(මහින්ද නිශ්ශංක)
 
පාසල් නිවාඩු කාලය වෙනුවෙන් කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් අද(13) සිට 15 වැනි දින දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
 
රාත්‍රී 7.35ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පසුදා අලුයම 4.43ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වන අතර, බදුල්ලෙන් රාත්‍රී 8.00ට පිටත්වන දුම්රිය පසුදා අලුයම 4.45ට කොටුවට ළඟා වන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.