පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන අයිතිකරු වන හර්ෂණ සිල්වා යන අයට මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝග අනුව අද (12) එම වාහනය රැගෙන ගියේය.
ඡායාරූප - ඉෂාන් සංජීව





COMMENTS
මෙච්චර වටිනා කාර්, ගෙවල් සහ දේපල තමන්ගේ නමින් තියාගන්න තරම් මේ අය මෝඩ නැහැ.
මහජන මුදල් හොරකම් කර මේ අයගේ සැප සම්පත් ලබාගත්තා... මුළු පරපුරටම වැහි නැති හෙන හතම ගහන්න ඕනේ..
මන්ත්‍රී පර්මිට්වලට ගෙනාපු වාහන තව කී දෙනෙක් ළඟ ඇතිද?
අවුරුදු දෙකක් තිස්සේ ඔප්පු කරගන්න බැරුව මේ වගේ තියගත්ත එක නම් වැරදියි. මේ රටේ මුදල්, මිනිස්සුගේ කාලය සහ මහජන මුදල් නාස්ති කරනවා මේ එෆ්.සී.අයි.ඩී. සහ සී.අයි.ඩී අයතන අනවශ්‍ය විදියට ඔප්පු කරගන්න බැරි සිද්දි අරගෙන ඇවිත්. මේ දෙවල්වලින් නීතිවේදියෝ නම් සල්ලි හොදට ගරගන්නවා. කල් අදින්න අදින්න මල්ල කරේ. මේවා තමයි රටේ මුලින්ම වෙනස් වෙන්න ඕනෑ..
මන්ත්‍රී පඩියකින් මේවගේ වාහනයක් ගෙන්වාගන්න පුලුවන්ද?
ෆෝර්ඩ් මස්ටැන්ග් 2019 දොර දෙකේ මෝටර් රථය මිලේ ඇමෙරිකානු ඩොලර් 26,000 ක් පමණයි. රුපියල මෙතරම් බාල්දු වෙලා තියෙනකොට පවා එහි මිල රුපියල් ලක්ෂ 44 කට අඩුයි. නව ගාස්තු , බදු ඔක්කොම ගැහුවත් ලක්ෂ 90ට එහා යන්නේ නැහැ. අද ලංකාවේ පාරවල්වල යන වාහන එක්ක මේක මොන මිලක්ද? අනෙක ඔය රථයේ (පැරණි model නිසා) වටිනාකම ලක්ෂ 50ක් විතර ඇති.
මේ වෙලාවේ ඕක ගැන අමතක වෙලා යන වෙලාවේ අායෙත් එක එලියට දුන්නේ මිනිස්සුන්ට අයෙත් ඒගැන මතක්කරන්නද? ඡන්දෙත් ළඟ ළඟ එනවනම් කගේ හරි කිමකටවත් නිදහස් කලාද?
මේකද අපි බලාගෙන හිටිය ලම්බෝගිනිය කෝ
යකඩ සුන්බුන් ගොඩකට තිබෙණ තෘෂ්ණාවක් .
රත්තරං හොයන්න වලවල් හාරපු ගොන්නු මේ වගේ මේ වගේ මෝඩ තකතීරු වැඩ තමයි අද වෙනකල් අවුරුදු 3 1/2ක්ම කළේ... මේවා කීපාරක් ප්‍රසිද්ධ කළාද?
ඇති යාන්තං... මගේ වාහනේ පාක් කරගන්න පුළුවන් දැන් එතන...
ඔය වාහනේ ගාන කීයද? අනික තීරු බදු රහිතව මන්ත්‍රී පර්මිට් එකෙන්ද ගෙනාවේ. එහෙම නැත්නම් ඕක නාමල්ගේ නෙවෙයිද? ඒ අනුව අපි කෑගහමු.
කිව්වේ ලෝකේ තියෙන වටිනාම් කාර් එක කියලයි......... බලනකොට ෆෝඩ් කාරෙකක් ! මෙයාල හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම මැට්ටෝ කියලයි . මිනිස්සු එකපාරක් රවටුනාම හැමදාම අන්දන්න පුළුවන් කියල හිතනවානම් එකට කියන්නේ මෝඩකම කියල . 2015 ඡන්දෙ දීපු මිනිස්සු බලාපොරොත්තු වුණු කිසිම දෙයක් වුනේ නැහැ . කාරෙකට කරලා තියෙන දේ දැක්කම හිතන්න පුළුවන් මොනතරම් ඉරිසියා කාරයෝද කියල .
තවමත් මෝඩයෝ ඉන්නවනේ.............. රටම රවට්ටලා රට කනවා.
නඩු භාණ්ඩ පරිස්සම්කිරීම, භාරයට ගත් පුද්ගලයින්ගේ වගකීමක් නිසා FCID මහත්වරු සාමුහිකව සහා පුද්ගලිකව වගකිය යුතුයි වාහනයේ හානියට.