(සුජිත් හේවාජූලිගේ සහ මංජුල මහික වීරරත්න)
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දින සිට පසුගිය වසරේ නොවැම්බර් මස 20 වැනි දා දක්වා රුපියල් හතළිස් හතර කෝටි පනස් තුන් ලක්ෂ දහනමදහස් හය සිය පනස් හයක ආදායමක් උපයාගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
එම ගුවන් තොටුපළ විවෘත කළ දින සිට මේ දක්වා ගුවන් යානා දස දහස් දෙසියහයක් පැමිණ ඇතැයිද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (ස.ජ.බ) වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එම ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා ඇඇමෙරිකානු ඩොලර් මිලියන 247.7ක් වැයවී ඇතැයි පැවසූ අමාත්‍යවරයා ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට 2020වසරේ නොවැම්බර් මස දක්වා මඟීන් සංඛ්‍යාව 58651ක් මඟීන් සංඛ්‍යාව 73513ක් පැමිණ පිටවගොස් ඇතැයිද කීය.
පසුගිය රජය සමයේදී මෙම ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එහි කටයුතු වලට බාධා එල්ල වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
විකුණපු හම්බන්තොට වරායෙන් දෙගුණයක්...
වාර්තාගත ආදායමක්? ඔය ගමන්ම වියදමත් ඉදිරිපත් කරන්නකෝ මහත්තයෝ. ලෝක වාර්තාගත පාඩුවකුත් ඇති...
හැබෑටම.. ඒක නම් හොඳ ප්‍රවෘත්තියක්... ඒත් වියදම් ටික ගියාම ශුද්ධ ලාභය කීයද කියලත් කියන්න පුළුවන්ද? වාර්තාගත ආදායම් ගත්තට වැඩක් නෑ.. අපේ රටේ බොහොමයක් තියෙන්නේ වාර්තාගත වියදම්නේ...
කටුනායක ගුවන් තොටුපළට ලැබෙන්න තිබ්බ මුදල් තමයි හම්බන්තොටට ලැබුණේ . පෙට්‍රල් ගහගෙන යන්න වෙනවා එහෙට . ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ
මත්තල හදන්න ගිය වියදම ඇ. ඩො මිලියන 247 (රු කෝටි 4940) වසර 6 ක ආදායම රු කෝටි 44 යි. (ලාභය නොවේ ආදායම පමණි) හදන්න ගිය වියදම (ලාභය නොවේ) හොයන්න ගතවන කාලය අවු 672 යි.
ඉහළ ප්‍රතිචාර දැක්කම ලංකාවේ ජීවත් වෙන්නේ නියම ගෙම්බෝ කියලා හිතෙනවා. කටුනායක ගුවන් තොටත් වහලා ඉන්දියාවට ඇවිල්ලා පාරුවලින් තමයි ලංකාවට එන්න තියෙන්නේ...
කටුනායක එන ගුවන් යානා වලින් අදායම නවත්තලා, එකක් වහලා අනිත් එකෙන් හම්බ හරනවා... මාර සිස්ටම් එක
කවද්ද දේසපාලුවෙක් හරියට ඇත්තක් කිව්වේ ? උන් කවදත් කෙරුවේ ජනතාව ගොනාට අන්දවපු එකනේ?