IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මහනාහිමිවරුන්ගේ ස්ථාවරය ජනපතිට බාරදීම හෙට

(රංජන් කස්තුරි)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත නොකිරීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්මත කර රජයට ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (04) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුව ඒකමතික තීන්දුවකට එළැඹී තිබේ.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම නතර කිරීම ,සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව කඩිනමින් විසඳීම සහ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම කල් දැමීම යන කරුණු තුන රජයට ඉදිරිපත් කිරීමට එම සංඝ සමුළුවේදී තීන්දු වී තිබේ.

මෙම තීන්දූ අනිද්දා (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී බාරදීමට ද නියමිතය.මීට අමතරව ජාතික ආගමික වශයෙන් සිංහල බෞද්ධ ජනතාවට ඇති වී තිබෙන අසාධාරණය පිළිබඳව ද එම සංඝ සමුළුවේදී විශේෂ අවධානයක් යොමුකර තිබේ.

රටතුළ ඇතිවෙමින් පවතින ජාතික ආගමික ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී ඇති වී තිබේ.පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සම්බන්ධව ද එහිදි අවධානය යොමුව තිබේ.

මහනුවර අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද අනුස්මරණ ශාලාවේදී අද (04) පැවති එම සංඝ සමුළුවට මහා සංඝයා වහන්සේලා 75 නමක් පමණ සහභාගී වී සිටියහ.



අදහස් (20)

මහනාහිමිවරුන්ගේ ස්ථාවරය ජනපතිට බාරදීම හෙට

Dr.Ven.Witharandeniye Kassapa Tuesday, 04 July 2017 08:55 PM

අඩුම වසයෙන් ලංකාව අවසන් වෙන්නට පෙර මේවගේ පියවරක් ගෙනීම ගැන මල්වතු අස්ගිරු දෙපර්ස්වට ඉස්ටුටිවන්ත වෙමු.

:       238       512

Gayan Wednesday, 05 July 2017 01:55 AM

රට ජාතිය වෙනුවෙන් නැඟී සිටි ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි

:       197       597

De Silva Wednesday, 05 July 2017 02:00 AM

බෞද්ධ ආගම ඇති කිසිම රටක් ලොව දියුණුවී නොමැත. මෙය තමා සත්‍යය...

:       1554       787

eraWednesday, 05 July 2017 05:43 AM

සිල්වා මහත්මය මේ කියනවා ඇත්තේ බවුතික දියුණුවක් ගැන වෙන්න ඕනේ, මහත්තයෝ, අපි නම් බවුද්දයෝ හැටියට මුල් තැන දෙන ප්‍රදනතම දියුණුව නම් අද්‍යාත්මක දියුණුවයි, අධ්‍යාත්මක දියුණුව ඇති උනොත් විතරයි මේ ලෝකේ අර්ථවත් විදියට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ, ලෝකේ බිලියනපතියන් අතර මුලින්ම සිටිය ස්ටීව් ජොබ් මරණාසන්න මොහොතේ කියපු කතාව ඔබ තුමා අහල නැති ව වගේ, පොඩ්ඩක් හොයල බලන්නකෝ මේ ලෝකේ දියුණුවේ හිනිපෙත්තටම ගිය මිනිසුන් අවසානයේ කිවේ මොකද්ද කියල, බූතානය කියන්නේ බොහොම සුන්දර බෞද්ධ රටක්, අද ලෝකේ තියෙන එකම කාබන් රින අගයක් තියෙන රට බූතානය විතරයි, ඒ තැනට තමන්ගේ රට ගේන්න ඒ සුන්දර මිනිසුන් මොනතරම් ආද්යාත්මික දියුණුවක්ද කියල ඔබ තුමාට හිතාගන්නත් බැරි බව දන්නවා, ලෝකේ රටවල් අවශ්‍ය නේ, අපේ රටම ගත්තොත් ඔබ තුමා ඔය දියුණුයි කියන රටවල් මලපහ කරන්ඩ කැලා හොයද්දි , කැලා කොළ වලින් පස්ස පිහද්දී අපේ රටේ බෞද්ධ මිනිසුන් කැටයම් කරපු වැසිකිල් කැසිකිලි පද්දති පාවිච්චි කලේ, ඔබ තුමාට නම දීපු අය මේ සුන්දර රටට ඇවිත් ඒ දේවල් දැක්කේ හරියට සුර පුර දකිනවා වගේ, පොඩ්ඩක් අනුරාධපුර පොළොන්නරු පැත්තට ගිහින් බලන්න,

:       0       664

Roy de silvaWednesday, 05 July 2017 06:01 AM

රට දියුණු වෙන්නේ නැත්තේ බෞද්ධ දර්සනයේ වරදින් නොවේ. හේතුව අවංක නායකයෝ රටේ නායකයා ලෙස පත් නොකරගනිමයි. 48 සිට ඔබ ඔබේ චන්දය පාවිච්චි කලේ ඔබේ සහ පවුලේ අය ගැන හිතලයි. ඔබේ රැකියාවේ උසස් වීම , දුවට පුතාට හොද අමත්‍යන්සයක රැකියාවක් , පාරක් , පාලමක් හදන කොන්ත්‍රාත්තුව ලබාගැනීම වගේ අරමුණු හිතේ තියාගෙන ලංකාවේ බොහෝ දෙනෙක් චන්දය දෙන්නේ. එවෙනි රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. එක තමයි ඇත්ත.

