(ඩි.ජී.සුගතපාල)
ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල කන්දෙවත්ත පදිංචි එන්.ජී.නිලංග දිනුෂ නමැති සැකකරුවෙකි.
සැකකරු දුම්රිය නිල නිවාස ඉඩමේ පොල් ගසකින් ඊයේ සවස ගෙඩි 21ක් කඩා එම ස්ථානයේම ඇති 172 කිලෝ මිටර් කණුවේ ගසා ලෙලි ගසමින් සිටියදි දුම්රිය ආරක්ෂක නිලධාරින් වන ආර්.හේවාවසම්(91180) සැරයන්කේ.පී. ආනන්දලාල්(90934)කාන්තා නිලධාරිණි ඩබ්ලිව්. ඒ.දීපානි(91159) යන මහත්ම මහත්මින් විසින් අල්ලාගෙන පොල් තොගයද සමග ගාල්ල පොලිසියට බාරදි ඇත.
ගාල්ල විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සුජිව මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රංජිත් ආනන්ද මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. වැඩිදුර නඩු විභාගය මැයි 4 වනදිනට කල් තබන ලදි.
COMMENTS
පොල් කඩලා ලක්ෂය දෙනකම් කහ පඳුරු පහ හයක් ගලවලා අහුවුණොත් කොහොම හිටීවිද?
මේ වගේ අහස පොළව නුහුලන අති මහත් ජාතික අපරාධයක් කළාට මේ පුද්ගලයාට දෙතිස් වද දීලා මරන්න ඕනේ. මේ වගේ උතුම් දේශයක මෙහෙම අපරාධයක් වෙයි කියලා හීනෙකින්වත් අපි හිතුවද? පොල්ම 21ක්.
එක රටක්.. එක නීතියක්...
ඔය වගෙ පොඩි නඩු ගෙනාපුවාම උසාවියට පාඩුයි. උසාවියේ කාලය අපතේ යනවා. ඒකයි ඔය...
මිලියන ගණන් රටේ සම්පත් හොරාකාපු, මන්කොල්ලකාපු අයට නීතිය වලංගු නැතුව ඇති...
මේ වගේ රුපියල් 2520ක හොරකමකට (ගෙඩියක් රුපියල් 120 ගන්නේ 21 කට) නොවෙයි මහා ලොකු නඩු... රුපියල් ප්රකෝටි ගණනකට වැඩක් දුන්න කට්ටියක් ඊයේ පෙරේදා ඇප පිට නිදහස් කළා... එක හොරෙකුට රුපියල් ලක්ෂ 2 ක ඇපයක් මත. මට හිතෙන්නේ පොඩි වැරදීමක් වෙලාද කොහෙද..? අනේ මන්දා ධර්මද්වීපයේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, අතයටින් සම්තින් එක බරට ලැබුණේ නැතිනම් කූඩුව අනිවාර්යයි. ඇත්තටම මේ අපි චූටි කාලේ දැකපු ශ්රී ලංකාවමද...?
පොල්ගෙඩි 20, දුම්රිය රියදුරු කරන වර්ජන නිසා සිදුවන පාඩුව අඩුයිලු..?
මේ වගේ අපරාධ කරුවන් එල්ලා මැරිය යුතුයි.
මෙතන අදහස් දාපු මහත්වරු කියන්න බලන්න පොල් හොරාට දෙන්න ඕනෙ දඬුවම මොකක්ද කියලා..?
මේ ආණ්ඩුව පටන්ගත් දවසේ සිට හැමදාම කුඩු ජාවාරම්කරුවන්ව අල්ලනවා.. නමුත් මොවුන්ට දෙන දඬුවමක් ගැන නම් කිසිම ප්රවෘත්තියක් නැහැ. පොල්ගෙඩි 21ක දඬුවම නම් හොඳට තියෙනවා. කෝ අපේ රටේ නීතිය?
නියමයි විනිසුරු උත්තමයන්ට...!! ජයවේවා ජයවේවා
දැන් තේරෙනවා නේද? රටේ නීතිය දැන් කොතැනද තියෙන්නේ..? ඔහොම යමුකෝ?
මහබැංකු මංකොල්ලය වගේද?