IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලොන්නරුව මහ රෝහලට රෝගීන් ඇතුලත් කිරීම සීමා කරයි

(ක.ග. කරුණාරත්න) 

හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොලොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුලත් කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇතැයි එම රෝහලේ පරිපාලන අංශය නිවේදනය කරයි.

පොලොන්නරුව රෝහලේ නේවාසික රෝගී කාන්තාවක කොරෝනා අසාදිත  බවට හඳුගැනීමෙන් පසුව අද (16) සිට මෙම පියවර ගෙන තිබේ.

ඊට අමතරව එම කාන්තාව වෙනත් අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි  පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදෙකලා කිරීමටද පියවර ගෙන ඇති අතර එම කාන්තාව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවද හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

එම වාට්ටුවේ රාජකාරී කල වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළුසෞඛ්‍ය කාර්ය මණ්ඩලය 42ක් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

ඔවුන් සියළුම දෙනා පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහාද මේ වනවිට යොමුකර තිබෙන බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවැසීය.
 
එම කොරෝනා ආසාදිත කාන්තාවගේ සැමියා, දරුවන් දෙදෙනෙකු ඇතුළු සමීපතමයන් 05 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගනු ලැබූ 05 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ඔවුන් වෙසෙන නිවාස තුලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට අද (16) පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේත.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

පොලොන්නරුව මහ රෝහලට රෝගීන් ඇතුලත් කිරීම සීමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site