(අංජුල මහික වීරරත්න)
කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බවට අප්‍රේල් 4 වැනිදා තොරතුරු ලැබීමෙන් පසුව එය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්ගේ සිට ඊළඟ නිලධාරීයා දක්වා තොරතුරු යොමු කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක සඳහන් වේ.
මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් තානාපති ප්‍රජාව හරහා ලැබුණු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ,නියෝජ්‍ය පොලිස්පති ආදී තනතුරුවෙත යොමු කිරීම පමණක් සිදුව ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතාම ජාතික ආරක්ෂාව,නීතීය හා සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට කරුණු වාර්තා කිරීම ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශය ඒ සම්බන්ධයෙන් දින 16 ක් ගතවන තෙක් ගත් පැහැදිලි ක්‍රියාමාර්ගයක් පෙන්නුම් නොකරතැයි අදාළ වාර්තාව වැඩිදුරටත් විස්තර කරයි.
රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ද බාර දීමට නියමිතය.
COMMENTS
ඉහල ඉඳල පහළට ගැලුවානම් ඇති
රජයට ඉදිරිපත් කල රහස්‍ය වාර්තාව ජනාධිපති ට සහ අගමැති ට ඉදිරිපත් කිරීමට නියමිත උනත් ඊට කලින් ප්‍රචාරය වීමෙන් පේනවා ආණ්ඩුවක තරම
තාම බෝලෙ එහෙට මෙහෙට පාස් කරනවා විතරයි..අන්තිමට මෙකට වග කිව යුත්තන් වෙන්නෙ මහ ජනතාවම වෙන්නත් බැරි නැහැ.බොරු මවනවා දැන් හිතලා කරපු සෙල්ලම වහගන්න .
මේ හලෝ මේ රහස්‍ය වාර්තා මොන මගුල්ද ? පාලකයෝම ඊයේ පෙරේද කීවේ උන්ගේ පාලන ක්‍රියාකාරිත්වය කෙරුනේ කොහොම කියලා පසුගිය වකවානුවේ. පාලකයෝ වගවීම කියන වචනේ තේරුම නොදන්නා බබාලා නොවෙයිනිනේ. ගෙදර පලයව් දැන්
ඕක බුද්ධි තොරතුරුවල විතරක් නොවෙයි රටේ සෑම අංශයකම තියෙන දෙයක්. ඉහළ සිට පහළට විතරයි. ඒ ඒ අංශවල මොනතරම් දැන උගත්, පුහුණු, පළපුරුදු නිලධාරීන් උන්නත් අන්තිමේ කසිප්පු කාරයෙක්, කුඩු කාරයෙක් ඇමති වෙලා කියන දේ තමයි කරන්න වෙන්නේ?
ගැලුවේ නැහැ ගිලලා.
එතකොට මහින්ද කොහොමද කියන්නේ විනාසය වුනේ බුද්ධි අංශ හිරේ දැම්ම නිසා කියලා