(විනීතා එම් ගමගේ)
දේශපාලඥයින්ගේ නියෝග නොතකා පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂක නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඇය ආරක්ෂා කරන බවත් පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත් කරන්නට ඇත්තේ වන ආඥාපනත පිළිබඳව නොදැන විය යුතු යැයි ද එකී පනත ඉතා ශක්තිමත් බැවින් එම පනත යටතේ පාලනය වන එකදු බිම් අඟලක් වත් පාර්ලිමේන්තු අනුමැතිය නැතිව ලබා ගැනීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
වන සංරක්ෂක නිලධාරිනිය කළ දේ හරි බවත් එහි දී සිදුවූ දේ පිළිබඳව කණගාටුව පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පාසල් දරුවන්ට පරිසර නීති කියා දිය යුතුයැයි ද එසේ නොකිරීම නිසා බොහෝදෙනා නීතිය නොදන්නේ යැයි ද පැවසූ අමාත්‍යවරයා සනත් නිශාන්ත මහතා ද නීතිය නොදන්නවා ඇතැයි කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ඉඩම් අමාත්‍යංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
මහජන විරෝධය නිසා දේශපාලුවා පසුබසියි.
බැලුවා පොඩ්ඩක් විපරම් කරලා. පෙනෙන විදියට නම් සාමාන්‍ය පෙළ?. වැඩිමනත් අවශ්‍යද? පරිසරයේ, සොබාදහමේ වටිනාකම... කොහෙද අර ඉස්සර හිටිය මහා ඇමතිගේ පුටුවල තමයි මොලේ තියන්න ඕනේ...
මෙතනට එන දේශපාලුවන් එකඑක අමාත්‍යාංශ බාරගන්නේ ඒ අමාත්‍යාංශ වලට අයත් දෙපාර්තමේන්තු ගැන හෝ ඒ සම්බන්ධ නීතිරීති දන්නේ නැතිවයි. ඒවාට පත්වෙන නිලධාරින්ද නීතිරීති දන්නේ නැත. ඒ කාලයේ නම් නිලධාරින්ගේ උසස්වීම ලැබීමට කලින්ම විභාග තිබුණා. දැන් ඇමතියාට පන්දම් අල්ලන කෙනාට උසස්වීම් ලැබෙනවා. ඔවුන් ඇමතියාට ඕනෑ විදිහට රටකනවා. කඩොලාන නැතිකර ක්‍රීඩා පිටි හදනවා. මුන් මැට්ටෝ නොවෙයිද?
කොන්ද පණ ඇති නිලධාරිනියක් රටේ අනාගත පරපුරට කඩොල් කැලේ රැකගනිමු...
බොර දියේ මාළු බෑමක් වගේ...
"පාසල් දරුවන්ට පරිසර නීති කියාදිය යුතුයැයිද එසේ නොකිරීම නිසා බොහෝදෙනා නීතිය නොදන්නේ යැයිද පැවසූ අමාත්‍යවරයා සනත් නිශාන්ත මහතාද නීතිය නොදන්නවා ඇතැයිද කියා සිටියේය." ඒ කාලේ 8 වෙනි පන්තියේදී අපිට තිබුණා ප්‍රජාචාරය කියලා විෂයයක් එම විශයෙන් නීතිය, ආණ්ඩුක්‍රමය, අධිකරණය ගැන බොහොම දේ කියා දුන්නා. අටවෙනි පන්තියේ ළමයෙක් දන්නවා පාර්ලිමේන්තුවේ පනතක් සම්මතවන්නේ කොහොමද කියලා. ඇමතිතුමනි, පාසල් ළමයින්ට පළමු ඔය ඉන්න මැති ඇමතියන් නිලධාරීන්ට තම විෂය පථයට අයිති නීතිරීති කියාදෙන්න. ඔය තත්ව වලට එනවිට මොවුන් රට කාලා තියේවි.
මෙතනට එන දේශපාලුවන් එක එක අමාත්‍යාංශ බාරගන්නේ ඒ අමාත්‍යාංශ වලට අයත් දෙපාර්තමේන්තු ගැන හෝ ඒ සම්බන්ධ නීතිරීති දන්නේ නැතිවය. ඒවාට පත්වෙන නිලධාරීන්ද නීතිරීති දන්නේ නැත. ඒ කාලයේ නම් නිලධාරීන්ගේ උසස්වීම් ලැබීමට කලින්ම විභාග තිබුණා. දැන් ඇමතියාට පන්දම් අල්ලන එකාට උසස්වීම් ලැබෙනවා.
පරිසරය ගැන දැනීම බිංදුව බව පෙන්නපු නියෝජ්‍ය ඇමතිවරුන් දෙන්නවම එම තනතුරුවලින් ඉවත් කල යුතුයි. ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂක නිලධාරිනි දෙවැනි ජයතිලක මහත්මිය ඉතාම ඉහළින් රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කළා. දේශපාලන බලයට සහ මැරබලයට යට නොවී දේශපාලකයින්ගේ අදූරදර්ශී තීරණ නිසාම වැනසී යන වටිනා කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න තනි සටනක් දුන්නු ගෞරවනීය රජයේ නිලධාරිනියට මගේත් ආචාරය...
