(නිමන්ති රණසිංහ)
පෞද්ගලික ඉදිකිරිම් ආයතන තුනක අධ්‍යක්ෂකවරියක වූ කිදෙර් මොහොමඞ් සහබ්දීන්ගේ අයීෂා යන අයගේ පෞද්ගලික බැංකු ගිණුම්කට බැරවූ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලකට අදාළව මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හා මූල්‍යායතන හතක ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම බැංකු සහ මූල්‍යායතන මූලස්ථාන කළමණාකරුවන් වෙත අද (18) නියෝග කළාය.
අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වන වගන්ති ප‍්‍රකාරව මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 (1) වගන්ති ප‍්‍රකාරව සැකකටයුතු මුල්‍ය ගනුදෙනුවකට අදාළව සිදුකරන ලද විමර්ශනයකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.
ඒ අනුව මෙලෙස නියෝග නිකුත් වූයේ කොමෂල් බැංකුව, අමානා බැංකුව, ලංකා බැංකුව, පෑන් ඒෂියා බැංකුව, මහජන බැංකුව, ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ එල් .ඕ.එල්.සී මූල්‍ය සමාගම වෙතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිකිරීම් ආයතන 3ක්? එකම අධ්‍යක්ෂවරියකට ? තුනෙන් ගණන් 3කට ටෙන්ඩර් 3 ක් දැම්මම ඕන කොන්ත්‍රත්තුවක් ගන්න පුලුවන්නේ. කාගේ කව්ද මේ අධ්‍යක්ෂවරිය?
වැඩක් වෙයිද හොයල. අප්‍රේල් 21 දවස් වල තිබ්බ උනන්දුව දැන් නැනේ. ආයෙම අප්‍රේල් 21ට කලින් වගේමයි. නිකන් බොරු සංදර්ශන