IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


මානව හිමිකම් නියෝජිතයා පැමිණිලිකරුටත් පහර දෙයි

(සිරිනිහාල් ගමගේ)

පැමිණිල්ලක් විභාගයට ගිය පොලිස් නිලධාරීයාට හා පැමිණිලිකරුට පහර දුන් ලෝක මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයකු යැයි පවසන ආචාර්යවරයකු අද (9) දහවල් වදුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

වදුරඹ ගාලුපාර ලිපිනයේ පදිංචිකරුවකු තමන් පදිංචි ඉඩම් නඩුවක් දමා ඇති නොබෙදූ ඉඩමේ තවත් පදිංචිකරුවකු ගසක් කැපූ බවට ඉකුත් දා වදුරඹ පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලට අනුව පැමිණිලි විභාගය සඳහා පොලිස් නිලධාරීයකු පැමිණ පැමිණිලිකරු හමුවී කැපූ ගස් තිබෙන ස්ථානය පෙන්වන ලෙස පවසා ඇත. එවිට පොලිස් නිලධාරියා සමඟ පැමිණිලිකරු ගස කැපූ ස්ථානයට ගිය විට පෙර මානව හිමිකම් සංවිධානය සම්බන්ධ පුද්ගලයා යැයි පවසන පැමිණිලිකරුගේ පපු ප්‍රදේශයට පා පහරක් එල්ල කිරීමේදී එය වැළැක්වීමට ගිය පොලිස් නිලධාරියාගේ කම්මුල ප්‍රදේශයට පහරදී ඇති බව පොලිසිය කියයි.

පහර කෑමට ලක්වූ පැමිණිලිකරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියා ද කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට නියමිත ය. 

අත්අඩංගුවට ගත් ලෝක මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයකු යයි පවසන ආචාර්ය පදවිය හිමියයි පවසන අය බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (13)

මානව හිමිකම් නියෝජිතයා පැමිණිලිකරුටත් පහර දෙයි

හෝමෝ සේපියන් Friday, 09 October 2020 10:10 AM

මානව හිමිකම් කාරයා නියැන්ඩතාල් මානවයෙක් වගේ...

:       0       75

de silva berlin Friday, 09 October 2020 11:15 AM

උසාවියෙන් මිනීමැරුමකට දඬුවම වශයෙන් මරණ දඬුවම හිමිවී, බන්ධනාගාරගතකළ පුද්ගලයෙක්... බන්ධනාගාර බස්රථයෙන් පාර්ලිමේන්තු ගිහින් නීතිපනත් සම්මත කරන්න ඡන්දෙ දෙන රටක, ආචාර්ය උපාධියක් ඇති, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් නියැන්ඩතාල් මානවයෙක් ලෙස හැසිරීම පුදුමයට කාරණයක් නොවේ.

:       5       29

samarageFriday, 09 October 2020 02:11 PM

ඒ විතරක් නෙවෙයි මතක නැද්ද 1980 ගණන් හිටපු ගෝනවල සුනිල් වගේ පාතාලයින්... මිනීමැරුම් කරලා හිරෙන් එළියට ගත්තේ ඒ කාලේ හිටි රටේ ලොක්කන්. නිකම් නෙවෙයි, අලියා පිටේ පෙරහැරින් ගෙනත් මල් මාලත් දැම්මා. ඉතින් මේවා මොනවද​?

:       1       93

Nihal Friday, 09 October 2020 11:47 AM

මානව හිමිකම් සිදුකරන නිවැරැදි ක්‍රමය එයයි.

:       3       9

චින්තකSaturday, 10 October 2020 03:47 AM

දේවාලේ කපුවගේ පුතා මොනවා කළත් වැරදි නැහැ කියනවනේ... මෙතැනත් වෙලා තියෙන්නේ ඒකයි...

:       0       28

Raveendra Friday, 09 October 2020 11:47 AM

නිකම්ම නිකම් නෙවෙයිනේ මිනිසුන් කියන්නේ අර හිමිකම් මේ හිමිකම් ගැන තුන්ලෝකෙටම ඇහෙන්න කෑමොර දෙන්නේ නිවට NGO ටකරන් මඩුකාරයින් කියලා.. ඔවුන් ඩොලර් වලින් පන්නලා ගැටගහ ගන්න ගමන්, උපන් රටත් පාවාදෙන කාලකන්නිනේ.. මොහු මානව හිමිකම් යන වචන වල අර්ථය කියාදීම පළමුවම කළයුතු නොවේද?

:       3       78

Champa Friday, 09 October 2020 12:55 PM

ලෝක මානව හිමිකම් සංවිධානය (කොයි එකද දන්නේ නැහැ) මේ වනචාරී මානව හිමිකම් ආචාර්ය පට්ටම තියෙන පුද්ගලයාගේ සාමාජිකත්වය අයින් කරයිද? නැත්නම් වෙනද වගේම සල්ලි එවයිද දන්නේ නැහැ.

:       0       31

ලුම්බිණි Friday, 09 October 2020 01:08 PM

මානව හිමිකම් සංවිධාන වල සාමාජිකයෝ වෙන්න පුළුවන්... ආචාර්ය පට්ටම් තිබෙන්න පුළුවන්... ඒත් තිරිසන් ගතිගුණ නැති කරන්න බැහැ. කොයි වෙලාවක හරි ඒවා මතුවෙනවා.

:       1       79

SUNIL MILANO Friday, 09 October 2020 01:15 PM

හෝමෝ සේපියන් සේපියන්ස්...

:       0       8

sam Friday, 09 October 2020 10:22 PM

චොකාමල්ලි වගේ මිනීමරුවන් ඉන්න පාර්ලිමේන්තුවට ඕවා එච්චර දේවල්ද?

:       1       6

Nuwan Friday, 09 October 2020 11:07 PM

ප්‍රශ්නය තමන්ගේ වනතෙක් සියල්ලෝම මානව හිමිකම් ක්‍රියාකාරීන්‍...

:       0       8

rocky Saturday, 10 October 2020 12:23 AM

මාරක හිමිකම් කාරයෙක්...!!! බොරු කාරයෙක් වෙන්න ඇති. සමහරවිට ඔය ආචාර්ය උපාධියත් ගමේ කම්මලෙන් හම්බවෙච්ච එකක් වෙන්න පුළුවන්.

:       1       60

rocky Saturday, 10 October 2020 12:28 AM

රවීන්ද්‍ර මහත්තයෝ, හැම එකටම ඔය එන්ජීඕ වචනය යොදාගන්න එක වැරැදියි. රජයේ නොවන සංවිධානවලටයි එන්ජීඕ කියන්නේ. බොහොම යහපත් එන්ජීඕ තියෙනවා. ඒක නිසා හැම එන්ජීඕ එකකටම අවමන් කරන එක වැරැදියි.

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32958 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15590 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site