IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

(රංජිත් රාජපක්ෂ)                      

මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිනි ඇල්ල ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්දක් එම ප්‍රදේශයට පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග කඩා වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මොහිනි ඇල්ල අසල ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන අතර පස් කන්ද කඩා වැටුණු ස්ථානයට ඉහළින් විශාල යුකෙලෙප්ස්ටික් වර්ගයේ ගස් කිහිපයක් පිහිටා ඇති බවත්, හමා යන දැඩි සුළං තත්ත්වය හමුවේ  එම ගස් ද ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් ඇති බව පොලිසිය පවසයි.

ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් සහිත ගස් කපා ඉවත් කරන ලෙස ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය විසින් ලක්ෂපාන වතු යායේ පාලන අධිකාරියට දැනුම් දි ඇතත් ,ඒ සදහා වතු පාලන අධිකාරිය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි පොලිසිය කියයි.



අදහස් (1)

මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි

සේපාල Sunday, 09 August 2020 07:58 AM

දිවුරුම් දුන්නා විතරයි, අනේ මන්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 165 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 238 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site