IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මකයි

( දිල්රුක්ෂි ග්‍රේරු)
 
කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි දැන් ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය  නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබේ.
 
සෙසු සියලු දිස්ත්‍රික්වල  දැනට පවතින ඇදිරිනීතිය  හෙට (1) බදාදා උදෑසන 6 ට ඉවතර කර යළි දහවල් 2ට පනවන බව පොලිස් මූලස්ථානය කියයි.
 
අතවශ්‍ය සේවා හැර දිස්ත්‍රික් අතර ගමනාගමනය මුළුමනින්ම නවතා ඇත.අතවශ්‍ය  සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා  යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට නීතීය තදින් ක්‍රියාත්මක කරන බවද පොලීසිය දැනුම් දෙයි.
 
සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා බැවින්  එම ක්‍රියාමාර්ග  සහ උපදෙස් වගකීමෙන් යුතුව පිළිපදින ලෙසද  පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ අටුළළුගම සහ මහනුවර  දිස්ත්‍රිකක්යේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදෙකලා ස්ථාන ලෙස නම් කර ඇත.කිසිදු පුද්ගලයෙකුට මෙම ගම්මානවලට පිවිසිමට හෝ ඉන් පිටව යාම සම්පූරණයෙන් තහනම් කර ඇත.
 
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ පිළිබඳව  මහජනතාවට දැනුම් දී තිබේ



අදහස් (2)

දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මකයි

sam Tuesday, 31 March 2020 10:06 AM

පිස්සු වැඩ නොකර ඇඳිරි නීතිය දිගටම මාසයක් දාලා කෑම බඩු තියෙන කඩවල් වලට ඩිලිවරි කරන්න දෙන්න. කඩවල් ඇති මිනිස්සු අරෙහෙටයි ‌මෙහෙටයි මිනිස්සු රස්තියාදු කරනවා. ඩිලිවරි කරන්න ඕනනම් පිස්සුනේ. පොලිසි වලටත් මේ දවස්වල ඕනෑවටත් වැඩ වැඩ තියෙනවා. කඩේ කරන මනුස්සයට එකට අවසර දෙන්න පහසු ක්‍රමයකට. මිනිස්සු පාරට යන්න ඕන නැහැනේ. මෙන්න මේ ටික පහසුවෙන් කරන්න පුළුවන් 1. කෑම බඩු තියෙන කඩවල් වලට ඩිලිවරි කරන්න අවසර දෙන්න දවසට එක වතාවක් සැම නිවසකටම 2.පාමසි ටික ඇරලා තියන්න පිස්සෙක් දෙකක් හිටියට ඒකේ සැහෙන්න අවශ්‍ය දෙයක් 3.ෑම බැංකුවකම හවස 6 සිට රාත්‍රී 12 වෙනකන් ඇරලා තියන්න. බැංකු කටයුතු අවශ්‍ය අය පමණක් එම කාලය තුල නගරයට පැමිණේවි. පරතරය තියාගන්න පුළුවන් 4.දුප්පත් මිනිස්සුන්ට හමුදාව, පොීසිය මාර්ගයෙන් ආහාර ද්‍රව්‍ය ලබා දෙන්න 4.ඇඳිරි නිතිය මාසයක්ම දාන්න. පැය කීපයකට මෙහෙම ලිහිල් කරාම. ඔක්කොම එකට පොදියට පොරකනවා .

:       2       30

wije Tuesday, 31 March 2020 04:58 PM

Sam ඔයා කියන දේවල් කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා හිතලා බලන්න. ඇදිරිනීතිය මාසයක් එක දිගට දැම්මම එදිනෙදා කුලී වැඩ කරන මිනිස්සු රස්සාව කරන්නේ කොහොමද කඩවල් වලට ඩිලිවරි කරන්න අවසර දුන්නට බඩු ගන්න මිනිස්සු ලග සල්ලි තියනවද? ඔයා ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඇති එනිසා ඔයාට ප්‍රශ්නයක් නැතුව ඇති නමුත් දුප්පත් අහිංසක දරුවෝ බඩගින්නේ අඩනකොට දෙමව්පියන්ට වෙන්නේ දරුවන්ටත් වස පොවලා තමන්ටත් වස ටිකක් බොන්න තමයි එතකොට අපේ පාලකයින්ටයි වෛද්‍ය සංගමයටයි සතුටුවෙන්න පුළුවන් වේවි කොරෝනනම් හැදුනේ නැහැ කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site