:       0       103

mohanWednesday, 05 July 2017 07:20 AM

මොකක්ද අප ලබා ඇති ආධ්‍යාත්මික දියුණුව? වසරකට කොපමණ අපරාධ වෙනවද? මේකද දියුණුව?

:       20       0

chandanaWednesday, 05 July 2017 09:20 AM

අනිවාර්යයෙන්ම, මොකද බෞද්ධ ධර්මය තියෙන රටවල වටිනා දේවල් හොරෙන් සහ ප්‍රසිද්ධියේ පිටරට අරගෙන ඒවායේ වටිනාකම් වලින් දියුණුව හදාගත්තු රටවල් තමයි අද ලෝකයේ දියුණුම රටවල්, ඒ රටවල් වල මුල් ප්‍රාග්ධනය එකතු කළා නම් ඒ බෞද්ධ ධර්මය තිබුණු රටවල වටිනාකම ගැන දැනගන්න පුළුවන්.... තවමත් ඉතින් ඔය කියන දියුණු රටවල් මේ රට අර ගන්න හදන්නෙත් වටිනා දේවල් තියෙන නිසානේ...

:       0       52

මහකන්දේ විජිතසිරි හිමි Wednesday, 05 July 2017 04:03 AM

ජපානය , චීනය , තායිවානය , තායිවානය කොරියාව බෞද්ධ රටවල් සහ සංවර්ධිත රටවල්

:       105       502

මහකන්දේ විජිතසිරි හිමි Wednesday, 05 July 2017 04:05 AM

ජපානය , චීනය , තායිවානය , තායිලන්තය, කොරියාව සංවර්ධිත දියුණු බෞද්ධ රටවල්ය

:       39       502

samanWednesday, 05 July 2017 04:22 AM

එත් හිමියනි ඔබතුමන් අහල තියනවද ඒ රටවල හාමුදුරුවරු ප්‍රවුර්ති වල පෙනී සිටිනවා බල සේනාවලට සපෝට් එක දෙනවා ? හාමුදුරුවරු රටවලට ඕනේ ඒ රටේ ප්‍රජාවගේ හිත හදන්න මිසක් රට හදන්න නෙමෙයි

:       672       709

Roy de silvaWednesday, 05 July 2017 07:34 AM

එවැනි රටවල පාලකයෝ සහ නායකයෝ වඩා අවංකයි, ධාර්මිකයි. එමනිසා භික්ෂූන් වහන්සේලාට පෙළපාලි යන්න වෙන්නේ නැහැ. රටේ දියුණුවට රටේ නායකයා වැඩ කරනවා නම් ලංකාවෙත් හාමුදුරුවරු පන්සල්වලට වෙලා වැඩඉඳීවි.

:       0       19

nuwanWednesday, 05 July 2017 06:58 AM

ඉහත සදහන් කිසිම බවුද්ද කියන රටක් ආගම මුල්කරගෙන පාලනය කරන්නේ නැහැ , කවුරු බලයට අවත ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. ඔවුන්ගේ රටවල දියුණුවේ රහස එයයි. අනික ජපනුන් කියන්නේ ඉතාම කාර්ය ශුර ජාතියක් ,කම්මැලි නැතිව වැඩකරන ජාතියක්, අනිත් රටවලුත් එහෙමම තමයි. නායකයින්ගේ වැරදිම සොයන වෙලේ තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරන්නේ කි දෙනාද මෙරටේ , අඩුගානේ මේසන් බාස් කෙනෙක් අරන් බලන්න බොරුද කියල , මෙහෙව් රටක් බෞතිකව දියුණුවෙනවා කියන එක වියසිදුරෙන් එලිය බැලුව වගේ තමයි . අද්‍යාත්මක දියුණුව ගැන කතාකලොත් ඇපත් නැතිවෙයි රටේ සිදුවන දුෂණ අපරාධ මිනීමැරුම් මංකොල්ල දිහා බලද්දී

