(තිළිණි ද සිල්වා)
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ.
2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂකයාන්ට අතින් සංඥාකරමින් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව අද මෙලෙස ප්‍රකාශයට පත්කෙරිණ.
මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් පවුම් 2400 ක දඩ මුදලක් ගෙවන ලෙස ඔහුට අධිකරණය නියෝග කර ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු “රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන” බවට මීට පෙර දුන් තීන්දුවක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කරන ලදී.
“2018 පෙබරවාරි 4 වන දින ඔහු ගෙල සිඳලන ඉරියව්ව සිදු කළ බවට මට කිසිදු සැකයක් නැත” ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බුට්නොට් අද දින සිය තීන්දුවේදී පැවසුවාය.
මීට පෙර අවස්ථාවක බ්‍රිගේඩියර්වරයාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශය සහ මහේස්ත්‍රාත් අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කෙරිණි.
පසුව මෙම නඩුව තම භාරය යටතට ගත් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බත්නෝට් මහත්මිය නඩුව නැවත මුල සිට කැඳවීමට තීරණය කළාය.
අවස්ථා කිහිපයකදීම මෙම නඩුව කල් දැමුණි.
එමෙන්ම එම සාක්ෂි විභාගය පැවැත්වෙන අතරතුර අධිකරණයෙන් පිටත ඊළාම් හිතවාදීන් සහ කොටි හිතවාදීන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි.
COMMENTS
මෙම තීරණය ගැන සිංහල ජාතිකයෙකු වශයෙන් මම ඉතාමත් සතුටු වෙනවා, මොකද මේ නඩුව ලංකාවේ පැවැත්තුවා නම් ඔහු නිදහස් වෙලා.
ඔබ දැනටමත් බොහෝ ශ්‍රී ලාංකික හදවත් දිනාගෙන ඇත. අපි එක්සත් රාජධානිය ගැන තැකීමක් නොකරමු
ජවිපය, එජාපය අය පෝලිමට එන්න කිරිබත් කන්න.
සිදුවිය යුතුව තිබුනේ මෙරට දේශපාලන වේදිකාවල වාසි ගැනීමට මෙය යොදාගැනීම වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කර මැදිහත් වීමයි. දැන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අජිත් ප්‍රසන්න වැනි නළුවන්ගේ රැඟුම් බලාපොරොත්තු වීමට හැකිය...
අභීත විරු ප්‍රියංකර ප්‍රනාන්දු, ඔබ ශ්‍රේෂ්ඨ රණවිරුවෙකි. හැකි විගස මෙම දඩය ගෙවීම සඳහා බැංකු ගිණුමක් ආරම්භ කර එහි විස්තර (බැංකුවේ නම, ගිණුමේ නම, බැංකු ශාඛාව, ගිණුම් අංකය) පුවත්පතේ පලකරනා මෙන් ඉල්ලා සිටින්න. ඔබ වැන්නෙකුට, අප රටේ ජීවත්වන දේශප්‍රේමීන් මෙම දඩ මුදල ගෙවීමට බලා සිටිනවා. ඒ සඳහා ඔබ හැකි විගස ගිණුමක් අරඹා එහි විස්තර අපට ලබාදෙන්න...
තුෂාර සිල්වා, බ්‍රිගේඩියර් ප්‍රියංක වගේ නිර්භීත මිනිසුන් සිටියේ නැතිනම්.., ඔබ ඔය කියන සිංහල ජාතිකයන් බොහෝමයක් බෝම්බ වලට හසුවන බව කරුණාවෙන් අමතක නොකරන්න.
තහනම්ව පැවැති ඉස්ලාම් කොඩිය ලන්ඩන් නගරයේ ප්‍රදර්ශන කිරීම නඩුවට අදාල නැද්ද?
එංගලන්තයේ තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ කොඩිය අතැතිව, අපේ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමට ඉඩදීමේ වරදටත් නඩුවක් පැවරුවොත් හොඳයි නේද?
