IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දුම්රිය ගමන් වාර රැසක් අද - හෙට කොට උඩ

(ඩයනා උදයංගනී)

දුම්රිය රියදුරන් හා නියාමකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් හෙට (16) දිනයේදීත් දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් අද (15) දිනයේදීත් දුම්රිය ගමන් වාර 32ක් පමණ අවලංගු කර තිබූ අතර ඒ හේතුවෙන් අලුත් අවුරුද්දෙන් පසු රැකියා බලා පැමිණි ජනතාව සහ අවුරුදු ගමන් බිමන් යාම සඳහා පැමිණ සිටි ජනතාව දැඩි පීඩාවකට පත්වූහ.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12ක්, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8ක් සහ පුත්තලම හලාවත මාර්ගයේ දුම්රිය වාර 11ක් අද (15) දිනයේදී අවලංගු කර තිබිණි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය වාර 16ක්, මුහුදුබඩ මාර්ගගේ ගමන් වාර 8ක්, පුත්තලම මාර්ගයේ ගමන් වාර හතරක් සහ කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 4ක් හෙට (16) දිනයේදීත් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

එයට හේතුව අද (15) දිනයේදී සේවයට වාර්තා කළ යුතු දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් බොහෝ දෙනෙක් සේවයට වාර්තා නොකිරීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ හේතුවෙන් රැකියා සඳහා පැමිණි ජනතාවට අලුත් අවුරුද්දෙන් පසු රැකියාවට ගිය පළමු දිනයේදීත් ප්‍රමාද වී සේවයට වාර්තා කරන්නට සිදුවූ අතර පැමිණි දුම්රිය මගීන්ගෙන් පිරී තිබීම නිසා ඔනුව්ට ගමන් කිරීමට සිදුවූයේ ද දැඩි අපහසුතා මධ්‍යයේය.

අලුත් අවුරුදු සමයේදී දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවුණත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ දුම්රිය වෘත්තීය සමිති එක්වලබන ඉරිදා (18) තෙක් විශේෂ දුම්රිය කාලසටහනක් සකස් කළ බවත්, දුම්රිය රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ මෙම ක්‍රියාව හේතුවෙන් එම සැලසුම් කර තිබූ දුම්රිය ද ධාවනය කිරීමට නොහැකි වූ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

හෙට දිනයේදී ධාවනය නොවන දුම්රිය මෙසේය.

 

 



අදහස් (1)

දුම්රිය ගමන් වාර රැසක් අද - හෙට කොට උඩ

banda Thursday, 15 April 2021 09:02 PM

රැකී රක්ෂා සඳහා පිටත්ව යන නැකතට මේ උදවිය වැඩට ඒවි එතෙක් ඉවසලා ඉන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 217 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 758 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site