( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මොරටුව ඇතුළු දිවයින පුරාම ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පුවරු, අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ දැන්වීම් පත්‍රිකා වහාම ඉවත් කිරීමට පියවර ගැනීමට මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ක්‍රිස්මාල් වර්ණසූරිය ගොනු කළ ‘රිට්’ පෙත්සම අගෝස්තු 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) නියම කළේය.
ඒ අනුව එදිනට පෙත්සමේ වගඋත්තරකරුවන්ට හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි දන්වා යවන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමිකාර පාර්ශවයට දැනුම් දුන්නේය.
මෙම රිට් පෙත්සම බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී .දෙහිදෙණිය සහ එස් .තුරේරාජා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි. මහ මැතිවරණය අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන බැවින් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම නොපමාව කළ යුතු බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටී.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයන් දෙදෙනා, වැඩ බලන පොලිස්පතිවරයා, මොරටුව පොලිස් ස්ථානාධිපති ක්‍රිෂාන්ත ලොකුගේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
අපේක්ෂකයන්ගේ මැතිවරණ කාර්යාලවල හා නිවෙස්වල ප්‍රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය නොකළ යුතු යැයි මැතිවරණ කොමිසම 18.06.20 දින නිකුත් කළ චක්‍රලේඛනයක් මගින් දැනුම් දී තිබියදීත් ඒ ගැන නොතකා බොහෝ අපේක්ෂකයන් තැන තැන දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇතැයි පෙත්සම්කරු කියා සිටී.
මෙවර එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන මොරටුව පිහිටි තමාගේ මැතිවරණ කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම් පුවරුව පොලිසිය කඩා දැමූ නමුත් ප්‍රදේශය පුරාම ඇති තවත් අපේක්ෂකයන්ගේ දැන්වීම් පුවරු තවමත් ඉවත් කර නැතැයි අධිනීතිඥ වර්ණසූරිය සිය පෙත්සමෙන් කියා සිටී.
එබැවින් මොරටුව ඇතුළු දිවයින පුරාම ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පුවරු, අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ දැන්වීම් පත්‍රිකා වහාම ඉවත් කිරීමට පියවර ගැනීමට මැතිවරණ කොමිසමට හා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මැතිවරණ දැන්වීම් ඉවත් කරන්නැයි ඉල්ලූ පෙත්සම සළකා බැලීම 4 දා
මුණසිංහ Friday, 31 July 2020 01:10 PM
එතකොට ඔය ඉලෙක්ෂන් එක තියන්නේ ඔක්තෝබර් 5 වෙන්නැති නේද?
Prasad Friday, 31 July 2020 02:26 PM
පොලීසිය සහ උසාවිය පවතින දේශපාලනය හමුවේ වල්වැදී ඇත.
Prasad Friday, 31 July 2020 02:26 PM
පොලීසිය හා උසාවිය පවතින දේශපාලනය හමුවේ වල්වදී...