රණවිරුවන් ශ්‍රේෂ්ඨ බව අපි දනිමු... නමුත් රණවිරුවන් කරන වැරදිවලට නීතියෙන් දඬුවම් දිය යුතුයි. රණවිරුවන් සළුව පොරවාගෙන කර ඇති දූෂණ සහ මිනීමැරුම් නිසා සමහර රණවිරුවන් චෝදනා ලබා ඇත. වැරදි කළ රණවිරුවන් හට දඬුවම් නුදුනහොත් සියලු රණවිරුවන්ගේම ශ්‍රේෂ්ඨ බවට කැළලක් වන බව තේරුම් ගන්න.
එංගලන්තේ දේශපාලනයත්, අධිකරණයත් ගැන කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.. මේවා ඡන්ද ගුණ්ඩු... දෙමළ ඡන්ද ලබාගන්න කරන උප්පරවැට්ටි... ඔබතුමා සුජීව කියපු දේ කර අපට එය ලබා දෙන්න ඔබට ජය...
බ්‍රිගේඩියර් ප්‍රියංක හරිද? වැරදිද? කියන්න තරම් මගේ නීති දැනුම මදි බව නිහතමානීව පවසා සිටිමි...! කෙසේවෙතත් එංගලන්තයේ මහ රැජිනගේ නීතිය නම් වෙනත් රටවල ඉල්ලීම්වලට හිස නොනමන බව මේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාව තවමත් බ්‍රිතාන්‍යයේ මිත්‍ර රාජ්‍යයක් වුණානම් මේ දරුවා මෙලහකටත් නව වසරට කිරිබත් කන්න ඇවිල්ලා...!!! එංගලන්තය ඊළාම් හිතවාදීන්ට සහ කොටි හිතවාදීන්ට හිත උණු වනරටක් බව හැමෝම දන්නා කරුණකි..
මේ නඩු තීන්දුව දුන් දවසේ මුළු එංගලන්තයේ තියන දෙමල කඩවල එල්ටීටීඊ කොඩි දාලා තිබ්බා. මේ අදහස් දාන 3වැඩිහරියක් රටට කොච්චර ආදරේද කියල පේනවා. නමුත් අපේ ඔක්කොම සිංහල මිනිස්සු රිංගන්නේ එල්ටීටීඊ එකට උදව් කරන දෙමල කඩ වලට. රිංගලා බදු ගන්නකොට හොඳට හිනා වෙලා බඩු ගන්නවා. මේ එංගලන්තයේ එක සිංහල කඩයක් නැ අපිට බඩු ගන්න, දැම්මත් අපේ සිංහල මිනිහා යන්නේ නැ බඩු ගන්න. ඒ පැහැදිලි ඉරිසියාව. ඒ නිසා කඩේ ඉක්මනට වහලා දානවා.
බ්‍රිගේඩියර්වරයා මහා කොමසාරිස් කාර්යාල ගොඩනැඟිල්ල තුල හිඳිමින් මොන දෙයක් කලත් ඔහුට අනිවාර්යයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලැබෙනවා. අපට මතකයි 1984 අප්‍රේල් 17 වෙනිදා ලන්ඩන් නුවර ලිබියානු තානාපති කාර්යාලය අසල ලිබියන් රජයට විරුද්ධව පැවැත්වුන විරෝධතාවයකට සහභාගි වූ පිරිසකට එම කාර්යාලයේ ඇතුලේ සිටි කෙනෙකු විසින් වෙඩි තැබූ අවස්තාව. මෙහිදී එම වෙඩි පහරක් වැදී එතන රාජකාරියේ දී සිටි ඉයෝන් ෆ්ලෙචර් නමැති තරුණ බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරිනිය මිය ගියා. එහිදී බ්‍රිතාන්‍ය රජයට සිදු වුනේ එම අවස්ථාවේ තානාපති කාර්යාලයේ රාජකාරියේ දී සිටි සියලුම දෙනා රටෙන් පිටුවහල කිරීමටයි. බ්‍රිගේඩියර්වරයා මෙවන් කරදරයකට පත්වූ අවස්ථාවේදී විරෝධතාවය පැවැත්වූ එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතැති කණ්ඩායමට විරුද්ධව තවත් කණ්ඩායමක්ද මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ රැස්ව සිටියා. බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු මහතා කාර්යාලයෙන් පිටතට පැමිණියේ එම කණ්ඩායම රැස්ව සිටි තැනටයි. එදා එම ස්ථානයට බිගේඩියර්වරයා ගෙන්වා ගත් කණ්ඩායමද මෙම කණගාටුදායක තත්වයට වගකිව යුතුයි කියලයි අපට පෙනෙන්නේ. අද ඔවුන් බ්‍රිගේඩියර් වරයාගේ පිහිටට එනවාද ?
