
(බන්දුල ඉලේපෙරුම)
අයවැය විවාදය අද (21) දිනට ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ අපවත්වී වදාළ නාපානේ පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙසයි. නමුත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා වෙනම යෝජනාවක් සම්මත කළ යුතු බවයි.
විපක්ෂ නායක -
“මේක වාද විවාද කරන්න දෙයක් නෙමෙයි. 2015 අස්ගිරි මහනාහිමියන් අපවත්වූ අවස්ථාවෙත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වුවා. ඒකට විරුද්ධ වෙන්න එපා. මේක දේශපාලනීකරණය කරන්න එපා කථානායකතුමනි”.
කථානායක -
“ඊට වඩා ගෞරවණීයයි. පිළිවෙලයි. යෝජනාවක් සම්මත කරලා දෙගොල්ලෝම එකට මේක කළානම්.”
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එය කළ යුතු වුවත් මේ මොහොතේ නොකර එය යෝජනාවක් ඉදිරිපත් කර සවස පක්ෂ නායක රැස්වීමේදී සම්මත කරගෙන සිදුකිරීම යෝග්‍ය බවයි. නමුත් විපක්ෂ මන්ත්‍රීවරු ඊට එකඟත්වය පළ නොකළ අතර කථානායකවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර සභාවේ කටයුතු ආරම්භ කළේය.
COMMENTS
බහුතර ජනතාවගේ කැමැත්තනේ ඉතින්.
සර්ලට පණ නැති අයගෙන් වැඩක් නෑ..මැරිල ගොඩ අරන් විකුණගෙන කන්න පුලුවන් කමක් හරි තිබ්බා නම් ඕකට කැමති වෙයි. ඉන්න කන් රාජපක්ෂලාට කත් ඇදපු හාමුදුරුවන්ටත් අත්වුණු ඉරණම මේක නම් අනිත් අය ගැන කවර කතාද? රට රකින අපේ විරුවා... තාලෙට කියන්න.. වෙනස සැපයි.
මහානායක කියලා දෙයක් බුදුදහමේ නෑ. දෙව්දත් සංඝයාගේ නායක වෙන්න ඇසීම අරභයා බුදුන් වහන්සේ තමන් වහන්සේ මිස අඩු තරමින් සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලාටවත් නායකකම දෙන්නේ නැතැයි පවසා තියෙනවා. අද මහානායක නමින් ඉන්නේ දෙව්දත් පරම්පරාවේ අය කියලා දැකීමයි සුදුසු. මේ වගේ ප්‍රෝඩාකාරී වැඩ නිසා බුදුදහමට අගතියක් මිස අභිවෘද්ධියක් නම් සිද්ධ වෙන්නේ නෑ.
වැඩ කරන්නේ මල්වටිටිය ඔලුවේ තියාගෙන. දේශපාලනය කරන්නෙත් පරම්පරාවම අපේ හාමුදුරුවනේ කියාගෙන. මෙන්න මේ අයගේ බෞද්ධකම.. වැරැද්ද මේ අයට ඡන්දෙ දුන්නු 69 ලක්ෂය තමයි.
ඔතන තියෙන ප්‍රශ්නෙ යෝජනාව ආවේ විපක්ෂයෙන්... කථානායක බයයි..., විපක්ෂයට ලකුණු වැටෙනවට...
මෙතන තියෙන්නෙ ගෞරව කිරීම ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. කරන දේ නිවැරදි ක්‍රමයට කරන්න කියන එකයි. ශබ්දය අනුව ඡන්දය ගැනපු කථානායකලා දැන් නැහැ. ආණ්ඩුව වැරදි බව දැනදැනත්, මහජන මතය ආණ්ඩුවට විරුද්ධ බව දැනදැනත් රිංගලා ගිහින් අත්සන් ලේඛණ දීපු අය දැන් නැහැ. එහෙම අය හිටියා 2015ත් 2019ත් අතර අමුතුපාලන ආණ්ඩුව කාලෙ. 2020 පත්වුනු දැන් ආණ්ඩුවට පැහැදිලි ජනමතයක් තියෙනවා. ඒ ගොල්ලො ඒක විධිමත්ව ක්‍රියාත්මක කරනවා.
එම අවස්ථාවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වලා නායක ස්වාමීන් වහන්සේට ගෞරව කළා නම් ඉවරයිනේ... ඒකට නොයෙක් තර්ක විතර්ක කරන්නම ලොකු වෙලාවක් ගතකළා නේද? ඒ කාලේ නාස්ති කරන වෙලාවේ විනාඩියක නිශ්ශබ්දතාවය පවත්වා ගෞරව කළා නම් හරිනේ. මේ ඔක්කොම මහජන මුදලින් යැපෙන අය නේද? කවුරුත් තමන්ගේ දේපළ පරිත්‍යාග කරගෙන රට හදන්න ආව කෙනෙක් මෑත ඉතිහාසයේ නැහැ නේද?
මේ බයිලා ගහන වෙලාවේ පාර්ලිමේන්තුවේ කවුරුත් විනාඩියක් හාමුදුරුවන්ට ගරු කළා නම් වැඩේ අවසන් නේද?