ජනාධිපතිතුමනි, මෙම නිලධාරිනියට ජනාධිපති සම්මානයක් දෙන්න. ඒ කළ නිහඬ සේවාව වෙනුවෙන්....
මේ දේශපාලුවන් කවදාවත් අවංක නිලධාරීන් වෙනුවෙන්වත්, මහජනතාව වෙනුවෙන්වත් පෙනී සිටින්නේ නෑ. ඒත් තවත් විරුද්ධ පාර්ශවික මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන්. වැලි පර්මිට් රාජ්‍ය අනුග්‍රහය මත මෑතදී දුන් ආකාරය මතක්කර ගන්න. ඒ වගේම මෑතදී වනගහනයට ඇතුළත් අනුරාධපුරයේ ඉඩම් ඩෝසර් කරනවා. මේ සුදුපිරුවට ඇඳගත් කැලෑ පාලුවන් ටික මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු නොයෙවීමට බුද්ධිමත් ජනතාව වග බලා ගත යුතුයි. මුලින්ම මොවුන්ට නාමයෝජනා ලබාදෙන පක්ෂ ප්‍රතික්ෂේප කළයුතුයි.
කට වහගෙන ඉන්න...
ඉතා හොඳින් කළා...
පොල් කඩන අය ඇමැතිලා වුණාම රට කාටද?
අර ඔක්සිජන් එපා කියන කෙනා කවුද?
අනුරාධපුර ප්‍රදේශයේ රක්ෂිත එළිපෙහෙලිකර තම හිතවතුන්ට බෙදාදෙන චන්ද්‍රසේන ඇමැතිතුමා මේවට විරුද්ධයි කියනවා. විරුද්ධ වෙන්න තමයි ඕනෑ. නමුත් තමනුත් වැරදි නොකර ඉන්න ගමන් මේවට විරුද්ධ වුණානම් තමයි වටින්නේ...
ඔක්සිජන් එපා කියපු මහත්තයාගේ නහය පොඩ්ඩක් හිර කරන්න ඕනෑ..
ඔක්සිජන් එපා කී මහත්තයාගේ නහය හිර කරන්න ඕනෑ.
එක්කෝ අපි රාජ්‍ය අමාත්‍යවරයා කියකියා කිව්වට මලට ඉස්කෝලේ ගිය නැති කෙනෙක්..., නැතිනම් ඉස්කෝලෙදී උගන්නල නෑ... වෙන්නමත් පුළුවනි. එ්ත් බය තියෙන්නේ දැන් ඔහොම කිව්වට ඡන්දෙන් පස්සේ නිලධාරිනියව දණගස්සලා ගස්බඳීද කියන එකයි.
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත්කරන්නට ඇත්තේ වන ආඥාපනත පිළිබඳව නොදැන විය හැකියි කියලා ඇමති කියනවා. මෙලෝ හසරක් නොදන්නා මෝඩයෝ ඇමතිලා කරලා අපේ සල්ලි වලින් පඩිත් ගෙවලා කවදානම් මේ රට ගොඩ යයිද? ඔයිට වැඩිය හොඳයි ඇමතියෙක් නැතිව උන්නා නම්... ඡන්දෙන් පස්සේ මේ ඇමැතියටත් ඩියුටි ෆ්‍රී කාර් දීලා අවුරුදු පහක් පොල් ගෑවට පස්සේ මැරෙනකල් විශ්‍රාම වැටුපකුත් ගෙවනවා. අපි ඉතින් සදා සොත්ති වෙන එක පුදුමයක්ද?
මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝ පටියත් අපි වෙනත් මාධ්‍ය හරහා නරඹයි... අර ළඟින් ඉඳන් අව්කණ්ණාඩි කුට්ටමක් බැනියමේ එල්ලගෙන ඒ නිලධාරිනියට තර්ජනය කරමින් කෑගසන්නේ මේ ඇමති උත්තමයාගේ ගෝල හෙන්චයියෙක් වෙන්න ඇති. සමහර වෙලාවට ඒ කොන්ත්‍රාත් එක දෙන්න හිතන් ඉන්නකෙනා නැතිනම් ජනතාව බයකරන්න එක්කන් යන පරිවාර සේනාවේ කෙනෙක් වෙන්නත් පුළුවනි. ඇමතිලා ගෙවල්වල සුදු පිරුවට ඇඳන් ඉද්දී අහිංසක ජනතාවට ගෙවල්වලට ඇවිත් ගල්ගහලා මරණ තර්ජන කරන්නේ මොවුන් ලවා තමයි. අන්තිමේ උන්ව අැමතිලාගේ ගෙවල් වලම හංගගෙන පොලිසිය රටපුරා යවනවා. ඔවුන්ව අල්ලන්න. රජයේ නිලධාරිනියකට මෙහෙම තර්ජනය කරන රටක ගෝඨාභය කියන විදියේ රාජ්‍ය සේවයක් ඇතිවෙන්නේ කොහොමද? එයත් නිකන් බයිලා ගහනවා වගේ පෙනෙන්නේ...
