IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

(රොමේෂ් මධුෂංඛ)

බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු ගිය උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි ධීවරයින් 1500කට ආසන්න පිරිසකට ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බවත්, යම්කිසි ලියාපදිංචි කිරීමකට අනුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි ලෙස පියවරක් ගන්නා ලෙසත් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.
 
රාජ්‍ය සේවකයින්ට වෙනත් දිනයක සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ලබාදෙන අයුරින් මෙම ධිවරයන්ටද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මත කරන ලෙස එම ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පැවසුවේය.
 
ධීවර පවුල්වල ඡන්ද ප්‍රකාශන කටයුතු පිළිබඳව කළ විමසීමකදී හර්මන් කුමාර මහතා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.
 
‘මේ ධීවරයින්ට වෙන රැකියාවක් නැහැනේ. තියෙන්නේ ධීවර රැකියාව විතරයි. බහුදින යාත්‍රාවලින් මුහුදු ගමන් යන අය නැවත ගෙවල් වෙතට එන්නේ සතියකට දෙකකට විතර පසුවයි. මේ අය ඡන්දය නිසා නොයා ඉන්නෙත් නැහැ. එදාට එන්නත් බැහැ. උතුරේ එතරම් බහුදින ධීවර යාත්‍රා නොතිබුණත් නැගෙනහිර ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් තිබෙනවා. දවසකට ධීවර යාත්‍රා 200 ක් ගියත් එක යාත්‍රාවක ධීවරයින් පස්දෙනෙකු ගමන් ගත්තත් එතනම 1000ක් විතරයි. මේක ඒ ධීවරයින්ට කෙරෙන ලොකු අසාධාරණයක්” යැයිද කීය.



අදහස් (0)

ධීවර සහයෝගීතා ව්‍යාපාරයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site