(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත තුළින් පිටවන ස්ථාන 11 ක් ඉලක්ක කරගෙන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවන් අද (13) සිට යළිත් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පරීක්ෂණ ඉකුත් දෙසැම්බර් මස 18 වැනි දින සිට ජනවාරි 5 වැනි දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ පරීක්ෂාවෙන් ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
මෙම කාලය තුළ පුද්ගලයන් 11,000 ට අධික පිරිසක් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
බස්නාහිර පළාතින් පිට කොරෝනා අනුපොකුරු ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණින් මෙම රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව කොළඹින් පිටවන ස්ථාන 11 ක් ඉලක්ක කරගෙන සිදුකළ බවත් අද සිට එය නැවත සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, ආශ්‍රිත පිරිස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
හොඳයි..
උත්සව අවස්ථාවලදීත් මේ ක්‍රමය අනුගමනය කරනවා නම් හොඳයි...
ගම්පහ දිස්ත්‍රික්කය සිට මෙම පරීක්ෂණ මධ්‍යස්ථාන මග හැර යාහැකි ප්‍රධානම ස්ථාන දෙකක් හඳුන්වා දිය හැක. එනම් ගිරිඋල්ල, නිට්ටඹුව පාරෙන් සහ මීරිගම, වරකාපොල මාර්ගයේ ගමන් කිරීමෙන් පහසුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය සහ බස්නාහිර පළාතෙන් පිට වී යා හැකිය...
දැන් මේක කරනවාට වඩා කළ යුත්තේ හැදුණු අය සුව වෙන්න කරපු දේවල් සමාජගත කරන එක නිල වශයෙන් වළක්වා ගන්න. නිරෝධායන මධ්‍යස්ථානවල සිට සුවවූ.. ඒ අයට දුන්න.. නිවසකදී කළහැකි සියලු දේ සමාජ ගත කළ යුතුයි. එවිට බෝවීමට වඩා මිනිස්සු.. ඒවා කරනවා