ලංකාවේ රජය රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලොකු ලොක්කන්ටත් දේශපාලකයන්ටත් විතරක් දීමේ විදේශ දෙපාර්තුමේන්තුවේ ප්‍රතිපත්තියේ ප්‍රතිපලය තමයි මේ.
ලංකාවේ අපිට තියනවා අපි අරයගේ මෙයාගේ කියලා පාර්ට් දාන ගතියක්... ඒවා දියුණු රටවල් වල නැත..
මෙය දේශපාලනික තීන්දුවකි. බ්‍රිතාන්‍යයේ මහා ඡන්දය 12 වෙනිදා. ඉන්දියානු ඡන්ද කුට්ටිය බලවත්.
විරෝධය පනවා වගේම එයට ප්‍රතිවිරෝධය පෑමේ වරදක් නැත. මොනවා කළත් ලන්ඩන් කොටින්ට ලංකාව කඩන්නට බැරිය.
මේ අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ට බැහැ.. ඊලාම් කොඩි අරන් තානාපති කාර්යාලයක් ළඟ ඉතාමත් පහත් විදියට හැසිරෙන සමාජයට දඩ නොගසන නීතිය බ්‍රිතාන්‍යයේත් වල්වැදී ඇති අයුරු මුළු ලොවටම විදහා දැක්වීමක්...
නීතියට අනුව කලේ වැරැද්දක් නම් මොනවා කරන්නද?
එංගලන්තයේ පදිංචි වෙලා මහා දේශප්‍රේමි කතා කියන අයට දැන් එ්කට විරෝධය පාලා ලංකාවට එන්න පුළුවන්..
ඉහතින් දාපු කමෙන්ට්ස්වලින් තේරෙනවා දේශප්‍රේමින් සහ පරගැති දේශද්‍රෝහින් කවුද කියලා. ඒ අය ලංකාවේ ඉන්නේ ඇයි කියලත් හිතෙනවා. මොහු පිටරටක සැප විඳිමින් තමා තමාගේ දේශප්‍රේමිත්වය ඉස්මතු කලේ. ඔහුට පැත්තක් බලාගෙන ඉන්න තිබුණා. මේකේ අදහස් දාපු සමහරු නම් ඒක කරනවා ෂුවර්. අනෙක යහපාලන ආණ්ඩුව ඒ වෙනුවෙන් කුමක් කලේද? යන්න විමසා බලන්න. නිකමට බැලුවේ නැහැ. වත්මන් ආණ්ඩුවට ඒ වෙනුවෙන් කළහැකිව තිබුනේ නඩු තීන්දුව කුමක්දැයි බලන් හිටීම පමණයි. ඔහුගේ දඩ මුදල ගෙවීමට අපි හැමෝම දායක වෙමු රට වෙනුවෙන්...
මේවා මොන අභීතකමක්ද? මේවා ගොන් පාට්...
ඔය එංගලන්ත අයම තමයි අපගේ ජාතිවාද ප්‍රශ්න ඇති කලේ. ප්‍රශ්නය නම් වෙන කොටින්ට වෙත හැන්දකින් බෙදීමේ ආකාරයයි.
