IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
 
සිකුරාදා සම්මත කර ගැනුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු කිරීම ගැන ද එහිදී සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ.
 
පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා විසිනි.
 
ජනාධිපතිවරයා   පාර්ලිමේන්තුව විසිරුවරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කර තිබේ.
 
එම නඩුවට අදාළව දුන් අතුරු තහනම් නියෝගය පහත දැක්වේ.

 



අදහස් (13)

දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමුවෙයි

Sanath Kandy Saturday, 17 November 2018 11:41 AM

ගරු විපක්ෂ නායක සම්බන්දන් මැතිතුමනි, මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට මැදිහත් වන්න.

:       410       806

goda bandaa Saturday, 17 November 2018 01:10 PM

යුද්ධයෙන් රට බේරාගත් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් මුලින් උපුටා දැමූ සනත්ගේ ඇති ගරු සම්බන්දන් රට බේරා සුඛිත මුදිත කරනතුරු සනත්ට සියලු දෙවිදේවතාවුන්ගේ පිහිටයි..

:       117       6

Sanath KandySunday, 18 November 2018 03:07 PM

බණ්ඩෝ, මමත් කන්ද උඩරට හොඳ බණ්ඩෙක්. එ්ත් ජාතිවාදයෙන් උමතු වූ පුද්ගලයින්ට වඩා මේ රටට ආදරය කරන කෙනෙක්. දේශප්‍රේමී සළුපිලි ඇඳගෙන රටේ මහජන දේපල කොල්ලකාපු දේශපාලක හොරුන්ට වඩා ගෞරවනීය දේශපාලනඥයෙක් වූ සම්බන්ධන් මහතාව අගය කරමි. ඔහුගේ දේශපාලන ඉතිහාසය හා භාවිතාව හොඳින් විමසා බලන්න. දෙමළ ජාතිකයෙක් වූ පමණින් ඔහුට හිමි ගෞරවය අහිමි වන්නේ නෑ. ඔහු වැනි අහිංසාවාදී දේශපාලකයින්ට හිමි තැන අහිමි කළොත් තව තවත් ප්‍රභාකරන්ලා බිහිවීම වලක්වන්න බැරි වේවි....

:       0       154

BamunuarachchiSunday, 18 November 2018 12:12 AM

කලින් හිටිය අගමැති බන්දේසියක තියලා දෙන්න පොරොන්දු වෙච්ච ඒවා මේ අගමැති ගෙන් ලැබෙන්නේ නැත.

:       4       0

BamunuarachchiMonday, 19 November 2018 12:04 PM

අන්න එතනයි වැරැද්ද... බිරින්දෑවනුත් ඉන්දියාවේම ගෙනා උඩරට අන්තිම රජුට කීකරුව පක්ෂපාතීව සිටි පුරුද්ද තවම තිබෙනවා නේද? එ්කයි සම්බන්ධන් ගැනත් ඕගොල්ලෝ එහෙම හිතන්නේ... මේ ලියන මම නොම්මර එකේ සිංහල ජාතිවාදියෙක් කියලා භය නැතිව කෑගහලා කියනවා. එ්ක මට සිංහල බෞද්ධයින් අතරේ නම්බුවක්.

:       106       0

rocky Saturday, 17 November 2018 11:44 AM

සමහරවිට ඊලම දෙන්නත් එකඟ වෙන්න පුළුවනි! සම්බන්ධන් මහත්තයෝ, අහුවෙන්න එපා. ජනාධිපති උන්නැහේ බේතකට ගන්නවත් ඇත්තක් කියන මිනිහෙක් නොවෙන වගත්, පොරොන්දු පැහැදිලිවම කඩ කරන මජරයෙක් බවත් පෙනෙනවානේ! බලාගෙන... මිරිස්කුඩු කාරයෙක් ඉන්නත් බැරි නැහැ.. ඒ හින්දා වයිපර් එකක් වත් දාගෙන යන්න!!

:       647       1082

jayaSunday, 18 November 2018 01:24 AM

හරියටම හරි.

:       0       4

JayaSunday, 18 November 2018 02:41 AM

මිරිස් කුඩු පාරක් කෑවොත් මුණ හරි හෝදගන්න පුළුවන්. හැබය් පිහිපාරක් කෑවොත් මැරෙන්නමයි වෙන්නේ. ඒක නිසා මේ අයගෙන් ප්‍රවේසම් වෙන්න.

:       23       28

NissankaMonday, 19 November 2018 04:43 PM

හැංගිලා ඉඳන් මිරිස් කුඩු ගහන්නේ මංකොල්ලකාරයෝ. රටම මංකොල්ල කාපු අයට පාර්ලිමේන්තුවේ බහුතර මතය මංකොල්ල කන එක ලොකු දෙයක් නොවෙයි.

:       0       0

senaka Saturday, 17 November 2018 02:52 PM

ගෞරවනීය දේශපාලකයෙක් වන සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාට නිවැරදි පිළිවෙත කියාදේ යයි සිතමි.

:       0       41

ajith Saturday, 17 November 2018 02:53 PM

සම්බන්ධන් හා අනුර කුමාර තම විපක්ෂයේ තනතුරු අත්හැරියා නම් මහින්ද විපක්ෂයට යාවි... ආණ්ඩුවයි, විපක්ෂයේ කට්ටියම කරන එක නරක වැඩක්...

:       16       0

Saman Sunday, 18 November 2018 11:39 AM

බලාගෙන එස්. බී. හිටියොත් කොකා, කෝලාවලට ලෙමනේඩ් මිශ්‍රකරලා ගහයි...

:       0       0

sena Tuesday, 20 November 2018 03:14 PM

ටී.එන්.ඒ එක එජාපය පස්සේ යන්නේ ඊළාම් ගැනීමට... හරියට මොහොමඩ් අලි ජින්නා ගාන්ධිතුමා පස්සේ ගිහිල්ලා පාකිස්තානය ලබාගත්තා වගේ... මහින්දගෙන් ඒවා ලැබෙන්නේ නැහැ. ඊළාම් දෙන්න පොරොන්දු වුනා නම් මහින්දට ටී.එන්.ඒ සහයෝගය ගන්න තිබුණා. නමුත් ඔහු රට පාවාදෙන වැඩ කරන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site