IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිවාස අධිකාරියේ ලොක්කන් දෙදෙනෙකුට මාරුවීම්

( ජයන්ත සමරකෝන් )
  
නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ  සිදු වී ඇතැයි කියන අකාර්ෂක්ෂම සේවාව හේතුවෙන් එහි කළමනාකරු සහ දේපොළ කළමණාකරු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානයට අද (24) මාරුකර යවා ඇත.

 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ( 23)  එම කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථෘවක  හෙළිවූ කරුණමත මෙම පියවර ගත් බවද එහි සභාපති රේනුක පෙරේරා මහතා පැවසීය.
 
මෙම ස්ථානමාරුවට අමතරව කාර්ය මණ්ඩල හිගය පියවීම සඳහා අද  නිලධාරීන් තිදෙනකු ද එම කාර්යාලයට අනියුක්ත කළ බවද ඒ මහතා කීය.
 
මෙම කාර්යාලයයෙන් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි වූ කාන්තාවක් කළ පැමිණිල්ලක් අනුව ජනාධීපතිවරයා ඊයේ ( 23) මෙම කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබිණි.



අදහස් (9)

නිවාස අධිකාරියේ ලොක්කන් දෙදෙනෙකුට මාරුවීම්

siri Thursday, 24 September 2020 02:52 PM

ඔය කන්තෝරුව අයිති විෂය භාර ඇමැතිතුමා කවුද දන්නවාද? තමන් යටතේ ඉන්න කට්ටිය ‘‘අකාර්යක්ෂම‘‘ නම් ලොකු අයියා කියලා හරියන්නේ නැහැ... ඇමැතිතුමත් වගකියන්න ඕනෑනේද?

:       2       29

RaveendraFriday, 25 September 2020 04:25 AM

සහතික ඇත්ත.. ලොකු අයියා නොවේ මොනයකාගේ වුණත් තම රාජකාරිය නිසිලෙස නොකර අහිංසක මිනිසුන්ගේ බදුමුදල් නාස්තිකර ජීවිකාව ගෙවන්නේ නම් පයින් ගසා පන්නා දැමිය යුතුයි.

:       0       3

rasika Thursday, 24 September 2020 04:44 PM

මුළු රාජ්‍ය සේවයම කඩා වැටිලා තියෙන්නේ. කිසිම කාර්යක්ෂමතාවයක් නැහැ. කලාප අධ්‍යාපන කාර්යාලවල කොච්චර නම් ගුරුවරු රස්තියාදු වෙනවද? විශේෂයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති පාසල්වල මාරුවීම් තනිකරම වෙන්නේ දේශපාලකයින්ට වුවමනා විදිහට. පහුගිය යහපාලන කාලේ බස්නාහිර පළාතේ ඔක්කොම වුණේ එහෙමයි. මේවා හොයලා බලන්න.

:       1       0

kamal Friday, 25 September 2020 04:11 AM

ඉසේ කැක්කුමට කොට්ටේ මාරු කිරීම. නියම විනය පරීක්ෂණයක් පවත්වා ඒ අනුව වැඩ කරන්න බැහැ. මොකද විනය පරීක්ෂණයේදී මොනවා හෙළි වෙයිද කවුද දන්නේ... එනිසා කොට්ටේ මාරු කිරීම තමයි ගැලවීම.

:       0       4

pradeepa Friday, 25 September 2020 05:20 AM

අපේ ජනාධිපතිතුමනි, වැඩේ හොඳයි නමුත් මේ වගේම තීරණ ඔබේ ඇමැතිවරුන්ටත් ගන්නවා නම් ගොඩක් හොඳයි..., මොකද පුත්තලම පැත්තේ වන විනාශයක් ගියා. නමුත් ඔබතුමා කිසිම ඇක්ෂන් එකක් තාම ගත්තේ නැහැ.

:       0       9

Rm aberathna Friday, 25 September 2020 06:06 AM

බොහොමයක් රාජ්‍ය ආයතන වල අවිධිමත් සේවය නිසා ජනතාව මහත් අපහසු තාවයට පත් වෙලා සෑම ආයතනයක් තුලම ඉන්න මෙවන් අකාර්යක්ෂම නිලධාරින් සේවයෙන් ඉවත් කරන්න පුලුවන් නම් ගොඩක් මිනිස්සු හැදෙයි.

:       0       3

Tilak Friday, 25 September 2020 10:30 AM

තැන් තැන්වලට කඩාපැනලා මේක ඉවර කරන්න බැහැ. පූර්ණ ප්‍රතිසංස්කරණයක් කරන්න ඕනෑ. කෙරෙන වැඩ අනුව රැකියාවේ උසස්වීම් සහ පැවැත්ම තීරණය විය යුතුයි. වැඩ නොකරන අය තියාගන්න එපා.

:       1       1

fairoos Sunday, 27 September 2020 10:02 AM

අපිට බැරිද කෙළින්ම ජනාධිපතිට පැමිනිලි කරන්න..?

:       0       0

sampath Monday, 28 September 2020 10:04 AM

ආයතනවල පුරවලා ඉන්නේ කාට හරි පන්දම් අල්ලපු අය.. දැන් මෙකෙ හැටියට නාරාහේන්පිටින් කොළඹට දැම්මා කියන්නේ කරවල කෑල්ල කාපු පූසාට උඹලකඩෙන් ගැහුවා වගේ වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site