IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


නේපාලයේ ගංවතුරින් 10ක් මරුට

 

නේපාලයට ඇදහැළෙන අධික වැසි හා නායයෑම් හේතුවෙන් අද (3) දසදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

එම දසදෙනාගෙන් අට දෙනකු ඉදිකිරීම් ස්ථානයක පුද්ගලයන් බවත් අනෙක් දෙදෙනා එකම පවුලේ සාමාජිකයන් දෙදෙනකු බවත් නේපාල බලධාරීහු සඳහන් කළහ. 


ඉකුත් මැයි මාසයේ සිට නේපාලයට වැසි ඇද හැළෙන අතර ගංවතුර හා නායයෑමේ සිදුවීම් ද වාර්තා වේ. ගංවතුර හා නායයෑම් හේතුවෙන් මේ වනවිට නේපාලයෙන් වාර්තා වන මරණ ගණන 177ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
 

දකුණු ආසියානු කලාපයේ රටවල වාර්ෂික වැසි සමය මේ වනවිට ආරම්භ වී තිබේ. බංග්ලාදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් ඉකුත් ජූනි මාසයේදී පමණක් මරණ 135 ක් වාර්තා විය. දශක දෙකකට පසු බංග්ලාදේශයට වැඩිම කාලයක් ගංවතුර තත්ත්වයක් බලපෑ තිබුණේ මෙවර බව ද වාර්තා විය. ඉන්දියාවට බලපෑ තිබෙන ගංවතුර හේතුවෙන් ඇසෑම් සහ බිහාර යන ප්‍රාන්තවල මිලියන ගණනක් අවතැන් වී සිටින අතර 120 දෙනකු මරණයට පත්ව ඇත. 


නේපාලයේ මෝසම් වැසි සමය මේ වනවිට ආරම්භ වී තිබේ. එම සමයේදී මැයි සිට සැප්තැම්බර් මාසය දක්වා වැසි ඇද හැළේ. මේ වනවිට ගංවතුර හෝ නායයෑම් හෝ සිදුවීම් හේතුවෙන් පුද්ගලයින් 57 දෙනකු අතුරුදන් වී ඇති බවත් 111 දෙනකු තුවාල ලබා ඇති බවත් නේපාල බලධාරීහු සඳහන් කළහ.

 
භූතානයට ද ගංවතුර තත්ත්වයක් බලපා තිබේ. ගංවතුරට සිර වී සිටි ගම්වැසියන් පිරිසක් මුදාගැනීමට ගිය භූතානයේ හමුදා සොල්දාදුවෝ හතරදෙනෙක් ඉකුත් මාසයේදී මරණයට පත්වූහ. 
දකුණු ආසියානු කලාපයට මේ වනවිට නව කොරෝනා වයිරසයෙන් ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අහිතකර කාලගුණ තත්ත්ව නිසා එම තත්ත්වය නරකම අතට හැරී තිබේ. 


අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශයේ මිලියනයකට වැඩි පිරිසක් අවතැන් වී සිටින අතර ඉඩම් හෙක්ටයාර දහස් ගණනක් ද විනාශ වී ඇත. ඒ හේතුවෙන් 60,000කට ආසන්න පිරිසක් ජනයාගෙන් පිරි අවතැන් කඳවුරුවලට යොමු කර ඇත.


බංග්ලාදේශයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 240,746ක් වන අතර වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 3,154කි.  


රොයිටර් 
 
055

 

 



අදහස් (0)

නේපාලයේ ගංවතුරින් 10ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 120 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site