IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බුලත්සිංහල වේයන්ගල්ලෙන් අද තවත් කොරෝනා ආසාදිතයන් 49 ක්

 

(මංගල එදිරිසිංහ)

හුදකලා කරන ලද වේයන්ගල්ල මුස්ලිම් ගම්මානයෙන් අද (15) දින තවත් කොරෝනා  ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඒ අනුව වේයන්ගල්ල ගම්මානයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 234 දක්වා ඉහළ ගොස් ඇති බවත් බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ඒ.සී. රණවක මහතා පවසයි.

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය විද්‍යා රණවීර මහතාගේ මෙහෙයවීම මත අඛණ්ඩවම ආශ්‍රිතයින්ගේ ජෛව සාම්පල රැගෙන පි.සි.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකරන බවත්, වේයන්ගල්ල ගම්මානයේ තව තවත් සංචරණ සිමාවන් පනවා ඇති බවත් රණවක මහතා පවසයි.

මේ වන විට පවුල් 300 කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බවත්, ඔවුන්  සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් සියලු පහසුකම් සපයන බවත් බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහන් කරයි.



අදහස් (0)

බුලත්සිංහල වේයන්ගල්ලෙන් අද තවත් කොරෝනා ආසාදිතයන් 49 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site