බ්‍රිගේඩියර්වරයකුට ගැලපෙන හැසිරීමක් තිබෙනවා. හමුදාවේ හා තමාගේ නිලයේ ගෞරවය රැකගන්න. නිකන් රස්තියාදුකාරයින් වගේ හැසිරෙන්න බැහැ. මොහු කරපු දෙයින් ලංකාවේ හමුදාව අවමානයකට ලක්වුණු එක පමණයි සිදුවුනේ..
බ්‍රිගේඩියර් ප්‍රියංක ඔබ සැබෑ වීරයෙකි. රටට මහඟු සේවයක් කළ විරුවෙකි. රටට ආදරය කරන අපි ඔබ සමගයි. මෙහි ප්‍රතිචාර දක්වන බොහෝ අය කොටි ඩයස්පෝරාවෙන් යැපෙමින් එංගලන්තය වැනි රටවල සපත්තු ලෙවකන අය බව කිව යුතුමයි. ඔවුන් දේශද්‍රෝහීන් බව කිවයුතුමයි. බටහිර රටවල් කරන්නේද ත්‍රස්තවාදය පෝෂණය කිරීම බව අප කිවයුතුමයි..
මේක ඉතාමත් වැරදි තීන්දුවක්... ජනාධිපති ගෝඨාගෙන් හරි මහින්ද මහතාගෙන් හරි තීන්දුව දෙන්න ඉස්සෙල්ලා ඇහුවා නම් තමයි හොඳ...
මේ විදේශීය රටවල් කොටින්ට ඔක්සිජන් දුන්නු නිසා තමයි අවුරුදු 30ක් අපේ මේ මව්බිමේ අපි හැමදෙනෙක්ම දුක් වින්දේ... ඒවා අපට අමතක නැහැ.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වන් වූ ශ්‍රේෂ්ඨ ලාංකිකයන් අප රටට අභිමානයකි. එංගලන්තයේ තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ කොඩිය ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමත්, එම සංවිධානය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කිරීමටත්, එම සංවිධානය වෙනුවෙන් අප රටට එරෙහිව කටයුතු කිරීමටත් විරුද්ධව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍යයේ අධිකරණ ක්‍රියාවලියකට යායුතුයි.
මොවුන්ටත් ඕනෑනැති වැඩනේ.. රස්සාව කරගෙන පාඩුවේ ඉන්නේ නැතුව, අනවශ්‍ය වැඩ ඕනෑම නෑ..
ඕනෑ නැති වැඩකරලා දැන් සල්ලි හිඟාකන්නකෝ, අනිත් මිනිස්සුන්ටත් වදයක්නේ... ලැජ්ජා නැද්ද?...
මේ විරුවාට විරුද්ධව අදහස් පළ කළ සිංහල යයි කියන සියලු දෙනා ගෙම්ම අසන්න ඇත්තේ එ්කයි. ගෙදර ගිහින් තම මවගෙන් අසා බලන්න මාව ජාතක වුනේ සිංහල ලේ තියන පියෙකුටද කියලා... එ්ක දන්නේ තමාගේ මව පමණයි, වෙන කියන්න දෙයක් නැත.
ජාතිය ඩෝසර්කළ යුගයක ඔබ මහා බලගතු මිනිසෙකි. පරයින්ට ඔබ අපරාධකරුවෙකි.
හරිනේ සිල්වා කියන්නේ පෘතුගීසි කාරයෙක්නේ..
තුෂාර කියන්නේ හොඳ හිඟන්නෙක්...! කොහේ හරි රටක කාට කාට හරි කඹුර කඹුර කත් අදින කෙනෙක්. ඒකට මතක නැහැ බ්‍රිගේඩියර් ප්‍රතිචාර දැක්වූයේ ත්‍රස්තවාදීන්ට උදව් කරන අයට කියලා. මොකද අපේ රටේ මිනිස්සු පාරවල්, පල්ලි, පන්සල්, බස් නැවතුම්, දුම්රිය ස්ථාන වල සත්තු වගේ මැරුණට තුෂාරගේ පවුලේ අයට එහෙම කිසි කරදරක් වෙලා නැතුව ඇති...
