(නිමන්ති රණසිංහ )
ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට 124 න් 123 ක්ම සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද (23) අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ අද නඩුව කැඳවු අවස්ථාවේදී රසපරීක්ෂකවරයා මේ බව දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත්තේ නාලක ද සිල්වා මහතාගේ කාමරයේ තිබී ඔවුන් බාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ ඔහු භාවිත කළ ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් හරහාද තොරතුරු හුවමාරු වී ඇති බවයි.
සියලු තොරතුරු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එහි රස පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඬපට ගැළපුනාට කුමන්ත්‍රණය ගැළපෙන්නේ නැද්ද? එතකොට කලින්වා වගේම ‘රෝ මරණ තර්ජන’ මාධ්‍ය නාටකය "ඩීඑස් ඩඩ්ලි" නාටකයෙන් වැහිලා යයිද?
මේක පුදුම රටක්... රටේ රාජ්‍ය නායකයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු අය අත්අඩංගුවට ගන්නේ නැතිව අඳුරේ අතපතගාමින් සිටිනවා. තව ටික කලකින් කුමන්ත්‍රණ කරුවන්ට වන්දි දෙන්නත් පුළුවන්...
හොර පොලිස් සෙල්ලම නියෙමට තියෙනවා
අහෝ සුපිරි නළුවන් ගැලපෙයි .අධ්‍යක්ෂතුමානි ඉක්මනට දිගහරින්නකෝ ඹය මෙගා ටෙලිනාට්‍ය.. කල් වැඩියෙන් ගන්නවා ... නාමල් අංගොඩ යනවා පෙනෙනවා ...නාලක එනවා පෙනෙනවා.... ඇතතටම මෙක වහිලුවක්ද ... නැත්නමි සත්‍යගන්ද.......? ගරැ අධිකරණයෙ පිහිට විතරයි සත්‍ය මෙවීමට තිබෙන සහ විශ්වාස කල හැකි එකම තැන දැන් සිරිිලංකාවෙි .....
අහෝ සුපිරි නළුවන් ගැලපෙයි .අධ්‍යක්ෂතුමානි ඉක්මනට දිගහරින්නකො ඔය මෙගා ටෙලිනාට්‍ය.. කල් වැඩියෙන් ගන්නවා ... නාමල් අංගොඩ යනවා පෙනෙනවා ...නාලක එනවා පෙනෙනවා.... ඇතතටම මෙක වහිලුවක්ද ... නැත්නමි සත්‍යගන්ද.......? ගරු අධිකරණයේ පිහිට විතරයි සත්‍ය මෙවීමට තිබෙන සහ විශ්වාස කල හැකි එකම තැන දැන් සිරිිලංකාවයි .....
දැන් ඉතින් මොකද කරන්නේ?
කටහඬ ගැළපෙන එකේ කේන්දර බලලා පොරොන්දම් ගැළපුවොත් නරකද? යන විදිහට එහෙම නොවුණොත් තමයි පුදුමේ..
දෙන්නම නා නා ලා.. නාමල් නාලක මරු ජෝඩුව. කතාකරලා වැඩක් නැහැ.. කියන්න දේකුත් නැහැ. ඔහොම යං...
අනෙකුත් දේශපාලන, මිනීමැරුම් යම් හස්තයකින් නවතා තබමින් සාධාරණය ඉටු නොවෙනවා සේ මෙයටත් එසේම වේවා කියා අපේ පැතුමයි....
අපිට කන්න නැතත් යහපාලනය දෙන ආතල් නමි මරැ ..... 124 න 123 ක ගැලපෙනවාලු ............ ගැලපෙන්නේ නැති එක ඝාතණ ය ගැන කියන එකද දන්නෙ නැහැ ...එහෙම වෙන්න ඉඩ වැඩ්යි.
දෙවෙනි ඉනිම 2