පහුගිය කාලේ මීගමුව අවට ප්‍රදේශවල පැවති ගංවතුර තත්වය බැස්සවීමේ ක්‍රියාවලියට මහපාර දෙපස කාණු කපනවා යයි පවසා, ඒ කපපු වලවල්වල පස් ටිකත් හොරාකාපු අමනයින් තමයි ඔය පැත්තේ ඉන්නේ. මේ වනවිට මීගමුවේ අතුරු මාර්ග දෙපස ඌරු වලවල් මිස කාණු පද්ධතියක් නම් තවමත් සකස් වී නැහැ. ඒ කාණු කැපීමට මුල්වූ පුද්ගලයාත් ඔය ඔක්සිජන් කාරයාගේ මුහුණම තියන එකෙක්... සමහර විට එකාම වෙන්න බැරි නැහැ. එකා නම්, මීගමුවේ නගර සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරයෙකුගේ හෙන්චයියෙක්...
මේ වගේ ශ්‍රී ලාංකික තරුණ මෙනෙවියන් ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ... විද්‍යානුකූල තර්කයක් ඉදිරිපත් කළ එම නිලධාරිතුමිය සිටිය යුත්තේ ශ්‍රී ලංකාවේ පරිසරය පිළිබඳව උසස් තනතුරක... මම ඔබතුමියට මගේ ස්තුතිය පුද කරනවා. ඔබතුමියට සොබාදහමේ පිහිට ලැබේවා...!!!
කඩොලාන පරිසර පද්ධතියක් කියන්නේ මිල කල නොහැකි සම්පතක්... ක්‍රිඩා පිටියක් වගේද පරිසරය...? මෝඩ නූගතුන් පාර්ලිමේන්තුවට ගියාම වෙනදේ... හැමදෙනාටම පරිසරයට ආදරය කරන්න ඉගැන්විය යුතුයි. මම හිතන්නේ නෑ. අනෙක් එක ධීවර ඇමතියෙක් මොකටද ක්‍රීඩාංගණ හදන්න උනන්දු වෙන්නේ...? අනෙක් කරුණ ධීවරයින් කඩොලාන විනාශ කරනවාට කොහොමත් කැමැති නොවේවි...
ගෝඨාභය කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න උනන්දු වෙන නායකයෙක් බව ඇත්ත. නමුත් ඔහුට එය කිරීම සඳහා හැකියාවක්, යාන්ත්‍රණයක් නොමැති බව පැහැදිලියි. එය රටේම අවාසනාව. ක්‍රමය වෙනස් නොකර තේරුමක් නැහැ. එතුමා තනි වෙලා වගේ දැනෙනවා.
පාසල් ළමුන්ට නීතිය කියලා දෙන්න.... එ්ක හොඳයි. ඒ එක්කම පාසල් ගිය අය ඇමතිවරු කරන්න.
මේ නිලධාරිනිය ලොකු අවධානමක් අරගෙන තමයි මේ යුද්ධේ කෙරුවේ. ඇයගේ මට්ටමේ සේවය කරන සෑම පරිසර නිලදරුවෙක් ම ජිවිත තර්ජන මැද්දේ තමයි රාජකාරි කරන්නේ සත්‍ය අත්දැකීම් මත මම කියන්නේ. මුදලටත් බලයටත් එරෙහිව පරිසර නිතිය රැක ගන්න ඔවුන් නිහඩව ලොකු සටනක් ගෙනියනවා. කොච්චර කලකිරීම් මැද්දේ වුනත් එයාල මේ සටන හැමදාම කරනවා .ඒක සමාජයෙන් දැක්කේ මේ වතාවේ විතරයි. එතකොටත් කිසිම හිරිකිතයක් නැතුව ඇයව හෙලා දකින්නත් ඇගේ ක්‍රියාව සමච්චලයට ලක් කරන්නත් පරිසර ප්‍රශ්න වලින් බැටකන දේශපාලන බැලයන් කතා කරන හැටි දැක්කම වමනේ ට එනවා. ඉතින් කොහෙද ජනාධිපති රට හදන්නේ.
වන සංරක්ෂක නිලධාරිනිය වෙනුවෙන් පෙනී නොසිටියහොත් ඊලග ඡන්දයෙන් ඔයා එළියේ. වැඩ පෙන්නුවොත් ඇතුලේ
අර ඔක්සිජන් එපා කියන කෙනාව ඔක්සිජන් නැති තැනකට යවමු.
ඔක්සිජන් නැතිව ජීවත්වෙන අසාමාන්‍ය මිනිසෙක් ලංකාවේ සිටින බව දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සේ තමයි. මේක ලෝක වාර්තාවක්...