ප්‍රවීණ ඉන්දීය නළු අමිතාබ් බච්චන්ට ඔහුගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන්ට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමිතාබ් බච්චන් සඳහන් කර ඇත්තේ පවුලේ සාමාජිකයින් සහ සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් ද පරීක්ෂණවලට යොමු කර ඇති බවයි.
එම පරීක්ෂණවල ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැත. මේ වන විට මොවුන් දෙදෙනාම මුම්බායි රෝහලකට ඇතුළත් වී ඇති අතර දෙදෙනාටම ඇත්තේ සුළු රෝග ලක්ෂණ බව අභිෂේක් බච්චන් පවසයි.
ඉකුත් දින 10 ක කාලය තුළ තමා සමඟ සමීප සබඳතා පැවැත්වූ සියලු දෙනාට පරීක්ෂණවලට යොමුවන ලෙස අමිතාබ් බච්චන් ඉල්ලීමක් කරයි.
77 වැනි වියේ පසුවන අමිතාබ් බච්චන් මේ වන විට චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදී තිබේ.
-226-
(බීබීසී ඇසුරෙනි)
COMMENTS
කොරෝනාවලට සමාජයේ තරාතිරම අදාළ නැත.
අමිතාබ් බච්චන් මහතාණෙනි .... ඔබට හා පුතණුවන්ට මේ වෛරසය ආසාදනය වීම ගැන අපගේ හද කකියවන දුක මෙසේ පවසන්නෙමු. ලොවක් සනසවන ඔබ ඉන්දියාවේ දුගී දුප්පත් ජනයා වෙනුවෙන් කරනා ධන පරිත්‍යාග ගැන අසා ඇත්තෙමු. එවන් ඔබට මේ සිදු වූ දෙය ගැන ලොවම දුක් වෙනු ඇත. ඔබටත් පුතණුවන්ටත් ඉක්මනින්ම සුව වේවායි අප ද ප්‍රාර්ථනා කරන්නෙමු...