මේක හොඳ පාඩමක්. අද තියෙන ඩිජිටල් තාක්ෂණයෙන් පොඩි දේත් ලොකු කරන්න පුළුවන්. තවද විදේශයකදී සිදුවූ මෙවැනි දෙයකට කොපමණ කතන්දර හැදිලද? ලංකාව තුළද අවුරුදු 30 කට වැඩිය සිදුවුනේ මෙවැනි දෙයක්, මහා පරිමාණව. අපේ හෝ අපේ නොවන අයව එකට කොටවලා වෙනත් අය එමගින් ප්‍රතිලාභ ලබනවා. හරියට නිකන් ඒකාලේ කුකුල් පොරයක් වගේ. අද කාලේ රෙස්ලින් පොරයක් වගේ. පොරයට ඔට්ටු දමපු අය එම මුදල් එකතු කරගන්නේ රාජ්‍ය හා ලෝක නීතියට අනුව. මෙම දඩ මුදල එක් එක් පුද්ගලයන්ට සපෙක්ෂිතව කුඩා හෝ වැඩි විය හැක. නමුත් දඩ මුදල ප්‍රශ්නය නොවේ, ලංකාව මනුෂ්‍යයන් හැටියට නැවතත් පොර කුකුළන් වෙනවද? සාමයෙන්, සමගියෙන් ලෝකයේ බැබලෙන රටක් වෙනවද කියන එකයි. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සාමාන්‍ය මනුෂ්‍යයෙක් හැටියට ඔවුන්ට එම අවස්ථාවේ ආපු හැඟීමට මෙවැනි දෙයක් සිදුවිය හැක. ප්‍රශ්නය තියෙන්නේ මෙවැනි පොඩි දේ වුණත් ලොකු කර දෙපැත්ත කන්න බලන් ඉන්න හිවල්ලු මගේ මිනිසුන්ගෙන් බේරීමට කොහොමද ඉදිරියේදී කටයුතු කරන්නේ කියන එකයි...
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මීට වඩා ගෞරවනීය ලෙස හැසිරිය යුතුයි. විශේෂයෙන්ම අපේ රටට යම්යම් මානව අයිතිවාසිකම් පිළිබඳ ලෝක ප්‍රජාවෙන් චෝදනා එල්ල වෙන වෙලාවක්. මෝඩ මිනිසුන් මෙම ක්‍රියාවට හුරේ දැම්මාට උගත් කිසිවෙක් මෙම සංඥාව වීරකමක් ලෙස පිළිගන්නේ නැත. තවද මෙම ක්‍රියාව මගින් අපේ හමුදාවේ විනය ගැනද ලෝකය සැකපහළ කරනු ඇති බැවින් මොහු ගැන යුද හමුදා අධිකරණයද බරපතල චෝදනා ගොනුකළ යුතුයි.
මෙතන ගොඩක් අදහස් දාලා තියෙන්නේ වැරැද්දක් වුණත්, ඒක කරපු පුද්ගලයා අනුව නීතිය නවන්න ඕනෑ කියන මතයේ ඉඳගෙනයි. මිනිස්සුන්ට එ්කේ වරදක් කියන්නත් බෑ ඉතින්. අපේ සල්ලි හොරකම් කරලා දෙමාපියන්ට සොහොන් හදලා නඩු වැටුණු කෙනෙක් නේ අද ජනපති කරලා 'ජාතියේ වීරයා' කියන්නේ. ඉතින් මොන කතාද තවත්...
සිංහලයා ඔබ හරි
මේක තමයි අපේ අභිමානය. නිකම් හිවල්ලු වෙන්න එපා. අපි මේ රටවල්වල ඉන්න හින්දා දන්නවා ඇත්ත...
පිටිගල මිලානෝ උඹ ඉන්නේ කොයි ලෝකෙද?
මේ ක්‍රියාදාමය හරියට වඳුරෙකුට දැලි පිහිය ලැබුනා සේ සමානය.
අමිල නුඹලා රටට නින්දාවක්...
