IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


නාමල් උයනට බෝර ගැසු තුනක් සැකපිට

නාමල් උයන රක්ෂිතයේ පිහිටි  තිරුවානා නිධිය  බෝර දමා පුපුරවා එහි  තිරුවානා කැබලි විදේශ සමාගමට ලබා දුන් බව කියන තිදෙනක් ඊයේ (04) අනුරාධපුර අඩවි වන කාර්යාලීය නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.

තිරුවානා නිධිය බෝර දමා විනාශ කරන බව  ඉකුත් 2 වැනි දින ලංකාදීප පුවත්පතෙන් හා 3 වැනි දින ලංකාදීප පුවත්පතේ කතු වැකියෙන් කළ හෙළිදරව්වෙන් පසු මෙම පුද්ගලයා අතුඅඩංගුවට ගැනීම විශේෂත්වයකි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පලාගල ප්‍රදේශයේ පදිංචි ඉංග්‍රිසි ගුරුවරයකු බව අනුරාධපුර අඩවි වන කාර්යාලය කියයි.

මේ ක්‍රියාවට  වනවාසී රාහුලහිමියන්ගෙන් මෙන්ම ප්‍රදේශවාසින්ගේ ද දැඩි විරෝධතා එල්ලවී තිබිණි.

සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අනුරාධපුර අඩවි වන නිලධාරී ලලිත් ගමගේ මහතා කියයි.

 



අදහස් (0)

නාමල් උයනට බෝර ගැසු තුනක් සැකපිට

ඉන්දික Tuesday, 04 March 2014 07:31 PM

මේ ගොල්ලන්ගේ අධෝ මාර්ගවලටත් බෝර දාන්න ඕනේ. (නදී)

:       0       0

රොකී Tuesday, 04 March 2014 07:39 PM

නාමල් උයනේ භාරකාරත්වය අර කාටද භාර දුන්නා කියලා ප්‍රවෘතියක් මාස දෙක තුනකට පෙර මොකක් හරි මාධ්‍යයකින් ප්‍රචාරය කෙරුනා වගේ මට මතකයි.(නදී)

:       0       0

ජෝයි ඩයස් Tuesday, 04 March 2014 11:54 PM

මොන තරම් වටිනා සම්පතක්ද? කන්ද පාමුලත් පොලිස් මුරපලක් තියෙනවා..බෝර දානකොට සද්දේ එනවනේ. දවසකට නඩ කීයක් එනවද,රෝස තිරුවානා කන්ද නගින තෑනම පුංචි කඩයකුත් තියෙනවා. තරාතිරම් බලන්නේ නෑතිව වටකරලා දෙන්නයි තිබුනේ.මීට වඩා ආරක්ෂාවක් මෙ ජාතික වස්තුවට ලබාදිය යුතුයි.(නදී)

:       0       0

ගුණේ Wednesday, 05 March 2014 12:04 AM

නාමල් උයනේ රක්ෂිතයා නාමල් ! කවුද නාමල්ට හොරෙන් බෝර ගැසුවේ ? අනේ වනවාසී රාහුල හිමියනි මේ ගැන නාමල්ට කියන්න.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 05 March 2014 05:26 AM

ලොකු ලොක්කෝ කිහිප දෙනෙක්ම වටිනා ඛනිජ සම්පත් පිට රටවලට කුණු කොල්ලයට විකුණපු ආදර්ශය තමයි ඔය, මහා පොළව උලා කන සත්තු.(නදී)

:       0       0

අරුණ Wednesday, 05 March 2014 08:40 AM

සීගිරියත් කළුගල්වලට කඩයි ලගදීම.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 05 March 2014 08:44 AM

මේ අයට නම් වැහි නැති හෙන වදින්න ඕනා.(නදී)

:       0       0

නුවන් Wednesday, 05 March 2014 08:49 AM

රටේ ස්වභාවික සම්පත් විනාශ කිරීම ගම් මට්ටමට ලබාදුන්නේ රජයේ අක්‍රමිකතා වැඩ පිළිවෙලවල් හරහා.(නදී)

:       0       0

චමින්ද පෙරේරා Wednesday, 05 March 2014 09:03 AM

මේක රෝස තිරිවානද - සුදුතිරිවානද ? මම හිතන විදියට මක නාමල් උයනේ රෝස තිරිවානා කන්ද නෙමේ ... කවුරුහරි පැහැදිලි කිරීමක් කරන්න.(නදී)

:       0       0

ආරියසේන Wednesday, 05 March 2014 09:14 AM

අනුමානයක් නැහැ රජයේ දේශපාලනයෙක් සම්බන්ද ඇති. (නදී)

:       0       0

කුමාර Wednesday, 05 March 2014 10:07 AM

අනවසරයෙන් මේක කඩන එක නම් නීතී විරෝධියි (දිල්)

:       0       0

නිරාන් Wednesday, 05 March 2014 01:56 PM

මේ අපරාද කරන අයට කවදාවත් සැනසීමක් ලැබෙන්න නැ(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 551 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17322 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 703 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site