IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


බදියුදීන්ට එරෙහි විල්පත්තු නඩුව 26 වැනිදාට කල්යයි


(තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචිකිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන හිටපු  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම පිළිබඳ තීන්දුව අද (31 ) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද එම නඩුව කැඳවූ අධිකරණ ශාලාවේ සියලුම නඩු අගෝස්තු 26 යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය දැන්වීමක් මඟින්  දැනුම් දුන්නේය.

අදාළ  පෙත්සම  පිළිබඳ තීන්දුව ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්,  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමින් කියා තිබිණි.



අදහස් (10)

බදියුදීන්ට එරෙහි විල්පත්තු නඩුව 26 වැනිදාට කල්යයි

සේන Friday, 31 July 2020 12:28 PM

මේවා අහෙන නඩු නෙවෙයි.

:       0       81

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 01 August 2020 02:19 AM

අප මේ කතා කරන්නේ දේශපාලනය නොවෙයි. කාට ඡන්ද වැඩි වුණත්, කාට අඩු වුණත් අපට ප්‍රශ්නයක් නොවේ. ඒත් මේ රටේ තිබෙන වැසි වනාන්තර වනසා එළිපෙහෙළි කොට ගම්මාන සාදා තමන්ගේ මිනිසුන්ට ඒක රාශිවීමට සැලැස්වීම හොඳ දෙයක් නොවේ. මේවායේ යටි අරමුණ තනිකරම අරාබි කරයක් නිර්මාණය කොට ෂරියා නීතිය අරාබි පාසල් ආදිය පිහිටුවා මේ රට අරාබියක් කිරීමයි යටි අරමුණ. සිංහල දේශපාලකයින් අල්ලගෙන ඒවා කරගෙන ගියා. ඒත් මේ රටේ වගකිවයුතු පරිසරවේදීන්, මාධ්‍ය, පරිසරයට ආදරය කරන අය මේ වෙනුවෙන් විශාල හඬක් නැගුවා. එ් නිසා අපගේ වනාන්තර සතා සිවුපාවා මේ තරමින් හෝ බේරුණා. ගරු අධිකරණය මේ ගැන, රට ගැන හොඳින් සිතා බලා මේ වංචනිකයන්ට නිසි දඬුවම් දේ යැයි අප බලාපොරොත්තු වෙනවා. අපගේ වනාන්තර එළි පෙහෙළි කරන ගමන් එහි සිටින තලගොයා හාවා, මුවා ඇතුළු සතුන් බෙල්ල කපා මරාගෙන කෑවා. තව ටිකක් කල් ගියා නං මුළු විල්පත්තුවම සුද්ද කරලා අරාබි කරයක් හදාවි. සතා සිවුපාවා මරාගෙන තම්බගෙන කාවි. අපේ රටේ පක්ෂ දේශපාලනය නිසා මොවුන් කුමන හෝ පැත්තකට හේත්තු වී අපේ දේශපාලකයන් ගොනාට අන්දාගෙන ඔවුන්ගේ යටි අරමුණු කරා ගියා. මේවා ගැන රට නිසිඅයුරින් දැනුවත් විය යුතුයි.

:       0       1

Lakmal Saturday, 01 August 2020 06:24 AM

අපි හිතුවේ පාස්කු ප්‍රහාරයට බදූර්දීන්ව හිරේ දාල කියලා. කෝ අර ආවා කිව්ව විරුවා?

:       1       12

nuwan Saturday, 01 August 2020 07:23 AM

කොහොමද මෙයාට විරුද්ධව නඩු අහන්නේ..? විල්පත්තු කැපුවේ ඒ කාලේ හිටපු ජනපතිගේ අනුදැනුම, අවසරය මත. මේවා ඡන්දෙ කාලේ විහළු අපේ හාමුදුරුවනේ...

:       2       84

Bamunuarachchi Saturday, 01 August 2020 08:59 AM

අපේ ආණ්ඩුවක් පත්වෙන තුරු මේ ආණ්ඩුව කල්දාන්න.

:       4       1

BamunuarachchiSaturday, 01 August 2020 01:47 PM

මේ නඩුව කල්දාන්න අපි මෙයාව ගස් හිටවන්න යවන්නම්. කාන්තාරයෙන් ආපු අයට ගස්වල වටිනාකම තේරෙන්නේ නැත.

:       9       0

BamunuarachchiMonday, 03 August 2020 02:00 AM

කාන්තාර වැසියෝ 8 දෙනෙක් ඩිස්ලයික් දාලා.

:       0       0

kamal Saturday, 01 August 2020 12:03 PM

මේකෙන් ඡන්ද කඩන්න පුළුවන්.. ඒ නිසා නඩුව කල්දාන්න ඡන්දෙ ඉවර වෙනකම්...

:       1       5

Naushi Saturday, 01 August 2020 01:15 PM

රිෂාඩ් බදියුදීන් දේශප්‍රේමියෙක් වෙන එක වැඩි ඉක්මණින් අපට දැකගන්නට හැකිවෙයි. දැන් පිල්ලෙයාන් සහ කරුණා දේශප්‍රේමී වුණා වගේ...

:       0       9

Perera Saturday, 01 August 2020 07:33 PM

ලංකාව බූරුවන්ටයි, හරකුන්ටයි පමණයි. මෙය තේරුම් ගත් අය වෙන රටකට පැනගනිල්ලා දැන්වත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1010 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1044 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site