IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


බෝම්බ වෑන්රියේ ආසන සැකසීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසළ නවතා තිබී ආරක්ෂක අංශ විසින් පුපුරවාහරින ලද බෝම්බ සවිකළ වෑන් රථය මිලදී ගැනීමට හා ආසන සකස් කිරීමට සම්බන්ධ වූ පුද්ගලයා කාන්තන්කුඩි ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

එම සැකකරු දුටු බව කියන පුද්ගලයන් සිව්දෙනෙකු ලබාදුන් ප්‍රකාශ මත, අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු විසින් අඳින ලද ඔහුගේ රුව සහිත සිතුවම් ඔස්සේ සැකකරු හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මරාගෙන මැරෙන බෝම්බකරු සමග සම්බන්ධකම් පැවැත් වූ බව කියන මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ රුව සහිත සිතුවම් 4 ක් පෙරේදා (13)  මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.



අදහස් (0)

බෝම්බ වෑන්රියේ ආසන සැකසීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 84 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 358 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 371 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site