
(උපාලි ආනන්ද)
ජාත්‍යන්තර කරාටි ශුරයකු වූ වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වන එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරොන් රණසිංහ යන අය නාඳුනන පිරිසක් විසින් එල්ල කළ වෙඩි පහරකින් අද (5) මිය ගිය බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ වෙඩි තැබීම සිදුකර තිබේ.
අපරාධකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
එස්.එෆ්.ලොක්කා මෝටර් රථයකින් අනුරාධපුර ප්‍රදේශයට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ගොඩක් ඉන්නවා.
ආරක්ෂක ලේකම් කියපු විදියට මම හිතුවා දැන් මේ වගේ දේවල් ඉවරයි කියලා...
එළියට බහින්න ආරක්ෂිතම දවස අද කියලා හිතුවද දන්නේ නැහැ. පළවෙනි ඡන්ද ප්‍රතිඵලය නම් නරකම නැහැ.
අනේ හොඳයි. පාතාලේ ඉන්න අනිත් උන් තොලොංචි වෙලා යනවා නම් ඒක රටටම ලොකු සෙතක්...
උපාලි මේ වෙඩි තැබීමක්ද? බෝම්බ ගැසීමක්ද?
අපි හිතාගෙන හිටියේ, ලංකාවේ ඇතුළේ අද තමයි හොඳටම ආරක්ෂාව තියෙන්නේ කියලා...
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.
‘‘ බල පෙර නිමිති පෙර මග නැකතටත් වදී‘‘
අවි ගත්තෝ අවියෙන්ම නසිති
ඡායාරූපවල හැටියට නම් වෙඩි තැබීමක් කෙසේ වෙතත් යුද භූමියක "RPG" ප්‍රහාරයකට ලක්වුණු රථයක් ලෙස නොපෙනේද?
අපරාධය සහ දඬුවම - කරත්තය අදින ගොනු පසුපස කරත්ත රෝදය එන්නා සේම , අපරාධය පසුපස දඬුවම පැමිණෙනවා. මේ විශ්ව සාධාරණ නීතිය මේ ලොව සැමදෙනාටම පොදුයි. බලය, ධනය.. වැනි හිස් දේවල් වලින් මේ ධර්මතාවෙන් වැළකිය නොහැකිය. ඔබ අපරාධයක් කළොත් දඬුවම ඔබ පසුපස එනවා එනවාමයි. ඔබට එයින් ගැලවිය නොහැකිය..!!!
ලොක්කන්ට අපල කාලයක් ලබලා... ලොක්කෝ, සොක්කෝ අතින් යනවා...
ලොක්කෝ ලොක්කෝම නැති කරන නිසා පොලිසියට වඩා අඩුවෙයි නේද? අපිට තිබෙන්නේ බලන් ඉන්න එකයි.
හොඳින් අවි ආයුධ ලැබූ කට්ටියකගේ වැඩක් වගේ..
එකෝමත් එක කාලයක මගේ රට සාමකාමීව පැවතුණා. දැන් මොකද සිද්ද වුණේ? ‘‘රාජා භවතු ධම්මිකෝ‘‘...
ඔයාලා පැනික් වෙන්න එපා. මේ පොඩි පෙරහුරුවක් විතරයි. තුනෙන් දෙක ගත්තාම ඉතුරු ටික දෙන්නේ...