(ඩයනා උදයංගනී)
ප‍්‍රංශයේදී නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී විදේශ භාෂා චිත‍්‍රපට අංශය යටතේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීමට ප‍්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප‍්‍රනාන්දු මහත්මිය සමත් වූවාය.
විසාකේස චන්ද්‍රසේකරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘පාංශු’ චිත‍්‍රපටයෙහි කළ රංගනය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිව ඇත.
එම චිත‍්‍රපටයෙහි නීටා ප‍්‍රනාන්දු මහත්මිය නිරූපණය කරන ලද්දේ ‘බබා නෝනා’ නම් රෙදි සෝදන කාන්තාවකගේ චරිතයකි.
එම චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළ කුමාර කරව්දෙණිය ද මෙහිදී සම්මානයකින් පිදුම් ලැබු අතර ඇඳුම් නිර්මාණය උදෙසා ජාත්‍යන්තර සිනමා උළෙලක දී ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම සම්මානය ද එය වේ.

COMMENTS
සුභ පැතුම්
මේ උළෙල ප්‍රංශ භාෂාවෙන් උච්චාරණය කරන්නේ නයිස් ලෙස නොවේ "නීස්" ලෙස බව කරුණාවෙන් සලකන්න.
සතුටුයි... උණුසුම් සුබ පැතුම්...!!!
අපේ රටට කීර්තියක් ගෙනදුන් නීටා ප්‍රනාන්දු මහත්මියට හා එම ච්ත්‍රපටය අධ්‍යක්ෂණය කල චන්ද්‍රසේකරන් මහතාට අපගේ උණුසුම් සුබපැතුම්! රට තුල අද අහන්නට ලැබෙන හද කකියවන, ලේ කැකෑරෙන ප්‍රවෘත්ති අතරට, සිසිල් පන් බිඳක් වැනි මේ පුවත, ඇත්තෙන්ම හද පිනවනවා.
සුබ පැතුම්...!!! අපේ රටේ දක්ෂ නිළියක්... මෙහෙ ඉන්න හීන් බබා නෝනලා ටිකටත් රෙදි අපුල්ලන එකට සම්මාන දෙනවනම් ඕනෑතරම් ඉන්නවා. වැඩිය ඉන්නේ" හීන් බබාලා." නෝනලා නෙවෙයි.
හුඟක් අපේ සම්භාව්‍ය චිත්‍රපටිකාරයන් කරන්නේ බටහිර රටවල සුද්දෝ කවදාවත් අහලා, දැකලා නැති අප්පිරියාවක් පෙන්නලා... ඒ ගොල්ලන්ව පුදුම කරවලා සම්මාන ගන්න එක... එ්කෙන් අපේ රටත් ඒ එක්කම සෑහෙන්න හෑල්ලුවකට ලක්වෙනවා. මේක එහෙම එකක් නෙමෙයි කියල හිතනවා.