IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බැසිල්ට එරෙහි ජී.අයි.බට නඩුව විභාගයට දින නියම කරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

2015 ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බණ්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 27 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (31) තීරණය කළේය.

2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ  ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප‍්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78 ක් වටිනා ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

 



අදහස් (11)

බැසිල්ට එරෙහි ජී.අයි.බට නඩුව විභාගයට දින නියම කරයි

සනත් ඉතාලිය Wednesday, 31 March 2021 02:37 PM

දැන් බැසිල්ව වරදකරු කරලා රජයට කළ අලාබෙට වන්දිත් අරගෙන කුජීතම කරලා දාපුවම පව් නේද?

:       0       7

Hafeel Wednesday, 31 March 2021 03:04 PM

නිකං බොරුවට කල්මරන්න නැතුව නිදොස්කොට නිදහස් කරලා දාන්න. ඕක නේ අවසානයේ මල්වානේ සහ මාතර ඉඩමටයි වෙන්නෙත්.

:       0       7

mihira Wednesday, 31 March 2021 03:27 PM

අපිව හිනස්සලා මරන්න මේ හදන්නේ දෙයියනේ

:       0       7

Pradeep Wednesday, 31 March 2021 04:36 PM

බය වෙන්න එපා මහත්තයෝ.. ඔයත් ඉක්මණින්ම නිදහස් වෙයි. ඔය බට ටික ඇවිදගෙන ප්‍රාදේශීය සභා වලට ගිහිල්ලා කියලා මේ එකෙකුටවත් නොතේරෙන හැටි.

:       0       9

mahes pirisi Wednesday, 31 March 2021 08:19 PM

ඕකත් නිදොස්කොට නිදහස් කියල තීන්දුවක් දෙයි .මොකටද ඔයතරම් කල් මරන්නේ , අනෙක් අය නිදහස් වුණ එකේ බැසිල්ව යාවිද ඇතුළට . ඕවා බොරු බයිලා .

:       0       12

alwis Wednesday, 31 March 2021 08:34 PM

මෙන්න තීන්දුව : 2015 ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදාහැරි රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහිව තිබූ සියලු චෝදනා වලින් නිදහස් කෙරේ .

:       0       14

Nihal Thursday, 01 April 2021 12:21 AM

තීන්දුව දැන් කියන්නම්.

:       0       10

Ranjith Thursday, 01 April 2021 08:03 AM

"නොදොස් කොට නිදහස්" කියල කියල දැන් එපාවෙලා ඇති. හැට නම ලක්ෂයේ නොවැම්බර් වරුන් දැන් ඉන්නේ "රිලවා මරුන අහිකුන්ටිකයෝ" වගේලු. අනේ මන්ද.

:       1       7

sam Thursday, 01 April 2021 09:25 AM

මේකේ තීන්දුව මට හීනෙන් දැන්වූවා. කිසිම වරදක් නොකළ මෙයාව නිදොස් කොට නිදහස්. පැමිණිලි දාපු අයට බරපතල වැඩ ඇතිව අවුරුදු 10ක් හිරේට...

:       0       2

amarasiri - thissamaharamaya Thursday, 01 April 2021 11:36 AM

පයිප්ප කෑල්ලෙනුත් හොරා කාලා. පුදුම වෙන්න දෙයක් නැහැ. ලොස් ඇන්ජලීස්වල 24 වන පටුමගේ 6 වෙනි ෂොප් එකේ වැඩකරපු කාලෙත් කලේ ඕවාමයි. තරුණකාලේ තිස්සමහාරාමේ සමුපකාරේ සීනි, කරවල ඔතද්දී, උම්බලකඩයක් ඉනේ ගහගෙන ගිහිල්ලා අහුවුණා. අන්තිමට දේශපාලනයට ඇවිත් රටම කෑවා.

:       0       1

අතුල Thursday, 01 April 2021 02:02 PM

බොරු චෝදනා නැගීමෙන් එතුමාට සිදුවූ සිත් අමනාපයට, මෙතෙක් හිමිකරුවකු හමු නොවූ මල්වානේ නිවසක් තෑගි..!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 90 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 165 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 411 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 581 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 236 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 487 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site