
ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාකෝසි මහතාට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවම් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත.
මහේස්ත්‍රාත්වරයෙකුට අල්ලස් ලබාදීමේ චෝදනාවකට වැරදිකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම ලබාදී ඇත.
ප්‍රංශයේ මෙවැනි දඬුවමක් ලැබූ පළමු ජනපතිවරයා සාකෝසිය.
සාකෝසි පවසන්නේ ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
2007 වසරේ සිට වසර පහක් ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සාකෝසි මහතා මේ වනවිට 66 වැනි වියේ පසුවෙයි. ඔහු දැඩි සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
සාකෝසි මහතාට එරෙහිව තවත් වැරදි කිහිපයකටම චෝදනා ගොනුකර තිබේ.
(බීබීසී ඇසුරිණි)
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඉතින් ප්‍රංශයේනේ. මෙහේ කොහෙද ඒ සෙල්ලම්...?
ප්‍රංශ රටේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ ජනපතිලා හිරේ යන්නේ නැහැ...!!!
ඔබතුමා ලංකාවේ ජනාධිපති වුණා නම් ඔය වගේ සිර දඬුවම් විඳින්න වෙන්නේ නැහැනේ.
ඒකට අපේ රටේ අය. හොර වැඩවලට හිරේ දාන්න බෑ කියලා ඉස්සරවෙලාම නීතියක් සම්මත කරගන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න අනික් ටිකත් උඩ පැනලත් උස්සනවා. ඇයි තමන්ගේ හොරකම් ටිකත් වහගන්න පුළුවන්නේ...
ප්‍රංශයේ, බන්ධනාගාර රෝහලක් එහෙම නැද්ද දන්නේ නැහැ නේද? සර්කොසි මහත්තයෝ අපේ අය නම් මෙලහකට බන්ධනාගාර රෝහලට සියපාරක් විතර ගිහිල්ලා. අපේ රටේ නීතියක් නැහැ මහත්තයෝ ඒකයි වෙනස. නැත්නම් 1977න් පස්සෙ හිටිය සියලුම ජනාධිපතිවරු, අගමැතිවරුන් මේ වෙනකොට හිරේ ඉන්න ඕනෑ.
ඒකටත් එක්ක අපේ රටේ ඉන්නේ දූෂිත බලලෝභී නායකයින්, මේ වැඩ කෙරෙන්නෙත් ඒ අයට ඕනෑ විදියට...