(ඩයනා උදයංගනී)
ඉතාලිය, චීනය හා ඉරානය යන රටවල සිට පැමිණි පුද්ගලයින් 570 දෙනෙකු මඩකලපුව හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විට රඳවා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
එම රටවල සිට පැමිණෙන පිරිස් ගුවන් තොටුපලට පැමිණි වහාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යා නොහැකි බව කී අනිල් ජාසිංහ මහතා ගුවන් තොටුපල කටයුතු හා පෘෂ්ඨීය විෂබීජ හරණය ආදී කටයුතු වෙනුවෙන් යම් කාලයක් වැයවන බව ද සඳහන් කළේය.
ඉන්පසු සුඛෝපභෝගී බස් රථ මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් දින 14 ක් නේවාසිකව නිරෝධායනය කෙරෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කොරෝනා වයිරස අවදානමෙන් ලෝකය මිදෙන තුරු දිගින් දිගටම මෙම කාර්යය කිරීමට සිදුවන බව ද කීවේය.
මෙම නිරෝධායන කටයුත්තට අමතරව චීනය ආදී රටවල සිට පැමිණි 4443 දෙනකු ඔවුන් සිටින ස්ථානවලදීම දින 14ක් යනතුරු පසුවිපරමකට ලක්කිරීමේ කිරීමේ කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් සිදුකරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.









COMMENTS
ආණ්ඩුව නටන ජෝගියන් ඔක්කෝමට කොරෝනාද?
මේක හරි යන්නේ නැහැ. සති 2ක අනිවාර්ය නිරෝධායනය වෙනුවෙන් සියලු විදේශිකයින්ට ඩොලර් 250ක් ගෙවන්න කියන්න ගුවන් තොටුපලේදී... බ්‍රිතාන්‍ය සංචාරක උපදේශකයෙක් කිව්වා කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙන්න ලංකාවට යන්න කියලා.. මේ විදිහට ලෝකයේ කොරෝනා පැතිරිලා තියෙන යුරෝපා රටවලින් උතුරු, දකුණු ඇමරිකා රටවලින් සහ ආසියානු රටවලිනුත් ලංකාවට විදේශිකයන් එයි. ඒ හින්දා සියලු විදේශිකයින්ගෙන් කොරෝනා නිරෝධනය වෙනුවෙන් මුදලක් අය කරන්න... පිටරටවල ඉඳන් එන අපේ මිනිස්සුන්ගෙන් අය කරන්න එපා. අපි කොරෝනා නිරෝධනය ගැන කටයුතු කරන හැටි, රෝගීන් සහ කොරෝනා අසාදනය වුණු රටවලින් එන විදේශිකයන් අපේ ආගන්තුක සත්කාරය සහ හොඳ හිතයටතේ රැකබලාගන්න හැටි ගැන කියලා වාර්තාවක් (කෙටි) හදන්න. පොඩි යූ ටියුබ් වීඩියෝ එකක් හදන්න. ජනාධිපති වෙන්න තිබ්බේ මම. එහෙනම් මම ලෝකයාට කවදාවත් අමතක නොවෙන විදිහට ලංකාව ප්‍රමෝට් කරන්න මේ අවස්ථාව පාවිච්චි කරනවා. ඒ එක්කම ලෝක බැකුව වගේ මතක කොරෝනා නිරෝධනයට දෙන මුදලට ඉල්ලුම් කරන්න. ඕනෑම බෝවෙන ලෙඩකට පෙරුම්කායම් හොඳයි කියලා හැම සිංහලයාම දන්නවා. ඒ හින්දා පෙරුම්කායම් දාපු බ්‍රේස්ලට් එකක් වගේ හදලා පිටරටින් එන හැමෝටම ගුවන් තොටුපොලේදී දෙන්න "නොමිලේ..."
මගේ රට ගැන මන් ගොඩක් සතුටින් ඉන්නේ... ඊට කෑගහපු මිනිස්සු කොරියාවෙන් ආපු නූගතුන්...7500ක් නැද්ද? ඇත්තටම රට ඉඳන් හම්බ කරගෙන එනවා. මේ කරන දේට සහයෝගයකුත් නෑ. ඔච්චර හොඳට කොරියා හිටියා නම් ඇයි එන්නේ මගේ රටට?
අපේ හැම සිංහල බෞද්ධයින්ටම කියන්නේ... කොරෝනා නිරෝධායනය සහ පැතිරීම වළක්වා ගන්න ආණ්ඩුවට සහයෝගය දෙන්න. ජනාධිපති අගැමති ඇමති මණ්ඩලය වගේම සියලු පක්ෂ නායකයන් සහ ආගමික නායකයන් ජාති ආගම් කුල භේදයක් නැතුව එකමුතු වෙලා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන්න වගේම අපේ ආගමික සහ සංස්කෘතික හැදියාව, ගුණවත්කම, ආගන්තුක සත්කාරය සහ ගිලනුන්ට උවටැන් කිරීම ගැන මුළු ලෝකයටම කියන්න මේ අවස්ථාව පාවිච්චි කරන්න. කොරෝනා ඕනේ කෙනෙකුට හැදෙන්න පුළුවන්... ඒ හින්දා අද තමන් නිරෝගී වුණත් හෙට රෝගී වෙන්න පුළුවන් කියලා හිතලා කොරෝනා නිරෝධනය වෙනුවෙන් සහයෝගය දෙන්න.. හැඳල රෝහල පාවිච්චි කිරීමට විරුද්ධව මනුස්සකමක් නැති පිරිසක් කරපු උද්ඝෝෂණයට බය නොවී හැඳල රෝහල ඒ කාර්යයට පාවිච්චි කරන්න. හාමුදුරු කෙනෙක්, සමාවෙන්න නම මතක නැහැ... තමන්ගේ පන්සල කොරෝනා නිරෝධායනයට දීලා තියෙනවා. ඒවගේ ත්‍යාගශීලි වෙන්න. කොරෝනා නිරෝධනයට ලක්කරන මිනිස්සුන්ට ආහාර දෙන්න ආණ්ඩුවට අමාරු නම් සිංහල බෞද්ධයන් මේ වෙලාවේ අපිට පුරුදු දානශීලි බව පෙන්වන්න. ගිලනුන්ට කෑම දෙන එක ලොකු පිනක්, දන්නවද? ආහාර, රෙදිපිළි බෙහෙත් වර්ග පරිත්‍යාග කරන්න. පෙරුම්කායම් වගේම කොළොඹ කොළත් බෝවෙන රෝගවලට හොඳ ඖෂධයක්...
ඒ වගේම විදේශ මුදල් අතපත ගානකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. කොරෝනා හුඟක් පැතිරිලා තියෙන රටවල ආණ්ඩු කියනවා. නෝට්ටු සහ කාසි පාවිච්චි නොකර පුළුවන්තරම් කාඩ්වලින් ගෙවීම් කරන්න කියලා, වයිරසය පැතිරීම වළක්වා ගන්න එක විදිහක් විදිහට...
ආණ්ඩුව මේ වැඩ පිළිවෙල හොඳටම අනාගෙන තියෙන්නේ... කයිවාරු විතරයි මේ අයගේ...
ඔක්කොම කාට හරි බණින අතරේ, චම්පා වගේ වැදගත් පණිවිඩ දෙන එක අගය කළ යුතුයි. නිකම් බැනලා වැඩක් වෙන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ කෙරෙන මෙම උතුම් කර්තව්‍ය මුළු ලෝකයටම ආදර්ශයක්. ළඟදීම මෙම රෝගය නිවාරණය වේවා. යුද හමුදා සෙබළුන්ටත් , ගුවන් තොටුපොළේ සිටින සේවකයන්ටත් , ගුවන් යානා වල සේවය කරන සහෝදර සහෝදරියන්ටත්, සෞඛ්‍ය සේවයේ දිවා රාත්‍රී නොබලා ජීවිතය පරදුවට තබා සියලුදෙනාටත් විශ්වයේ බල ශක්තිය පිහිට වේවා. නිදුක් වේවා නිරෝගී වේවා.!
චීන්නු ඉන්න තැන්වලම නිරෝධායනය කරනවා කියන්නේ මොන විකාරයක්ද ? චීන්නු එහෙම හැමතැනම ඉන්නවා. රටටම බෝකරන්නද මේ හදන්නේ ? අපේ රටේ මිනිස්සු විතරක් ගෙවල් වලට යවන්නේ නෑ. චීන්නුන්ට බයද ?
විදේශිකයින්ගෙන් සාධාරණ මුදලක් අයකර මේ පහසුකම් දෙන එක ඉතාම සාධාරණයි. හැබැයි රෝගියෙක් නම් මුදල් නොබලා ප්‍රතිකාර කිරීමත් කල යුතුයි. එහෙත් අපේ ශ්‍රමිකයින්ගෙන් මුදලක් අයකිරීම වගේම ඔවුන් ලොකු පහසුකම් ඉල්ලීමත් වැරදි. ඔය කව්රුත් මහා ලොකු පහසුකම් ලබාගෙන ඒ රටවල හිටියනම් ආපසු එන්නේ නැහැ මේ අවස්ථාවේ. තමන්ගේ රට සහ පවුල්වල සාමාජිකයින් ගැනත් හිතන්න ඕනේ.
මේ ලෙඩේට ඒ සී හොද නෑ.