:       21       0

vipula Wednesday, 05 July 2017 04:51 AM

ඔබ වහන්සේලාට දීර්ග ආයුෂ ලැබේව

:       0       32

Nuwan Wednesday, 05 July 2017 06:29 AM

මහනාහිමිවරුන්ගේ උවමනාවට අනුව නම් පාලකයෝ රට කරන්නේ මොකටද කෝටි ගණන් වියදම් කරලා ජන්ද තියන්නේ? දැන් මහජනතාවගේ කැමැත්ත අනුව නෙමේද ප්‍රජාතන්ත්‍රවාදී රටක් පාලනය වෙන්නේ, පනත් සහ නීති කෙටුම්පත් ගෙනෙන්නේ ජාතිය ආගම අනුව නොවේ රටේ සියලු ජනතාවගේ යහපත සදහා , අඩුම ගන්නේ අතුරුදන් කිරීම වැළක්වීමේ පනතටත් මහානායක හිමිවරු විරුද්දයි. මේවා පිටුපස තියන හස්තය කාගේද කියල නුවනින් බලන අයට තේරෙනවා.

:       491       462

sampathWednesday, 05 July 2017 08:10 AM

නුවන්, මේ පනතේ අන්තර්ගතය අපිට කියල දෙන්න පුලුවන්ද?

:       0       0

mohan Wednesday, 05 July 2017 07:21 AM

අතිගරු ජනාධිපතිතුමනි, කලින් හිටපු කෙනා වගේ මේ යෝජනා කුණු කූඩයට නොදමා මේ ගැන කරුණාවෙන් සලකා බලන්න.

:       0       0

Indrajith Wednesday, 05 July 2017 07:54 AM

තල්දුවේ සෝමාරාම හිමිත් මාපිටිගම බුද්ධරක්ඛිත හිමිත් හිටියානම් මේ හිමි වරු සමග මේ සටනට එකතුවී රට බේරා ගැනීමට කටයුතු කරන්නට තිබ්බ.

:       16       0

sanul Wednesday, 05 July 2017 07:59 AM

ජන්ද තියල රට පාලනය කරල තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ. හැමදාම රට ආපස්සට. දැන්වත් බොරු පොෂ් ප්‍රජාතන්ත්‍රවාදය නැතිව දැන්වත් හාමුදුරුවරු කියන එක අහමු.

:       0       0

roshan Wednesday, 05 July 2017 08:37 AM

දියුණුයි කියන රටවලට මොකද අද වෙන්නේ. යුරෝපය පුරාම බෝම්බ පුපුරනවා. තව අවුරුදු කීපයකින් යුරෝපයම ඉස්ලාම් වෙනවා. අපිට එහෙම නොවෙන්න තමයි හාමුදුරුවරු මෙච්චර දේවල් කරන්නේ...

:       0       0

Manoj Wednesday, 05 July 2017 08:56 AM

බුදු දහම අදහන මිනිසුන් බුදු දහම හැරදා වෙන ආගම් වල අය විවාහ කරගැනීම නිසා අද විශාල වශයෙන් බුදු දහම අදහන ප්‍රතිශතය ලංකාවේ පහත යමින් පවතී. බුදු දහමේ දරුවන් පිට ආගම් වලට යා නොදී රැක ගැනීමට දෙමාපියන්, සංඝරත්නය සහ රජය බුදු දහම රැකගැනීමට නීති සම්පාදනය කිරීමට සහ එහි ඇති වැදගත්කම දරුවන්ට අනිවාර්යෙන් කියා දීමේ කාලය එළඹ ඇත. නංගියේ, මල්ලියේ ඔබ බුදු දහම පාවා දී වෙන ආගමක අයෙක් සරණ පාවා ගැනීමට පෙර ලක්ෂ වාරයක් සිතන්න. ඔබ ආදරය කරන කෙනාගෙන් විමසා බලන්න ඔහුගේ හෝ ඈගේ ආගම හැර දමා බුදු දහමට පැමිණීමට කැමතිද කියා. 10 දෙනෙක්ගෙන් විමසුවොත් 9 දෙනෙක් පවසාවි ආදරයට වඩා ආගම වැදගත් බව දෙමාපියන් සහ තමන්ගේ ආගමේ පූජකවරු තමන්ට වෙන ආගමකට යන්නට නොදෙන බව... එසේනම් ඔබ කුමන හේතුව නිසාවත් බුදු දහම පාවාදී එසේ යා යුතුද? මඳක් සිතන්න. ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ට බුදුදහම රැකගැනීමට අද පාරට බැසීමට සිදුවී ඇත. හෙට බුදුදහම වෙනුවට වෙනත් ආගමක් මූලික ස්ථානය ලබා ගැනීමට ව්‍යවස්ථාවක් ඉදිරිපත් වී සම්මත වනු ඇත. බුදුදහම හැරදා තමනුත් තමන්ගේ දරුවනුත් ඉදිරි පරම්පරා සියල්ලත් අන්‍ය ආගමික වීමට පෙර ඔබ ගන්නා තීරණය ගැන බුද්ධියෙන් සිතන්න.

:       0       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 115 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 31 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1208 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2717 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3166 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1525 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site