදෙස් අඩංගු මාර්ගෝපදේශන මාලාව සැකීසීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත් , ⁣එම සෞඛ්‍ය මාර්ගෝපදන මේ සතියේදී නිකුත් කරන බවද අධිකරණය හමුවේ කියා සිටියාය.

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්  සහ අතරමැදි පෙත්සම් දසවන දිනයටත් සලකා බැලීම  අද ( 01) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරේ.

ඒ අනුව අද පෙරවරු 10.00ට අගවිනිසුරු  ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම ඇරඹිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා කරුණු දක්වමින් කියා සිටියේ කිසිමදාක පාර්ලිමේන්තුව  මරණයට පත් කළ නොහැකි බවත් , එය ෆීනික්ස් කුරුල්ලා අළු මතින් නැවත පැමිණෙන්නාක් මෙන් පාර්ලිමේන්තුවද නැවත පැමිණෙන බවය.

මෙම නඩුවට පාදක වන නඩු නිමිත්ත දේශපාලන කාරණා සමඟ බැඳී තිබුණද තමා සම්පූර්ණයෙන්ම නීතිමය කාරණා මත පදනම්ව කරුණු දක්වන බවද ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේය.

මෙම නඩු ගොනු කිරීම සඳහා පෙත්සම්කරුවන්ට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු, පිළිගත් දේශපාලන පක්ෂ හා මීට පෙර ද  විවිධ අවස්ථාවන්හී මහජන නඩුකරයන් ඉදිරිපත් කළ පාර්ශව විසින් යැයිද පෙන්වා දුන්නේය.



අදහස් (0)

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගය දසවැනි දිනටත් ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site