(නාලක සංජීව දහනායක)
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (17) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එමෙන්ම රටේ පාලන තන්ත්රය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පවා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය ලක්කිරීමට සිදුවනු ඇති බවත් ඒ පිළිබදව සියලු තොරතුරු ඉදිරියේදී ජනතාව වෙත ඉදිරිපත් කිරීමට බළාපොරොත්තුවන බවත් එම නිවේදනයේ සදහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

COMMENTS
මහින්ද මහතානනී ලබන ඡන්දයෙන් කෙසේහෝ 2/3 ඡන්දය ලබාගෙන ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපතිට බලය ලබාදෙන්න. එය ඔබට රට කරවීමට විශාල පහසුවක් හා ශක්තියක් වනු ඇත. පාර්ලිමේන්තුවට, අගමැතිට විරුද්ධව නැගී සිටීමට ඇති අවස්ථාව නැතිවේවි.
19 සමාලෝචනය කරලා එක පැත්තකට විසිකරලා ආයෙත් 18 ගේන්න වාගෙයි කල්පනාව. වැඩ පටන් ගන්නයි යන්නේ.
ඉතාමත්ම කාලෝචිත හා ඉක්මනින්ම ගත යුතු පියවරක්. රටක ව්‍යවස්ථාව අවුල් වූ පසු ආණ්ඩු ක්රමයම සංකීර්ණ වී රාජ්‍ය අරාජිකත්වයක් නිර්මාණය වන බවට හොඳම උදාහරණයන් පසුගිය වසර 5 කට ආසන්න කාලයක අපි දුටුවෙමු. එහෙයින් මෙවර පුද්ගල අභිමතාර්ථයන් මුදුන්පත් කරවීමට නොව රටත්-ජාතියත් අඛණ්ඩව සුරක්ෂිතව පවත්වා ගැනීමට හැකි ශක්තිමත් දුරදර්ශී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතුමයි. ඊට උගතුන්, වියතුන්, වෘත්තීයවේදීන්, මහා සංඝරත්නය සහ සිවිල් ජනතාව අතර මනා කතිකාවතක් ඇති කළ යුතුයි.
ඔන්න බළල්ලු මල්ලෙන් එලියට පනිනවා.
අනේ මහත්තයෝ 18 , 19 වගේ ඒවානම් ආයේ එපා. සමගියෙන් ජිවත්වන රටක් පමණක් ගොඩනගන්න. තරුණ නායකයන්ට ඉඩක් දෙන්න. වයසට ගිය දේශපාලකයින් උපදේශන කමිටු වගේ සේවාවන්ට සිමා කරන්න. රාජ්‍යසේවා නිසිලෙස බලගන්වන්න. එවිට සාමය , සමගිය හා නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීමට පසුබිම නිර්මාණය ඇත. මම ශ්‍රී ලංකාවට සාමය සතුට පතමි.
ඔය ව්‍යවස්ථාවෙන් කොහොමහරි බලන්න නැවත පරදින්න කලින් නාමල් බේබිව ජනපති කරන විදියක්, මෙතරම් වලිකන්නේ... ඕකටනේ...
පළාත්සභා අහෝසිකර පුලුවන්නම් අර 77ට ඉස්සර තිබුන කොට්ටාශ ක්‍රමය නැවත ගෙන එන්න. පාර්ලිමේන්තුවේ 225 ජනපති කෙනෙකු සහ පළාත්සභා මන්ත්‍රීවරු, පළාත්සභා ඇමතිවරු, මහා ඇමතිලා, ආණ්ඩුකාරවරු නඩත්තු කරන එක ලංකාව වැනි ණය බරින් මිරිකුණ කුඩා රටකට කොහෙත්ම ඔරොත්තු නොදේ
මේ කොමෙන්ට්ස් දැක්කහම පේනවා අපේ ජනතාව කොයිතරම් බලාපොරොත්තු සහිතවද ඉන්නේ කියලා. අපි ඔය වගේම 2015දීත් බලාපොරොත්තු තියාගෙන හිටියා. කොටින්ම අවුරුදු 71ක් තිස්සෙම බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ වුණාට මේ මුළුකාලය තුළම අපේ බලාපොරොත්තු කඩවුණා. පාලකයන් පොහොසත් වුණා. හිතන්න එපා මේ ආවේ මහ සමාජ පරිවර්තක සමයක් කියලා. එහෙම අය ඉඳලා තියෙන්නේ දුටුගැමුණු, පරාක්‍රමබාහු වැනි යුගවලදී පමණයි. අපි ආයෙත් බලාපොරොත්තු ඔහොම්ම පොදි බැඳගෙන යමු. මොනවා කළත් මිනිහා ජීවත් කරවන්නේ බලාපොරොත්තුව කියනවා නොවැ...
මැතිතුමනි 77ට පෙර තිබූ කොට්ටාශ ක්‍රමය ඇති කරන්න.
කවදාවත් නොවෙන දේවල් කියන එක නිෂ්ඵලයි. පළාත් සභා, ප්‍රාදේශීය සභා වගේ දේවල්වලින් තමයි හෙන්චයියන් රැකගෙන කීයක් හරි හොයාගන්න දෙන්න තියෙන්නේ.. ඕවා නවත්වන්න නොවේ පුලුවන්නම් තව වැඩි කරන්නයි කොයි පක්ෂෙත් කැමති. බලමු අඩු කරාවිද කියලා...?
19 ඉවත් කරලා 2025 ආයේ ජනපති වෙන්න වගේ කල්පනාව. මෙහෙමත් තණ්හාවක්...
ගෝඨාභයට සිංහල මිනිස්සු ඡන්දෙ දුන්නම ජාතිවාදය නෙමෙයි. සජිත්ට දෙමල මිනිස්සු ඡන්දෙ දුන්නම ජාතිවාදය. දෙමළ අපේක්ෂකයාට දකුණේ මිනිස්සු ඡන්දෙ නොදීපු එක ජාතිවාදී නොවේ... අනේ මන්දා...