(ඩයනා උදයංගනී)
දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හි උෂ්ණත්වය හෙට (27) දිනයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම වයඹ හා බස්නාහිර පළාත්වලත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ඇතැම් ප‍්‍රදේශවලත් අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා උෂ්ණත්වය ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ.
අධික උණුසුම පවතින අවස්ථාවලදී විවිධ ක‍්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය වී මස්පිඬු පෙරලීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ඉහත ප‍්‍රදේශවල ජනතාව ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, හැකි පමණ සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැ ඇඳුම් භාවිතය ආදිය අනුගමනය කළ යුතු බවත්, විශේෂයෙන් කුඩා ළමුන් තනිව වාහන තුළ තබායාමෙන් වැළකිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ දිනවල දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැඩි උෂ්ණත්වයක් පවතින අතර අද (26) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලයේ දී දිවයිනේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 36.6ක උෂ්ණත්වයක් රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
COMMENTS
අපට ගහක් පේන්න බැරි ජාතියක්නේ.. තව කඩොලාන ගස්කපමු. කැලෑව කපමු. එතකොට තේරෙයි ගස්වල අගය...මම නම් අවුරුදු 10කට කළින් පැනගත්තා.
ශාක විසින් නිහඬවම ඉටු කරනා කාර්යය තවමත් බොහෝ දෙනෙක් වටහා නොගැනීම කණගාටුවට කරුණක්. ඔක්සිජන් මොකටද කියා අසනා ජනතාවක් සහ ඊට අනුබල දෙන පාලකයින් ඉන්නා රටක ගහක් කොලක් ඉතිරි වෙයිද..? කවදා හෝ ඔක්සිජන් වල ඇති වැදගත්කම මේ අයට වැටහෙන තාක්කල් මේ තත්වය පවතිනු ඇත. නමුත් ප්‍රමාද වී හෝ එය වැටහෙනා විට අප බොහෝ ප්‍රමාදය. දැනටමත් අප බොහෝ ප්‍රමාදය.. එන්න අපි තව තවත් ගස් කපමු..
විල්පත්තු විනාශ කරන කාලකන්නින්ට තවම දඬුවමක්නේ... රටේ අනාගත දරුවන්ට නේද මේ අය රටක් නැති කරන්නේ? වනාන්තරවලට නඩු කියලා අයිති කරගන්න පුලුවන්ද? තව වනාන්තර වැඩි කරන්න නේද අද අවශ්‍ය වෙලා තියෙන්නේ...
රටේ වන ඝනත්වය 27% යි. මෙය අවම වශයෙන් 40% දක්වාවත් ඉහළ නොගියොත් ඉදිරියේදී මීටත් වඩා කාලගුණික දේශගුණික අාපදා වලින් පීඩාවට පත්වීම වළක්වන්න බැහැ.
තව ටිකක් ගස් කපලා වැලි, පස්, බලපත්‍ර නැතිම කරලා දැම්මා නම් රටක් වශයෙන් වේලිලාම යන්න පුළුවන්. තව දෙයක් පහුගිය කාලේ නොකඩවා වහිනකොට කවුදෝ මන්ද කියනවා ඇහුණා "රාජා භවතු ධම්මිකෝ" කියලා...