IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


මව්පියෝ පැමිණ බලන්ගොඩ ජාතික පාසලෙන් දරුවන් ආපසු ගෙන යති


(ප්‍රින්ස් රත්නායක)
                                     
බලන්ගොඩ අභිමානගම ප්‍රදේශයේ පදිංචි සේවකයෙක් කෝවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගැනීමත් සමඟ ඔහු ඇඹිලිපිටිය කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇත.

ඔහුගේ පළමු ආශ්‍රිතයන් 80ක් පමණ මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබේ.

බලන්ගොඩ ජාතික පාසලේ දරුවන් කීප දෙනෙක් ආසාධිත පුද්ගලයා සමග ක්‍රිකට් ගැසීමට එක්ව තිබේ. එම දරුවන් නිරෝධායනයට ලකව ඇති බව සැළවීමෙන් දෙමාපියන් විසින් දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළ බව විදුහල්පති රවින්ද්‍ර සිල්වා මහතා  කීය.

එහිදී වැඩිදුරටත් විදුහල්පතිවරයා කීවේ 50% ක් පාසලට දරුවන් කැඳවන බවත් ඒ අනුව දවසක් හැර දවසක් දරුවන් පාසලට එන බව හා අද දිනයේ පාසලට පැමිණි සංඛ්‍යාව 174 ක් බවය.

ආසාධිත පුද්ගලයා ඇඹිලිපිටිය කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර පළමු ආශ්‍රිතයන් 80ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා  සඳහන් කළේය.

එමෙන්ම පාසල වසා දැමීමට අවශ්‍ය නොවන බවත්  විෂබීජහරණය කිරීම ප්‍රමාණවත් වන බැවින් එම කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

මව්පියෝ පැමිණ බලන්ගොඩ ජාතික පාසලෙන් දරුවන් ආපසු ගෙන යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 623 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 826 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site