
(චමිල් රූපසිංහ)
කොළොන්නාවේ සිට ගලහ දක්වා පෞද්ගලික වාහනයකින් පැමිණ සිට අතරදි අසනීප තත්වයක් මත පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටදීම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් අද (30) තහවුරු වූ බව පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරු පී.සී.ආර් පරීක්ෂණයකට මළ සිරුර යොමුකර ඇති අතර එම වාර්තාවට අනුව එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වැනිදා ගොස් තිබෙන අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 වැනිදා පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙන බව පොලිසිය පවසයි.
මරණයට පත්වූ 73 හැවිරිදි පුද්ගලයා ගලහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බවත්, මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වන බවත්, මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකළ බවත් සෞඛ්‍ය අංශ පවසයි.
COMMENTS
සර් කොළඹ ඇරියා...
රටම ඉවරයි.
ජනාධිපති උතුමානන්ගේ දැන ගැනීම පිණිසයි. වර්තමානයේ ක්‍රියාත්මක කරන අන්දමට ලංකාවේ කොවිඩ් තුරන් කිරීම කල නොහැකි කටයුත්තකි. තැනින් තැන වසා, ඒ මිනිසුන්ට රුපියල් 5000 , 10000 බඩුමලු දීලා පලක් නැත. නිවැරදි දත්ත ලබාගෙන එදිනෙදා අදායම් ලබන්නන්ට සතියකට රුපියල් 5000ක් ලබාදී. සති 3ක් අවම ලංකාවම වසා දමන්න. (එළවලු හා අත්‍යවශ්‍ය පාරිබෝගික ද්‍රව්‍ය බෙදාහැරිම නිවැරදි යාන්ත්‍රණයක් කරන්න ) ඒ අතර PCR අන්ටිජෙන්ට් උපරිමය කරන්න . හැබැයි යාළුවන්ට කියලා පිටරටින් එන අයට වෙනමම සලකන්න යන්න එපා. පිටරටින් එන අයත් නිවැරදිව පාලනය කරන්න . රට කොවිඩ් වලින් බේරා ගත හැක.