ජයනාත්... නුඹලා වගේ අයට ලියන්න වචන නැත.
මොලේ උඩ ඉන්න මෝඩ වහල්ලු බ්‍රිගේඩියර්වරයාව සාධාරණය කරන්න... වීරයෙක් කරන්න හදනවා. රජිව් ගාන්ධි ලංකාවට ආපු වෙලේ තුවක්කු මිටෙන් ගහපු එකත් වීරකමක් විදියට දැකපු අයනේ අපේ රටේ ඉන්නේ... අපේ රටට වෙන අපකීර්තිය, අවමානය ගැන නොහිතන අය ගැන කවර කතාද?
තුසර සිල්වාට... ලංකාව බෙදන යෝජනාවට කැමතිද?
ගෝත්‍රිකයෝ තව කුලප්පු වෙන වැඩක්නේ...
මේ තීරණය සම්පූරණ වැරදියි. Diplomat කෙනෙක් විදිහට හිටපු නිලධාරියෙකුට විරුද්ධව සේවා කාලය තුළ කරපු කිසි දෙයකට නඩු දාන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඒ අවස්ථාවේ ඔහුට immunity තිබ්බ නිසා. නඩුවක් දාන්න පුළුවන් එක්කෝ ඔහුගේ immunity ලංකාව විසින් ඒ අවස්ථාවේ ඉවත් කරලා තිබ්බා නම් හෝ එම නිලධාරියා නැවත බ්‍රිතාන්‍යයට ආවොත් විතරයි. ඒකත් කරන්න ඉස්සෙල්ල මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දෙන්න ඕනේ එහෙම නඩුවක් දානවා කියලා. මේක තනිකරම වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ලංකාවට පුළුවන් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කැඳවලා කියන්න අපිත් මේ දීපු තීන්දුව පරස්පර වශයෙන් සිදු කරනවා කියලා. ඒ කියන්නේ මීට පස්සේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ඉන්න ඩිප්ලොමැට්ලටත් නඩු දානවා කියලා. දැනට ඔවුන්ට මාර්ග නීති කඩ කිරීම්වලදී දඩ ගහන්නේ නැහැ. මීට පස්සේ පුළුවන් දඩ ගහන්න පටන් ගන්න. වියානා සම්මුතියේ පදනම පරස්පරතාවයයි. ඒ හින්දා අපිත් ඒ විදිහට වැඩ කරනවා කියලා කියන්න ඕනේ. ඒ මොකද මේකට විරුද්ධව දැන්ම කතා කලේ නැත්නම් අනිත් රටවලුත් පටන් ගනියි මේක. අප්‍රිකානු රටක් මෙහෙම කළා ඔවුන්ගේ තානාපතිගේ වාහනේ උස්සන් ගිහින් තිබ්බාම...
තුෂාර හරි කියලා කියන්නේ සිංහල බෞද්ධයින් පමණයි. ලංකාවේ නීතිය අනුව තුෂාර ඉතාමත් නිවැරැදි අභීත සෙබලෙක්, රටට අභිමානය ගෙනෙන්න නම් කරන්න ඕනේතරම් වැඩ තියෙනවා. පුලුවන් නම් කියන්නකෝ නව ජනාධිපතිතුමාට මේ දවස් වල හිඟා කන එක කරන්න එපා කියලා... අභිමානනීය ජාතියක් විදියට වැඩ කරන්න කියලා. එතුමාත් මේ දවස්වල ගස්,ගල් වලට වැඳ වැඳ පන්සල් ගානේ යනවා. මුළු ජාතියම රවටන එක තමයි ඔය පත්වූ හැම නායකයෙක්ම කලේ...
සිල්වාට පුදුම කැක්කුමක් රට බෙදන්න නේද අනේ.... පින් කරන කෙනෙක්.
අති බහුතරයක් අදහස් පිපීගෙන එන පක්ෂේ කුලී හේවායන්ගෙන්.
අවජාතක සහ සහජාතක අතර වෙනස දැක්වෙන කදිම නිදසුනක්.