(විනීතා එම්. ගමගේ)
වාරියපොළ, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී වෙළඳසැළකට පහරදුන්නැයි කියන සිද්ධිය, මැතිවරණයට අදාළ නොවන පෞද්ගලික ආරවුලක් යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස මෙම සිද්ධිය වාර්තා වූ බවත් මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ දී එය පෞද්ගලික ආරවුලක් බව හෙළි වූ බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
සිද්ධිය පිළිබඳව වෙළඳසැල් හිමියාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් බවත් එයින් ද තහවුරු වූයේ සිද්ධිය මැතිරණයට සම්බන්ධ නොවන බව යැයි කී ගජනායක මහතා ජනාධිපතිවරණයේ සාමකාමී බවට එම සිද්ධියෙන් හානියක් නොවූ බව වගකීමෙන් කිව හැකි බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් මැතිවරණය සාමකාමී හා නිදහස් මැතිවරණයක් බව තම මතය යැයි ද එය අනෙක් නිරීක්ෂණ සංවිධානද එම මතය තහවුරු කරන්නේ යැයි ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
බණ්ඩාර කොස්වත්තේ සිද්ධිය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොවේ