IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පිදුරුතලාගලටත් කණකොකා හඩයි

ශ්‍රී ලංකාවේ උසම කඳුවැටිය වන පිදුරුතලාගල බටහිර බෑවුමේ මුහුදු මට්ටමේ සිට අඩි 7590ක් උසින් ස්වභාවික ගහ කොළ කපා මහා විනාශයක් කර ඇතැයි නුවරඑළිය අඩවි වන පාලක ආර් ඩී ඒ පී ජයසිංහ මහතා කියයි.

අඩි 8281ක් උසැති පිදුරුතලාගල මුහුදු මට්ටමේ සිට අඩි 5000කට උසින් සිදු කැරෙන පාරිසරික හානි නතර කර ගැනීමට නොහැකි වී ඇත.

කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ද ශ්‍රී ලංකාවට ආවේණික පැළෑටි, වන සතුන්, කුරුල්ලන් හා මල් වලින් ද සපිරි පිදුරුතලාගල බොහෝ දුර්ලබ ශාඛ ද ඇත.

හිමාලයේ පමණක් වැඩෙන ශාඛ වර්ග ද පිදුරුතලාගල දැකිය හැකියි.

රජයේ රේඩාර් පද්ධතියේ කේන්ද්‍රස්ථානයක් වන පිදුරුතලාගල අති අධි ආරක්ෂක කලාපයකි.

නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා පැවසුවේ මේ වන විට රක්ෂිතයට හානි කිරීම නතර කරන ලෙසට වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවී වටිනා ගහකොළ කපා කර ඇති හානිය වෙනුවෙන් අදාළ පුද්ගලයනට විරුද්ධව නීති මගින් කටයුතු කර ලෙස අදාළ අංශ වෙත දැනුම් දුන් බව ද හෙතෙම පැවසීය.

 



අදහස් (0)

පිදුරුතලාගලටත් කණකොකා හඩයි

චින්තක Thursday, 07 March 2013 01:20 PM

නිලධාරිවරු ඔක්කොම රත්මලානේ අන්ධ, ගොලු, බිහිරි විද්‍යාලයෙන්ද තෝරගන්නේ? කන්ඩලම වෑව ගොඩ කරනවා හෝටල් හදන්න. ඒක දැක්කේ මේ ලගකදි. මේකත් එහෙමයි. තමන්ගේ රාජකාරියට අදාල වැඩ හරියට නොකරන එකයි මේවට හේතුව. තමන්ට භාර ප්‍රදේශය ගැන හොයල බලනවා නම් මෙහෙම වෙන්නෙ නැහැනෙ. අදයි දන්නේ මෙහෙම දෙයක් වෙලා කියලා.අනේ අනිච්චේ! (නි)

:       0       0

අනිල් Thursday, 07 March 2013 01:16 PM

මෙච්චර දෙයක් ‍වෙනකම් අපේ උන්නැහේලා උඩ බලාගෙන හිටියද දන්නේ නෑ (ස)

:       0       0

ලක්මාල් Thursday, 07 March 2013 09:03 PM

මතක තියා ගන්න මේවා විනාශ කලාම විනාශ වෙන්නේ අපිමයි කියලා (දී)

:       0       0

හා‍ට් ගොසිප් Thursday, 07 March 2013 01:30 PM

ගහ කොළ නිසා මනුෂ්‍යන් ජීවත් වෙන්නෙ ඒක මේ මෝඩයන්ට තේරෙන්නෙ නැහැනෙ (ස)

:       0       0

රූපවතී Thursday, 07 March 2013 01:35 PM

වනජීවී දෙපාර්තමේන්තුවත් අපේ හමුදාවට භාර දුන්නොත් ඔය සේරම නවතීවි. (නි)

:       0       0

හේමසාර හිමි Thursday, 07 March 2013 01:38 PM

මෙච්චර විනාශයක් කරනකම් නිලධාරීන් හිටියේ නින්දෙද ? (ස)

:       0       0

වරුණ Thursday, 07 March 2013 01:38 PM

වණසංරක්ෂනෙත් හරියට හින්දි ෆිල්මි වල වගෙයි... සේරම විනාශ වෙලා ඉවර උනාම තමයි එයාලා එන්නේ (ස)

:       0       0

සඳුනි Thursday, 07 March 2013 01:43 PM

නීතියක් නැතිකම (ස)

:       0       0

හේමන්ත Thursday, 07 March 2013 01:54 PM

අද ගැන පමණක් හිතන, මුදල ලාබය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන තමන්ගේම දරුවන්ට අයිති වටිනා සම්පත් අකා මකාගෙන කන සේසතම කැපකර මත් වතුර බොන ජරා මිනිසුන් සමග ඉපදීම ගැන අවන්කවම දුක් වෙමි. පරිසරය වනසන හැමට දැඩි දඬුවම් කරන්න.(ස)

:       0       0

කැලුම් Thursday, 07 March 2013 02:00 PM

මේ අපේ ජාතික වස්තුන් විනාශ කරන්න එපා (දී)

:       0       0

සනත් Thursday, 07 March 2013 02:08 PM

ජලය නැති උනොත් ඔක්කොම ඉවරයි (දී)

:       0       0

සමන් - ඕමානය Thursday, 07 March 2013 09:58 PM

වසන්ත ලියනගේ මහතාට ස්තුතියි දැනුවත්වීම කළාට. ලංකාවේ පවතින නීතිය අනුව, යම් උසකට ඉහළින් පිහිටි බිම් වල කැලය එළිකිරීම තහනම් නේද? විශේෂයෙන්ම, පිදුරුතලාගල වැනි පාරිසරික අතින් වැදගත් ප්‍රදේශයක මෙය විශේෂයෙන් තහනම් කළයුතුයි නේද? අදාළ බලධාරීන්ට කරුණාකර කරුණු ඉදිරිපත් කර ගැටලුව ගැන උනන්දු වන ලෙස වසන්ත මයාගෙන් හා සියලු බලධාරීන්ගෙන්/ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එය අනාගත පරම්පරාව සඳහා ඔබ සැම කරන උදාර ජාතික කර්තව්‍යයක් වෙයි. (නි)

:       0       0

සිල්වා Thursday, 07 March 2013 02:17 PM

දැනටමත් මේ බිමත් විදේශික රටකට පවරලාද දන්නේ නෑ, (ස)

:       0       0

රොෂාන් Thursday, 07 March 2013 02:14 PM

දේශපාලන හොරුන්ව ආරක්ෂා කරනකල් අපිට ඉදිරියට යන්න බැහැ. (නි)

:       0       0

සූකිරි Thursday, 07 March 2013 02:21 PM

මෙන්න අපි උතුම් යැයි කියා පාන තවත් එක සිදුවීමක්... (ස)

:       0       0

රජින්ද Thursday, 07 March 2013 02:24 PM

රටක ඉහල සිට පහලටම දූෂණය වන විට පිදුරුතලාගල කඳු ශිකරය කෙසේ රැකෙන්නද ? (ස)

:       0       0

කුමුදු Thursday, 07 March 2013 02:25 PM

මේ මහා විනාශය වලක්වන්න සැවොම එකතු වෙන්න. (දී)

:       0       0

කෙනත් Thursday, 07 March 2013 10:27 PM

මොකටද ජාතිය සතු මෙතරම් වටිනා වන සම්පත් සහිත ඉඩම් පුද්ගලික අයට විකුනන්නේ හෝ ලබා දෙන්නේ? එහෙම කරලා අපි කොහොමද ඒ අයගෙන් මේවා මතු පරපුරට රැකදීමක් බලාපොරොත්තු වෙන්නේ? ඒ ඉඩම් නැවත පවරාගෙන වන සංරක්ෂණ හෝ පාරිසරික අධිකාරියකට පවරා මේ වනබිම් පෝෂණය හා ජාතිය වෙනුවෙන් රැක බලාගැනීම වහාම කළයුතු නොවේද? අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැම්මට පලක් නැත. නීතිය ඉතා තදින් ක්‍රියාත්මක විය යුතුය. නීතියේ බිදවැටීම ගැන ජනයා තුළ ඇත්තේ මහා කලකිරීමකි. එය පුපුරා යාමට මත්තෙන් කාර්යක්ෂම විය යුතුය. ඒ ඒ ප්‍රදේශවල ජීවත්වන මිනිසුන් තමන්ගේ උරුමයන් ගැන දැනුවත් කිරීම හා රැකබලාගැනීමට වැඩපිළිවෙලක් සම්පාදනය වීම යුගයේ අවශ්‍යතාවයකි. (නි)

:       0       0

සීලනිකස් Thursday, 07 March 2013 02:42 PM

බටහිර බලවේගයක වැඩක්ද?(නු)

:       0       0

කෙනත් Thursday, 07 March 2013 10:47 PM

ලංකාවේ නඩු දැම්මම , එයත් තවත් එක ඉඩම් නඩුවක් බවට පත්වෙනවා. පරම්පරා 5ක් විතර කල් ගිහින් මේ වනය නැතිවෙච්චදාට ඉවතදමයි. රටටම බලපවත්වන කාටත් හොද එක නීතිමය රාමුවක් නිදහසින් වසර 65ක් ගිහිල්ලත් තාම අපට නැහැ. උඩරට විවාහ වලට උඩරට නීතිය, උතුරේ තේසවලාමේ නීතිය, ව්‍යාපාර වලට ඉංග්‍රීසි නීතිය, සාමාන්‍ය දේ වලට රෝම ලන්දේසි නීතිය, දැන් ෂරියා නීතිය, ඔක්කොටම ඉහලින් රජයන අවනීතිය සහ අවනඩුව. අපිට රටක් වශයෙන් එකට නැගී හිටින්න බැරි මේ බහු නීති ක්‍රමය නිසා ජාතීන්, ආගම වශයෙන් වර්ගීකරණය වී බෙදී සිටීමය. (නි)

:       0       0

කෙනත් Thursday, 07 March 2013 10:44 PM

ඇමරිකාවේ ප්‍රාන්තයකින් කාලක්වත් නැති මේ කුඩා දුපතේ මේ දේ වසර 65ක් ගියත් කරගන්න බැහැනේ. කොන්දක් නැතිකමද? සිංහල බෞද්ධ ජාතිකත්වයක් ඇතිකර, අනිත් හැමෝගෙම රැකවරණය ඇතිවෙන ක්‍රමයක් මැරෙන්න පෙරවත් දකින්න ලැබුනොත් ! (නි)

:       0       0

කෙනත් Thursday, 07 March 2013 10:49 PM

අපට ගැළපෙන නීතියකට ඇස කන් නාසා නැතිවිය යුතුය. අයෝමය දෑතක් තිබිය යුතුය. නමුත් බෞද්ධකමට ගැළපෙන කාරුණික හදවතක් එයට තිබිය යුතුය. වැරදි කරන්නාගේ විනාශය නොව ගොඩනැගීම සහ හොද මිනිසුන්ගේ පරමාධිපත්‍ය එහි පරමාර්ථය විය යුතුය (නි)

:       0       0

මාලක. Thursday, 07 March 2013 03:09 PM

කෝ වගකිවයුත්තන්..!(නු)

:       0       0

ඩයස් Friday, 08 March 2013 10:52 PM

වසන්ත ලියනගෙ මහතාට ස්තුතියි දැනුවත් කළාට. නමුත් රටට වින කරන මෙම ගනුදෙනුවේ මැදිහත්කරුවන් සොයා බලා සිදුවූ ආකාරයත් ඉදිරියේදී ගන්න විසදුම් මොනවාද කියාත් සොයාබැලීම ශ්‍රී ලංකාවේ පරිසරවේදීන්ගේ හා මාධ්‍යයේත් වගකීම වේ. මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ. අපේ රටේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට ප්‍රතිසංස්කරණය කරගන්න බැරි නිසාද මේක විකුණලා තියෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Friday, 08 March 2013 12:47 AM

මෙවන් විනාශ වලට නිළධාරීන්ටත් දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

දමිත් ජයවර්ධන Thursday, 07 March 2013 03:14 PM

මේ තරම් විනාශයක් වෙන්න දුන්නේ ඇයි..? (නු)

:       0       0

ජනිත Friday, 08 March 2013 01:51 AM

මෙච්චර විනාශයක් කරනකල් නිලධාරීන් මොකද කළේ? (නි)

:       0       0

කොස්වත්ත Friday, 08 March 2013 02:07 AM

අනේ අහෝ! අපේ ශ්‍රී ලංකාව... (නි)

:       0       0

කුරුවිට Thursday, 07 March 2013 03:25 PM

ඔය ගස් ටික කැපුවේ ගෙවල් හදන්න නෙවෙයි.. අර ඈතින් පෙනෙන දර්ශනයේ පින්තූර ගන්න (ස)

:       0       0

සුජිත් Friday, 08 March 2013 02:49 AM

මෙච්චර දෙයක් වෙනකල් වගකිවයුත්තෝ කළේ මොකක්ද? (නි)

:       0       0

අභයපාල Thursday, 07 March 2013 03:37 PM

ශ්‍රීලංකාවට පමණක් ආවේණික “Arundinaria scandens" නමැති සුවිශේෂ උණ ශාකය දැනට ඉතිරීවී ඇත්තේ පිදුරුතලාගල කඳු මුදුණේ පමණි. මෙය විනාශ වුනොත් මුළු ලෝකයෙන්ම මෙම ශාකය තුරන්වී යනු ඇත. මේ ගැන පරිසරය ආදරය කරන කාගේත් ඇස යොමුවේවා. (ස)

:       0       0

දේශපිය Thursday, 07 March 2013 03:53 PM

මෙයා දැං වසර කීයක් නුවරඑළියෙද (නු)

:       0       0

මාලක Friday, 08 March 2013 06:28 AM

මේක අධි ආරක්ෂක කලාපයක් නම් මේ විනාශයට රාජ්‍ය ආරක්ෂක අංශයත් වගකිව යුතුයි නේද? (නි)

:       0       0

වසන්ත ලියනගේ Thursday, 07 March 2013 04:03 PM

මෙම වන විනාශය සිදුවෙමින් පවතින්නේ පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරයට අයත්වන නමුත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පෞද්ගලික අයිතියකට විකුණා ඇති මුහුදු මට්ටමින් අඩි 5000 කට වඩා උසින් පිහිටි භූමියකයි. ඉතා ඉහල පාරිසරික වටිනාකමක් ඇති මෙම සංරක්ෂිත වනාන්තරයට ඉඩම මිලදී ගත් අය විසින් පසුගිය වසරේදී සිදුකරන ලද පරිසර හානිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් නතර කරන ලද අතර, නඩු පැවරීමටද කටයුතු කර ඇත. එසේ තිබියදී නැවත වරක් ඔහු විසින් වනය හෙළිකර කර ඇති අතර, එයද නතර කර නඩු පැවරීමට කටයුතු කරන ලදී. මෙම වන විනාශය නතර කිරීමට මැදිහත්ව කටයුතු කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය මහ දිසාපති තුමන් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාවද දැනුම්වත් කර ඇත. ලංකාදීප එසැන පුවත් හි පළවන ඇතැම් පාඨක අදහස් නිවැරදි කිරීමට මෙම සටහන යොමු කරන ලදී.(නු)

:       0       0

දුමින්ද Thursday, 07 March 2013 04:34 PM

අපේ පරිසරය අපි රැකගනිමු. (නි)

:       0       0

වසන් සුපුන් Friday, 08 March 2013 08:24 AM

ඉහළ පුටුවල ඉන්න අය මේවට වගකියන්න ඕනෑ. නමුත් ඒ අයට රට ගෙන හැඟීමක් නැහැ. පුළුවන් තරම් හොරකම් කීරීම තමයි ඒ අයගේ එකම අභිලාශය. (නි)

:       0       0

ප්‍රේමරත්න Thursday, 07 March 2013 04:56 PM

විනාශ උනාට පස්සේ තමයි හැම නිලධාරියෙක්ටම මතක් වෙලා යන්නේ..!(නු)

:       0       0

නිත්‍යා Friday, 08 March 2013 08:57 AM

අද පමණක් නොවේ අපට හෙටක් ති‍බෙනවා.... කියන එක ඇයි අමතක කරන්නේ (ස)

:       0       0

ජෝති Thursday, 07 March 2013 05:33 PM

අපේ බෙල්ලට තොන්ඩුව අපිම දා ගන්නවා (දී)

:       0       0

හර්ෂණ Thursday, 07 March 2013 05:45 PM

අපිම තමයි විනාශ වෙන්නේ (දී)

:       0       0

ධම්මික Friday, 08 March 2013 09:18 AM

මේකත් කෑමක එක අවස්ථාවක්. (ස)

:       0       0

නිරෝෂන් Thursday, 07 March 2013 06:03 PM

කොහෙන්ද මේ ගල් බෝතලේ හොයාගත්තේ (නි)

:       0       0

චානක Friday, 08 March 2013 09:26 AM

කණගාටුවෙන් හරි කියන්න යමක් තියෙනවා ... රටේ සිදුවන හැම අපරාධයකටම දේශපාලකයෙකු සම්බන්ධයි (ස)

:       0       0

අජිත් Thursday, 07 March 2013 06:40 PM

මේ තරම් දෙයක් වෙනකල් හිටියේ කොහේද? (නි)

:       0       0

විජිත Friday, 08 March 2013 09:43 AM

කැලෑ කපන විදියට හඩන්න කණකොකෙක්වත් නැතිවෙයි. (ස)

:       0       0

මේරි Friday, 08 March 2013 10:49 AM

සහතික ඇත්ත චානක මහත්තයෝ. (නි)

:       0       0

නිශාන්ත Thursday, 07 March 2013 07:11 PM

අපි අපිවම නැති තර ගන්නවා (දී)

:       0       0

හේමන්ත Thursday, 07 March 2013 12:25 PM

පිදුරුතලාගලට විතරක් නෙවේ ලංකාවටම කණ කොකා අඬන ‍දවස වැඩි ඈතක නොවේයි.. (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 10 March 2013 09:15 AM

මේ තරම් දෙයක් වෙනකල් කැළෑ මහත්වරු නිදාගෙනද හිටියේ? (නි)

:       0       0

පද්මා Thursday, 07 March 2013 12:30 PM

කොහොමද වැඩේ... අධි ආරක්ෂිත කලාපේ ගස් කපන්න කාටද පුළුවන්... මේක තවත් නඩු නැති කේස් එකක් (ස)

:       0       0

තිලක් Friday, 08 March 2013 11:38 AM

දැන් රටේ අහන්න දකින්න ලැබෙන දේවල් හැටියට පිදුරුතලාගල විතරක් නෙමෙයි ලංකාවටම කනකොකා හඩාවි (ස)

:       0       0

අමිල Thursday, 07 March 2013 12:44 PM

ගස් කපල තියෙන්නෙ වගකාරන්න ,ඊට පස්සේ මේ අය මේ ප්‍රදේශයේ ගෙවල් හදාගනි වි, ඊට පස්සේ කැලේ ඉන්නා අසරන සත්තුන්ව මරල දාවි වගා විනාස කරනවා කියල .එක හින්ද ඒවා වෙන්න කලින් ඉකමනට මේ ගොලොන්ව මේ පරදේශයෙන් එලවල දමන්න... (ස)

:       0       0

සමන් Thursday, 07 March 2013 12:48 PM

ආස්චර්ය කියන්නේ ඕකට තමයි අපි දැන් විඳින්නේ විකිරණ තමයි අපි ණය වෙන්නේ චීනෙට තමයි අපේ මත්තලත් චීනෙට තමයි ... (නි)

:       0       0

සමන් Thursday, 07 March 2013 12:52 PM

අනේ මේ කොලුකමට කැලයක් දෙකක් කැපුවට ගණන් ගන්න එපා. (නි)

:       0       0

වීරසේකරගේ Thursday, 07 March 2013 07:55 PM

නිළධාරීන යනකොට වියයුත්ත වෙලා ඉවරයි. (නි)

:       0       0

විජේ Thursday, 07 March 2013 12:53 PM

අද අහන්න ලැබෙන දේවල් කණගාටු දායකයි, වන විනාශය ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.. නීතිය ක්‍රියාත්මක වීම දුබලතාවය මෙම සිද්ධිවලින් පෙනෙනවා (ස)

:       0       0

තිසල් Thursday, 07 March 2013 07:59 PM

දෙයියෝ සාක්කි! මේවා දකිනකොටත් ඇග සීතල වෙලා යනවා. (නි)

:       0       0

ලසිත් Thursday, 07 March 2013 12:56 PM

කිය කියා ඉදල වැඩක් නැහැ, අපි මේවා බේරා ගන්න වැඩක් කරමු (දී)

:       0       0

ලුම්බිණි Thursday, 07 March 2013 01:10 PM

මේක තමයි විනාශකාරීන්ගේ පාරාදීසය. (නි)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Friday, 08 March 2013 12:04 PM

මේ වගේ රටට වැඩැක් නැති අය ලොකේ හැම රටකම ඉන්නවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සබරගමු නවක වද සිද්ධියට සිසුන් හතරක් අත්අඩංගුවට
2025 මැයි මස 04 162 0

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය


ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 265 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 436 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 4073 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 304 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 1542 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 650 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1193 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site