(එෆ්.අස්ලම්)
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.
එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරණයේ අද (11) සවස රැස්වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විවිධ අදහස් ගොඩනැගීම මත දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමට අවස්ථා දෙකකදී රැස්වීමටද සිදුවිණි.
ඒ අනුව අද පස්වරු 2.00 ට දෙවන වර්ට රැස්වී දීර්ඝ සංවාදයකින් අනතුරුව ඒකමතික තීරණයක් වශයෙන් රජයට සහාය දැක්වීමට තීරණය කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම අද සවස සිදුකිරීමටද නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ ජාතික සන්ධානයේ සහය ආණ්ඩුවට
de silva Thursday, 11 July 2019 12:59 PM
අනිවාර්යයෙන් මහින්ද ආණ්ඩුවට විරුධව ඡන්දෙ දෙන්නේ නැහැ ,
Nil Thursday, 11 July 2019 01:31 PM
දැන් මහින්ද... ආපු නැති එකද තියෙන ප්‍රශ්නේ..? මේ කාලකණ්ණි ආණ්ඩුව දිගට ගියාට කමක් නැද්ද..? නියම වහල්ලු මේ අය තමයි.
Chanak los angelesFriday, 12 July 2019 08:58 PM
නැතිව. කොහොමද අපේ සැලසුම්
BamunuarachchiMonday, 15 July 2019 01:44 PM
සැලසුම් ? මොන සැලසුම්ද?
සේන Thursday, 11 July 2019 02:42 PM
අඬු කැඩුණු කොටියා නරියන් සමඟ සිටියා. මේ කපටි නරියා බලය සොයමින් හිටියා පඹයෙක් ගෙනත් සිටුවා කෙතම නරියා දිනුවා එළු, කොටිද නැටුවා අනේ කෙතටම හෙනම ගැසුවා.
Kumar Thursday, 11 July 2019 03:50 PM
විශ්වාස භංගය පරාජය කිරීමෙන් ලබන මැතිවරණය තෙක් රටේ ස්ථාවරයක් ඇතිවුණා. ඒ ගැන ද්‍රවිඩ සංධානයට ස්තුති කරන්න ඕනේ. අතීතයේ අහිංසක ජනයාට හිරිහැර කළ පක්ෂයට ඕනෑ ආකාරයේ ජයක් නොලැබුණු එක සතුටට කරුණක්. දැන් ලොකුකම් කිව්වට 1988 මහා ඡන්දයේ පළමුවෙන් ඡන්දය දමන ඡන්ද දායකයා මරනවා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණයි.
Bandara Thursday, 11 July 2019 11:36 PM
නැතුව නැතුව
මුණසිංහ Friday, 12 July 2019 01:45 AM
අපි දන්නවා ඒක. උතුරේ ජනතාව ද්‍රවිඩ සන්ධානය විසින් ඇපයට තබා ගෙන ඉන්නවා. පහුගිය අවුරුදු 5ට උතුරේ කිසිම දෙයක් කළේ නැහැ. උතුරේ කටුක බව රදවා ගෙන ද්‍රවිඩ ජනතාවට ඒක පෙන්න පෙන්න ඡන්ද මංකොල්ල කනවා. හිගන්නාගේ තුවාලය වගේ. උතුර සංවර්ධනය කළ තරමට ද්‍රවිඩ සංධානයට අවාසියි. මහින්දට විරුද්ධ වෙන්න ප්‍රධාන හේතුව ඒක. 2015 දී උතුරත් 2019 දී උතුරත් දෙකම එකයි. මහින්ද කරපු දෙයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. උතුරට යන අපිට ඒක හොදට පැහැදිලියි.
Chanak los angeles Friday, 12 July 2019 09:05 PM
ඩි සිල්වා ඔබ හරි