(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)
බළන්ගොඩ රජවක රක්‍ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප‍්‍රදේශයෙන් හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සදහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් ප‍්‍රදේශයට ඇතුළු නොවන ලෙස වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලීමක් කරයි.
යම් ආකාරයකින් උපදෙස් නොතකා රක්‍ෂිතයට ඇතුළු වන සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමගින් කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වයි.
මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිය පුරා සැරිසරණ තොරතුරක් හේතුවෙන් මෙම හුණගල් පොකුණු නැරඹීම සදහා අවිධිමත් ආකාරයෙන් රක්‍ෂිතයට ඇතුළුවන්නන් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බව වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙම ප‍්‍රදේශය පුරා හුණුගල් නිධියක් ඇති අතර එම හුණුගල් නිධිය ආශ‍්‍රිතව ගල්ලැල්තොට ප‍්‍රදේශයේ හුණුගල් පොකුණු කිහිලයක් මතුව තිබේ. අනවසරයෙන් එහි ඇතුළු වූ පිරිසක් ඒ සම්බන්‍ධව ඡායාරූප සහ තොරතුරු සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු විශාල පිරිසක් දිනපතා අනවසරයෙන් එහි ඇතුළුවෙමින් සිටිති.
මේ හේතුව නිසා වසර මිලියන ගණනක් පැරණි යැයි විශ්වාස කරන මෙම හුණුගල් පොකුණු මෙන්ම ඒ අවට පරිසරයත්, ඊට ඇතුලූවන මාර්ගයත් පාරිසරකි හානියකට ලක් වෙමින් පවතින බව බළන්ගොඩ අඩවිවන නිලධාරී විජයන්ත උපුල් මහතා පවසයි.
හුණුගල් පොකුණු වලට ඇතුලූවන මාර්ගයේ රක්‍ෂිත මායිමේ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් දෙදෙනකු සේවයේ යොදවා මහජනතාවට ඇතුළු නොවන ලෙස දනවන බවත් විවිධ දැනුවත් කිරීමේ පුවරු මගින් ජනතාව දැනුවත් කර ඇති බව ද අඩවිවන නිලධාරීවරයා කියයි.
යම් හෙයින් මෙම අවවාද නොතකා රක්‍ෂිතයට ඇතුළු වුවහොත් නීතිමගින් කටයුතු කිරිමට සිදුවන බවද ඔහු පැවසුවේය. මේ වනවිට මෙම හුණුගල් පොකුණු සහ ඊට පිවිසෙන මාර්ගයේත් බියර් ටින්, බෝතල්, පොලිතීන් ප්ලාස්ටික වැනි පරිසරයට හානිවන නොදිරණ අපද්‍රව්‍ය බැහැර කර ඇති බවද අඩවිවන නිලධාරීවරයා පවසයි.
සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට අමතරව වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද එහි යොදවා ඇති නිසා නිසි අවසර ලබාදෙන තුරු අවසර නොමැතිව කිසිම පුද්ගලයෙකුට ඇතුලුවීම තහනම් බවද බළන්ගොඩ අඩවිවන නිලධාරී විජයන්ත උපුල් මහතා සඳහන් කළේය.
‘‘අපි මේක දැක බලාගන්න මහජනතාවට අවස්ථාව ලබා දෙනවා. ඊට පෙර මේ හුණුගල් පොකුණු ආරක්‍ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා වැඩපිළිවෙලක් සැකසීමෙන් අනතුරුව මහජනතාවට අපි අවස්ථාව සලසා දෙනවා. එතෙක් එහි ඇතුළු නොවන ලෙයසි අපි ඉල්ලා සිටින්නේ’’ අඩවි වන නිලධාරියා වැඩිදුරටත් කියා සිටී.




COMMENTS
මේව මිනිස් ඇස්වලට හමු නොවෙනවා නම් සුරැකේවි
ඕකෙත් පල්ලියක් අටවලා දෙවියන්වහන්සේ වදින්නට පෙර අත පය සෝදාගත් පොකුණ කියලා කුරගලට කරපු දේ කරයි. බලන්නකෝ මම බොරුද කියන්නේ කියල. සමහර විට යන්න නොදෙන්නේ දැනටම අරාබි අකුරු තියන මොනවා හරි ටිකක් පොළොවේ වළලන නිසාද හොයලා බලන්න. එහෙමට රටක් මේක.
ගත්තු තීරණය හොද.එත් විල්පත්තුව කපන කොට ඔයාල නිදගෙන්ද හිටියේ.මොකද විල්පත්තුවට ඇතුල් වෙලා සුද්ද කරන අයට බයද.?
මැදමූලන අපේ අප්පුච්චා ආපු ගමන් මේකට ගේම දෙනවා එතෙක් මේක පරෙස්සම් කරගමු.
මෙතෙක් කල් මේවා ගැන බලධාරීන් දැනගෙන හිටියේ නැද්ද අප්පා...? මෙතන පමණක් නොව මේවගේ ස්වභාවික සම්පත් සියල්ලම නිසි අයුරින් ආරක්ෂා කරගෙන ඒවා දැක බලාගෙන අපේ රටේ ඇති සම්පත් පිළිබඳ දැනුමක් ඇතිකර ගැනීමට සංචාරකයින් උනන්දු කරලීමටත් නිසි වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළයුතුයි. එවන් ස්ථාන වෙත ගමන්කිරීමට අවශ්‍ය මාර්ග පහසුකම් සහ අහාරපාන ලබාගැනීමටත් වැසිකිලි ආදී පහසුකම්ද ඇතිකිරීමත් වැදගත්...
තහනම් කිරීමට හේතුව පරිසර පද්ධතිය විනාශ කිරීම නම් මීට පෙර අැතුළු වීම තහනම් කළ යුතු තැන් රාශියක් ලංකාවේ තිබෙනවා.
අනේ ඉක්මන් කරලා විවෘත කරන්න. බුරුතු පිටින් ඇවිල්ලා මේකත් විනාශ කරන්න...
අනේ අනේ ඉක්මන් කරලා විවෘත කරන්න. අපිට බුරුතු පිටින් ඇවිල්ලා සෙල්ෆි ගහලා ඕකත් විනාශ කරලා ඒ අවටත් හොඳට කුණුදාලා, වාහන නවත්තලා, වටේටම කඩදාලා, සොවිනියර් වලට කෑලි කඩාගෙන ඇවිත් විනෝද වෙන්න..